custom_html_banner1
දේශීය පුවත්

ජනපති ගෝටාභය පැය 15ක් වැඩ කරනවා – මා නම් එපමණ කරන්නේ නෑ

custom_html_banner1
Spread the love

ආණ්ඩුවක් පිහිටුවලා ඒ ආණ්ඩුවෙන් පුළුවන් තරම් ප්‍රයෝජනය ගැනීම ජනතාව සතු වගකීමක් යැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

රුපියල් කෝටි 14ක වියදමෙන් මහල් හතරකින් යුතුව ඉදිකළ බේරුවල ප්‍රාදේශිය සභා බහු කාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව කියා සිටියේය.

අග්‍රාමාත්‍යතුමා කළ සම්පූර්ණ කතාව මෙසේය.

බේරුවල ප්‍රාදේශිය සභා බහු කාර්ය ගොඩනැගිල්ල විවෘත කරන්න අවස්ථාවක් ලැබුණ එක ගැන මම සන්තෝෂ වෙනවා. අපි ගමකට සේවය කරනවා නම් ඒ සේවය ලබා ගන්නා තැන හොඳට තියෙන්න ඕන කියලයි අපි විශ්වාස කරන්නෙ.

සේවයක් කරන්න සේවය කරන ස්ථානය බලපානවා. අද සභාපතිතුමාට නව ගොඩනැගිල්ලක් ලැබිලා තියෙනයා. මෙහි එන ජනතාවට වුණත් ඉන්න තැනක් තියෙනවා. ඒ නිසා හොඳ පරිසරයක් තුළ ඉඳගෙන තම සේවාව කරන්න මෙහි සේවකයන්ට පුළුවන් කම තිබෙනවා. සේවාව ලබා ගන්නා තැනත්තාටත් ඒ පහසුව ලැබෙනවා.

මේ වගේ සභාපතිවරයෙක් ගැන අපි සන්තෝෂ වෙනවා. මොකද තමන්ට රජයෙන් සහ අනෙකුත් අංශවලින් ගත හැකි හැම උදව්වක්ම අරගෙන තම ප්‍රදේශය සංවර්ධනය කරන්න ගරු ඇමතිතුමන්ලා, මන්ත්‍රිතුමන්ලා සමඟ එකතු වෙලා මෙතුමා කටයුතු කරලා තියෙනවා.

අපි අද වෙනකොට ආණ්ඩු බලය අරගෙන අවුරුද්දක් වගේ කෙටි කාලයක්. හාමුදුරුවනේ ඒ කාලයෙනුත් මාස හතරක් වගේ තමයි ආණ්ඩුව කරන්න පුළුවන් උනේ. අනෙක් කාලය ගැන පසුගිය කාලයේ තිබුණ තත්ත්වය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍යය නැහැ.

custom_html_banner1

කෙසේ වෙතත් අද විශේෂයෙන් නගරයට වඩා ගම පිළිබඳව කටයුතු කරන්න අපි සියලු දෙනා මහන්සි වෙනවා. ගමට නගරයේ තිබෙන පහසුකම් ලබා දීම අපේ වගකීමක් හා යුතුකමක්. ඒ කාර්ය අපි ඉටු කරනවා.

කෙනෙකුට වතුර ටික, විදුලිය, මහා මාර්ග ලබා දෙන්න පුළුවන් නම් සියලු කටයුතු වලින් ගමක් දියුණු කරන්න පුළුවන් කම තියෙනවා. එමගින් පළාතක් දියුණු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කාර්යභාරයට අප මුල් තැන දී කටයුතු කරනවා.

විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පැය 15 ක් විතර වැඩ කරන නායකයෙක්. ඇත්ත කියන්න ඕන එච්චර නම් මම වැඩ කරන්නෙ නැහැ. නමුත් එතුමා ඉඳගෙන මේ සියලු ආයතන ගැන, පළාත් පාලන ආයතන ගැන, අවබෝධයක් ඇතිව තමයි තමන්ගෙ වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කරන්නෙ. ඒ නිසා අපි ඉන් ප්‍රයෝජනය ගන්න ඕන.

ආණ්ඩුවක් පිහිටුවලා ඒ ආණ්ඩුවෙන් පුළුවන් තරම් ප්‍රයෝජනය ගැනීම ජනතාව සතු වගකීමක් ලෙස මම දකිනවා. එහෙම නැතිව ඇමතිවරු පත්කරලා, මන්ත්‍රිවරු පත්කරලා, සභාවක් ගොඩ නගලා, මන්ත්‍රිවරු පත්කළා දැන් අපට වැඩේ කෙරෙයි කියලා පැත්තකට වෙලා ඉන්න ගියොත් ඉන් පළාතට වගේම තමන්ටත් පාඩුවක් වෙන්නෙ.

ඒ නිසා තමන් පත් කරන මන්ත්‍රිවරයා, තමන් පත් කරන සභාපතිවරයා, තමන්ගේ දේශපාලන නායකයෙකු ලෙස පත්කරගත්තට පස්සෙ ඔබේ වගකීම තමයි ඔහුගෙන් හෝ ඇයගෙන් ප්‍රදේශය සඳහා ඔවුන් ලවා වැඩකරවා ගැනීම, එය කර ගැනීමේ අයිතිය ඔබට තියෙනවා. ඒ අයිතිය ඔබ පාවිච්චි කරයි කියන විශ්වාසය අපට තියෙනවා.

තමන්ගෙ පළාත දියුණු වුණොත් තමයි අවට තිබෙන අනෙක් පළාත් දියුණු කරන්න පුළුවන් වෙන්නෙ. ඒ නිසා මම සංන්තෝෂ වෙනවා මේ ස්ථානයට ඇවිල්ලා මේ කටයුත්තට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබීම පිළිබඳව. ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක් වේවා ! යැයි අග්‍රාමාත්‍යතුමා පැවැසීය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන්වන පියල් නිශාන්ත, ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන අනූප පැස්කුවෙල්, සංජීව එදිරිමාන්න, මර්ජාන් ෆලීල්, බස්නාහිර පළාත් හිටපු මහ ඇමැති ඉසුරු දේවප්‍රිය, බේරුවල ප්‍රාදේශිය සභාවේ සභාපති මේනක විමලරත්න ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් හා ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.

රොහාන් වැලිවිට
-අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button