විශේෂාංග

රටේම ආදරේ දිනාගත් හදවතේ ගායිකාව, ශෂිකා නිසංසලා ඇගේ දුක්බර අතීතය සංවේදීව හෙලි කරයි

ජනප්‍රිය ගායන ශිල්පිනියක් ලෙසට එක දිගට සම්මානයෙන් පිදුම් ලද ප්‍රවීණයන් හා උරෙන් උර ගමනක යන ජනප්‍රිය ගායන ශිල්පිනියක් තමයි සශිකා නිසංසලා කියලා කියන්නේ. ඉතින් සංගීත ලෝකය තුල කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙන දක්ෂ සම්මානනීය ගායන ශිල්පිනියක් විදිහටත් ඇයව හඳුන්වලා දෙන්න පුළුවන්.

ඉතින් ඇය කාලෙකට පස්සේ ඇයගේ අලුත්ම කළා කටයුතු ගැන වගේම ඇයගේ පෞද්ගලික ජීවිතේ ගැනත් මෙන්න මේ විදිහටයි අපිට කිවුවේ. මගේ අලුත්ම චන්ද්‍රා පායන්න කියන ගීතය ලස්සන කරන්න බොහෝ දෙනෙක් දායකත්වය ලබා දුන්නා. මම ක්ෂේත්‍රයේ වැඩ කරද්දී වෙනස් නිර්මාණ හොයනවා. ඒ ගීතය අහද්දී ඒ තනුවේ වගේම පද වලත් මට වෙනසක් දැනුනා. ඊට පස්සේ තමයි මන් ඒ ගීතය ඉල්ල ගත්තේ.

ගීතය ගැන අපි තුන් දෙනා බොහෝ දේවල් සාකච්චා කිරීමෙන් පස්සේ තමයි හොඳ ගීතයක් නිර්මාණය කරන්න පුළුවන් වුනේ. චමිල් පතිරණට තමයි මෙහි රූප රචනය පැවරුනේ. ඔහු ලස්සන තේමාවක් එක්ක රූප රචනය ලස්සනට කළා. ගීතය ප්‍රචාරය වෙලා දවස් තුනක් යන්නත් කලින් ලක්ෂ තුනකට වඩා ගීතය නරඹලා තිබුණා.

ඉතින් ඒ නැරඹූ බොහෝ දෙනාගෙන් හොඳ යහපත් ප්‍රතිචාර ලැබුණා. මම අවුරුද්දකට එක ගීතයයි කරන්නේ. ගීතය මුලින්ම විදින්නේ මම තමයි. ඒ ගීතය මට දැනෙනවද කියලයි මම බලන්නේ. මට දැනෙනවානම් රසිකයනුත් ඒකට කැමති වේවි කියන හැඟීම මට තියනවා. ඒ හැඟීම බොහෝ විට සාර්ථකයි. කෙනෙක් ගීතයක් විදින්නේ එයින් හිත් සැහැල්ලු කර ගන්න. මගේ ගීත වලින් ඒ සැහැල්ලුව දැනෙන බව මට නිතරම ලැබෙන ප්‍රතිචාර වලින් ඇත්තටම මන් තේරුම් ගන්නවා.

මට මේ තැනට එන්න උගන්වපු, උදව්කරපු සියල්ලන්වම මට මතකයි. නම් කිය කියා නිතර මතක් නොකලට ඒ අයට මගේ තියන ගෟරවය ඔවුන් දන්නවා. මාව මේ තැනට ගෙන්න මගේ අම්මා තාත්තා ලොකු කට්ටක් කෑවා. අපිට ලොකු ආර්ථික පසුබිමක් තිබ්බේ නැහැ. ක්ෂේත්‍රයට එන්න හදපු මුල් කාලේ ඕන තරම් කකුලෙන් ඇදිලි තිබුණා.

ඒ හැම දේකදිම මගේ දෙමව්පියෝ වගේම මගේ සහෝදරයා මට ලොකු ශක්තියක් වුණා. මගේ තාත්තට තමයි මාව ගායිකාවක් කරන්න ඕනේ උනේ. ඔහු වෙහෙසුනේ මාව උගත් ගායිකාවක් කරන්න. මම ඉගෙන ගත්ත පාසල් වල ගුරුවරු විදිහල්පති වරු මට උගන්නපු දේවල් තමයි මන් ප්‍රයෝගිකව දැන් පාවිච්චි කරන්නේ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ. ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනියගේ ආදරණීය කැදැල්ලේ සුන්දර ඡායාරූප පෙළක් දැන් ඔබට නරඹන්න පුලුවන්.

 

01

 

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

18

 

19

 

20

 

21

 

22

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button