දේශීය පුවත්ප්‍රධාන පුවත්

මැයි 30 දක්වා සියළුම පළාත් අතර සංචරණ සීමා පනවයි

කොවිඩ් 19 වසංගතය පිටුදැකීම සඳහා සියලු පාර්ශ්වයන් සමග ජනාධිපතිතුමා පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මැයි මස 30 වැනිදා දක්වා,සියලු පළාත් අතර සංචාරණ සීමා පැනවීමටත්,පිරිස් එක් රැස්වී කරන සියලු සම්භාෂණ අවස්ථා අවලංගු කිරීමටත්,වෙළෙඳ ආයතන තුළට පිවිසීමේ හා රැදී සිටිය හැකි පුද්ගල සංඛ්‍යාව සීමා කිරීමටත්,ආසාධිතයන් බහුලව හමුවන ප්‍රදේශ හුදකලා කිරීම වැනි ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමටත් ජනාධිපතිතුමා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.

රාජ්‍ය ආයතන වෙත නිලධාරීන් කැඳවිය යුතු ආකාරය ගර්භණී නිලධාරිණියන් සේවයට නොකැඳවීම ඇතුළු කරුණු කිහිපයක් ඊට ඇතුළත්.

එම චක්‍රලේඛයට අනුව රජයේ කාර්යයන් බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය අවම කාර්ය මණ්ඩලය සේවයට කැඳවා ගැනීමට තිරණය කිරීමේ බලය අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ආයතන ප්‍රධානීන් වෙත පැවරෙනවා.

එමෙන්ම සේවා මුර ක්‍රමයට හෝ සේවයට කැඳවීමට අනුගමනය කරන විධිමත් ක්‍රමවේදයකට අනුව සේවයට නොකැඳවූ දිනකදී වුවද සෑම රජයේ නිලධාරියෙකුම ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ස්වකීය රාජකාරියට අදාළ කාර්යයන්හි යෙදීමට සූදානම්ව සිටිය යුතු වනවා.

කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් රාමසාන් අවුරුදු යාඥා මුස්ලිම් දේවස්ථානවල නොපවත්වන ලෙසට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

රාමසාන් උත්සව දිනයේදී සෑම මුස්ලිම් පල්ලියකම යාඥා නොපවත්වන ලෙසටත් එදින මුස්ලිම් දේවස්ථාන වසා තබන ලෙසත් ශ්‍රී ලංකා වකුෆ් සභාව ඉල්ලා සිටිනවා.

එදිනට සංචරණය සීමා කර නිවසේ සිට පවුලේ අය සමඟ ඊදුල් ෆිතර් උත්සවය සමරන ලෙසයි වකුෆ් සභාව ඉල්ලා සිටින්නේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button