ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

කවුරුත් දැකලා නැති ළඟදී විවාහ වුණා ගිරිරාජ්ගේ ආදරණීය දුව

මේ දිනවල ලංකාවේ අතිශයින්ම ජනප්‍රිය බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් නාට්‍යයක් තමයි නාඩගම්කරයෝ කියලා කියන්නේ. ඉතින් නාඩගම්කරයෝ සමඟ රඟපාන චරිත හැම එකක්ම පාහේ ප්‍රේක්ෂකයින්ගේ එදිනෙදා කතා බහට මාතෘකා වෙන තරමට හිතට වැදිලා තියනවා. සරලවම කියනවානම් කෝච්චියේ බස් නැවතුම්පලේ වගේම කාර්යාලයේ කැන්ටිමේ වගේම වෙලදපොලේ නාඩගම්කාරයන්ගේ කෙරුවාව රජ ගමනක යමින් තියනවා.

ඉතින් ඒ සියලු සිදුවීම් අතර සරා තරමටම තවත් ජනප්‍රිය චරිතයක් තමයි කුකුළා හෙවත් කුකුළා ලකුණ එහෙමත් නැත්තන් කුකුළා මුදලාලිගේ චරිතයට පන පොවන ගිරිරාජ් කෞශල්‍ය කියලා කියන්නේ. ඉතින් කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙන ඔහුගේ දියණිය අමන්ද්‍යා උත්පලීගේ විවාහ මංගල උත්සවය පහුගිය දවසක ඉතාමත්ම උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා ඔබට මතක ඇති. ඉතින් ඔවුන්ගේ විවාහ මංගල්‍යයේ රසබර පුවත් අපි ඔබ වෙත අරගෙන ආවත් ඔබට මතක ඇති. ඉතින් විවාහයෙන් පස්සේ මදුසමය ගත කරන්න ගිය මේ දෙන්නාගේ ඉතාමත්ම ආදරණීය ඡායාරූප පෙළක් මේ වනවිට ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාලා වලට එකතු කරලා තියනවත් අපිට දැකගන්න ලැබුණා. ඉතින් මේ විදිහට මේ දෙන්නා මදුසමය ගත කරන අතරේ අමන්ද්‍යා උත්පලීගේ ආදරණීය සැමියාගේ උපන්දිනෙත් ඔවුන් සමරන්න අමතක කරලා තිබුනේ නැහැ.

ඉතින් මේ දෙන්නත් එක්ක එකතුවෙලා සමරපු ඔහුගේ උපන්දිනයේ අපූරුවත් අපි ඔබ වෙත අරගෙන එන ගමන් මේ ආදරණීය දෙපලගේ යුග ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන අතරේ අමන්ද්‍යා උත්පලීගේ ආදරණීය සැමියාට අපි සුබම සුබ උපන්දිනයක් කියලත් සුබපැතුම් එක්කරමු. ඉතින් මේ ආදරණීය යුවල උපන්දිනය සමරපු ආකාරය සහ ඔවුන්ගේ සුන්දර ඡායාරූප පෙළක් ඔබට පහතින් නරඹන්නට පුළුවන්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button