දේශීය පුවත්

සේවකයන්ට එන්නත නොදුන්නොත් ලබන සතියේ පෞද්ගලික බස් වර්ජ’නයක්

එළැඹෙන ඉදිරි සතිය තුළ පෞද්ගලික බස්වල රියැදුරන්, කොන්‍ෙදාස්තරවරුන් සහ හිමිකරුවන්ට කොවිඩ් – 19 එන්නත ලබාදීමට රජය පියවර නොගතහොත්, ඊළඟ සතියේ සිට පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත් වන්නේ යැයි ලංකා පෞද්ගලික බස් සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹදී ඊයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පැවැසීය.

කොවිඩ් – 19 වසංගතය හමුවේ පෞද්ගලික බස් කර්මාන්තය කඩා වැටී ඇතැයි පැවැසූ ඔහු වර්තමානයේ බස් හිමිකරුවන් සහ සේවකයන් මුහුණ දී ඇති ගැ’ ටලු සම්බන්ධයෙන් මෙලෙස පැහැදිලි කළේය. මේ වනවිට පෞද්ගලික බස් රියැදුරන් සහ කොන්‍ෙදාස්තරවරුන් සියයකට අධික පිරිසක් කොවිඩ් – 19 වසංගතයට ගොදුරු වෙලා ඉවරයි.

මෙවර අපි මුහුණ දී තිබෙන කොවිඩ් – 19 තුන්වැනි රැල්ල රට පුරා පැතිරීමට වත්මන් රජය වගකිව යුතුයි. මේක පටන් ගැනීමේදී අපි ඔවුන්ට මේ වග දැනුවත් කළත් ඔවුන් ඒ ඉල්ලීම් නොසලකා හැරියා. මේ වනවිට මුළු රටම තුන්වැනි කොවිඩ් – 19 රැල්ලට ගොදුරුවී ඉවරයි.

නිරතුරුවම මගීන් සමඟ එකට ගැටෙමින් අවදානම් රැකියාවක නිරත වන පෞද්ගලික බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන්ට සහ හිමිකරුවන්ට කොවිඩ් – 19 එන්නත ලබාදෙන ලෙස ලිඛිතව ඉල්ලීමක් කරමින් මීට මාස දෙකකට පෙර අපි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කළා. එම ලිපියේ පිටපත් අපි ප්‍රවාහන ඇමැතිවරයා වෙතටත් ලියාපදිංචි තැපෑලෙන් ලැබීමට සැලැස්වුවා. ඒත් මෙතෙක් ඒ සඳහා කිසිදු සාධාරණ ප්‍රතිචාරයක් ලැබුණේ නෑ.

ඒ වගේම ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සමඟත්, මහාචාර්ය චන්න ජයසුමන මහතා සමඟත් අපේ ගැටලුව සාකච්ඡා කළා. ඒත් කවුරුත් මේ ගැටලුවට පිළිතුරක් දුන්නේ නෑ. මේ වනවිට අපේ බස් හිමිකරුවන්ට නියාමන ආයතනවලින් මාස හයක් දිව්වේ නෑ කියලා රුපියල් 30,000ක් දඩ ගහන බව දන්වලා.

නියාමන ආයතනවලට දූෂිත පුද්ගලයන් පත්වී තිබීම බරපතළ අවාසනාවක්. සේවකයන් එන්නේ නැත්තේ ජීවිත අවදානමකට මුහුණ දෙන්න බැරි නිසා. පොදු ප්‍රවාහනය කියන්නෙත් අත්‍යවශ්‍ය සේවාවක්. මේ වනවිට අපි 25%ක් බස් රථ ධාවනයට යොදවා තිබෙනවා. ඒ වගේම කාර්යාල සේවයටත් 15% පමණ බස් යොදවනවා. අපි රජයට කියන්නේ එක් අසුනකට එක් මගියෙක් වශයෙන් ගෙනියන්න නම් අපිට 50% සහන මිලකට ඉන්ධන ලබාදෙන්න. ඒ වගේම සහනදායී මූල්‍යමය ආධාරයක් ලබාදී බස් කර්මාන්තය කඩා වැටීමට නොදී රැකගන්න කියලයි.

පසුගිය සතියේ දුම්රිය ධාවනයද මඳක් ඇනහිටියා. ඒත් අපි තවමත් අඛණ්ඩව සේවය කරනවා. අපේ සේවකයන්ගේ ඥාතීන් කිහිපදෙනකු මේ වයිරසයෙන් මි’ යගොස් තිබෙනවා. ඒ වගේ අවාසනාවන්ත හේතූන් මත ඔවුන් නිරතුරුවම අපේක්ෂා කරන්නේ ජීවිත ආරක්ෂා කර ගැනීමට යැයි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button