ගොසිප් පුවත්තරු හුට පට

මේ දවස්වල කොල්ලෝ පිස්සු වැටිලා ඉන්න සුරූපී නිලි අමන්දා ජයරත්න කාලෙකට පස්සේ කියපු කතාව

සිත්, සිදූ, ආලියා, තාදි කියන ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයන් අතරට එන මේ සුන්දර සුරූපිනිය අමන්දා ජයරත්න වර්තමානයේ සිටින යොවුන් ජනප්‍රිය රංගන ශිල්පිනියක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනිය ඇයගේ කළා කටයුතු ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැනත් ඇය අපිට කිවුවේ මෙන්න මෙහෙමයි.

මම මේ දවස් වල අලුත් ටෙලිනාට්‍ය කිහිපයක් සමඟ සම්බන්ධ වෙලා වැඩ කරනවා. නම් වශයෙන් කිවුවොත් සිත්, සිදූ, ආලියා හා තාදි කියන ටෙලි නාට්‍ය වල තමයි මේ දවස් වල වැඩ කරන්නේ. තවත් ටෙලි නාට්‍යය දෙක තුනකට කතා කරලා තියනවා. ඉදිරියේදී ඒ ගැන කියන්නම්. මේ දවස් වල මට හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි මට. මොකද, මම කරපු හැම චරිතයකටම වගේ ප්‍රේක්ෂකයෝ ගොඩක් ආදරය කළා. හැබැයි ගොඩ දෙනෙක් කැමති නැහැ මම නපුරු, සැර චරිත කරනවාට. ඒ ඉතින් එයාලා කැමති විදිහනේ. රංගන ශිල්පිනියක් වුනාම ඕනෑම චරිතයක් කරන්න පුළුවන් වෙන්න ඕනේ.මම කැමතියි ගොඩක් මේ වගේ විවිධ චරිත මට රඟපාන්න ලැබෙනවා නම්.

මම කරපු පළමු නිර්මාණයෙන් පස්සේ මට වැඩ ගොඩක් ලැබුණා. නමුත්, ඒ වැඩ මට ප්‍රතික්ෂේප කරන්න වුණා මගේ උපාධිය සම්පුර්ණ කරන්න ඕනේ නිසා. ඒත් දැන් මගේ අධ්‍යාපන කටයුතු සියල්ල අවසන් වෙලා තියන නිසා ලැබෙන වැඩ භාර අරගෙන කරනවා. අදටත් මම නිර්මාණ කිහිපයකම එකවර වැඩ කරන්නේ ඒ හින්දයි. මම හිතනවා මම දැන් රංගන ශිල්පිනියක් විදිහට ස්ථාවර වෙලා තියනවා තියනවා කියලා. රංගනය කියලා කියන්නේ අපිට දවසින් දෙකකින් හදාරලා අවසන් කරන්න බැරි දෙයක්. අපිට හැමදාම රංගනය කියන දේ තුලින් ඉගෙන ගන්න දේවල් තියනවා.

ඉතින් මම හැමදාම මේ අලුත් වෙන කලාවත් එක්ක රැදිලා ඒ දේවල් හදාරමින් ඉන්නවා. මට සිනමාවට සම්බන්ධ වෙන්නත් ආරාධනා කිහිපයක්ම ආවා. හැබැයි මට රඟපාන්න ලැබුණු චරිත පිළිබඳව මට සෑහීමට පත් වෙන්න බැහැ. මොකද මට ගැලපෙන එකක් නේ මම කරන්න ඕනේ. එතකොටනේ ඒ චරිතය වුනත් මට හොඳට කරන්න පුළුවන්. ඉතින් හොඳ චිත්‍රපටයක හොඳ චරිතයක් ලැබුනොත් මම භාරගන්නවා කියලයි ඇය අවසාන වශයෙන් පැවසුවේ. ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනියගේ අපූරු ඡායාරූප පෙළක් ඔබට පහතින් නරඹන්න.

Courtesy – Kotuwapaththare

 

01

 

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button