ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

මම පෙම්වතියක් නෙමෙයි – මට එහෙම කියන්න ආදර යෝජනා ගලාගෙන එන්නේ නැහැ

චුලක්ෂි රණතුංග කියන නම වගේම ඒ රූපය දැන් බොහෝ දෙනෙකුට සමීපයි. නිරූපනයෙන් හා සිනමා තිරයෙන් ජනතාවට සමීප වූ චුලක්ෂි ගැන බොහෝ දෙනෙක් කතාබහ කරනවා. විවිධ විලාසිතා නිසාත් කතාබහට ලක් වෙන චුලක්ෂි ගැනයි මේ.

ඔබේ රංගනය ගැන ඔබ සෑහීමකට පත්වෙනවාද?

පැහැදිලිවම.

චුලක්‍ෂි දැන් නිරූපණයෙන් ඈත්වෙලාද?

මම නිරූපණයෙන් ඈත්වෙලා නැහැ. කවුරු හෝ කියනවා නම් මම නිරූපණයෙන් ඈත්වෙලා කියලා එක බොරුවක්. නිරූපණයේ මම තවම ඉන්නවා. නිරූපණයෙන් මට ආරාධනා ලැබුණොත් මට සුදුසුයි කියලා හිතුණොත් අනිවර්යයෙන්ම සහභාගිවෙනවා.

නිරූපණයට ලැබෙන හැම ආරාධනාවක්ම භාරගන්නේ නැතිද?

නැහැ. ඇත්තටම නැහැ. ඉස්සරවුණත් ලැබෙන හැමදේම කළේ නැහැ. තෝරාගත්ත නිරූපණ වැඩසටහන් කිහිපයකට පමණයි මම සහභාගිවෙන්නේ. අනවශ්‍ය කාර්යබහුලත්වයකට යන්න මම කැමැති නැහැ.

චුලක්‍ෂි කැමැති සිනමා නිළියක් වෙන්නද?

ඔව්. මම කැමැති සිනමා නිළියක් වෙන්න.

ටෙලිනාට්‍ය රංගනයට ආරාධනා නැතිද?

මට එහෙම ආරාධනා ලැබිලා නැහැ. භාරගන්නේ නැහැ කියලා දෙයක් නැහැ.

සිනමාවේ මොනවගේ චරිත කරන්නද කැමැති ?

මම විවිධ වූ චරිත කරන්න තමයි කැමැතියි. කවුරු හරි කිව්වොත් චුලක්‍ෂි කිව්වොත් නිරූපිකාවක්, රූප රුජනක් කියන මාතෘකාවලින් බැහැරව වෙනස්ම චරිතයක් කරන්න ඕනෑම අභියෝගයක් භාරගන්න සූදානම්. චිත්‍රපටයක් වෙනුවෙන් අපිට අපේ ශරීරය පවා වෙනස්කරගන්න සිද්ධවෙන අවස්ථා තියෙනවා. චරිතයක් වෙනුවෙන් කැපකිරීම්කරලා සූදානම් වෙන්න තියෙනවා නම් එ අභියෝගය මම භාර ගන්න කැමැතියි. මම කැමැතියි චරිතයෙන් ලස්සනයි කියනවාට වඩා දක්‍ෂයි කියන දේ අහන්න.

ඔබ කැමැති ජනප්‍රිය නිළිය කියනවාට වඩා දක්‍ෂ නිළියක් කියලා අහන්නද?

අනිවාර්යයෙන්ම. ජනප්‍රියතාවය ලැබෙන්න ඕනෑ අපිට දක්‍ෂතාවයෙන් පස්සේ. මම හිතන්නේ නැහැ පළමුවට ජනප්‍රියතාවය ඇවිත් දෙවැනියට දක්‍ෂතාව එන්න ඕනෑ කියලා. මම කැමැති දක්‍ෂතාවය එක. ඊට පස්සේ තමයි ජනප්‍රියතාවය.

ටෙලිනාට්‍යවලට ආරාධනාවක් ලැබුණොත් භාරගන්නවාද?

කලින් කිව්ව වගේ පිටපත් රචනයේ මට යමක් කරන්න වගේම මිනිස්සුන්ට පණිවුඩයක් දෙන්න පුළුවන් චරිතයක් කරන්න තියෙනවා නම් ඒක ටෙලිනාට්‍ය හෝ චිත්‍රපට කියලා භේද කරන්න සූදානම් නැහැ. හැබැයි මම වඩාත්ම කැමැති සිනමාවට. මම කැමැති චරිතයක්නම් වගේම හොඳ තිර රචනයක් නම් වගේම එ අධ්‍යක්‍ෂවරයාට මම ආසා කරනවා නම් මම එ චරිතය භාරගන්නවා.

මෙතැනට එන අලූත් මුහුණුවලට කැපිලි කෙටිලි එමටයි කියනවා. චුලක්‍ෂිට එ ප්‍රශ්න නැතිද?

අනුන්ගේ කතාවලට සවන්දුන්නොත් වගේම එ දේවල් අහන්න ගියොත් තමයි ඔය කියන ප්‍රශ්න ඇතිවෙන්නේ. මම හිතන්නේ නැහැ කිසිම දෙයක් හරි පහසුවෙන් ලැබෙනවා කියලා. මෙතැනදී කියලා කියන්න බැහැ. මම ගොඩක්ම විශ්වාස කරන දෙයක් තමයි අපි මොනවා හරි දෙයක් කරලා තියෙනවා නම් එක ආපහු තමන්ට ලැබෙනව කියන දේ. කැපිලි කෙටිලිද මොනවාද කියන්න මම දන්නේ නැහැ. මම තව කෙනෙකුගේ දෙයක් විශ්වාස කරන්න අකමැතියි. එක මගේ කන්දෙකට ඇහෙනකම්.

විවාහය ගැන හිතන්නේ නැතිද?

නැහැ. මම දැන්ම විවාහය ගැන හිතන්නේ නැහැ.

එ කියන්නේ දැනට පෙම්වතියක් ?

නැහැ. මම පෙම්වතියක් නෙමෙයි.

මේ තියෙන ජනප්‍රියත්වයත් එක්ක ආදර යෝජනා ගලාගෙන එනවා ඇති නේද?

මට එහෙම කියන්න ආදර යෝජනා ගලාගෙන එන්නේ නැහැ.

චුලක්ෂි රණතුංගගේ සරාගී චායාරුප පෙළක් පහතින්.

01

02

03

04

05

06

07

08

09

10

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button