ප්‍රධාන පුවත්විදෙස් පුවත්

ඉන්දියාවේ සුව වූ කොවිඩ් ආසාදිතයින්ට මාරාන්තික කළු පුස් රෝගයත් වැළඳේ

ඉන්දියාවේ කොරෝනා වසංගතයේ දෙවන රැල්ලෙන් දැඩි ලෙස පීඩාවට ලක්ව සිටින, සුව වූ සහ සුවය ලබමින් සිටින කොරෝනා රෝගීන් අතරත් තවත් දුර්ලභ මාරාන්තික කළු පුස් රෝගය පැතිර යන බව BBCය වාර්තා කරනවා.

කණ, නාසය සහ උගුර ආශ්‍රිතව පැතිරෙන මෙම කළු පුස් ආසාදනය ඇස් සහ මොළය දක්වාම පැතිර යා හැකි බවයි අනාවරණ වී ඇති අතර ඇතැම් විට මෙහිදී අන්ධභාවයද ඇතිවිය හැකි බවයි වාර්තා වන්නේ.

මෙලෙස කොරෝනා ආසාදිත රෝගීන් අතර පැතිරෙන මියුකෝ මයිකොසිස් නැමැති දිලීරය පසේ, ශාඛවල මෙන්ම නරක්වන එළවළු සහ පළතුරුවලද දැකිය හැකි වූවත්, නීරෝගී පුද්ගලයින්ට ආසාදනය වන්නේ කලාතුරකින්.

ආසාදිතයෙක් මරණයට පත් වීමේ 50%ක පමණ සම්භාවිතාවක් ඇති මෙම තත්වයට හේතුව ලෙස වෛද්‍යවරුන් අනුමාන කරන්නේ කොවිඩ් අසාධ්‍ය වූ රෝගීන්ට ලබා දෙන දැඩි ප්‍රතිකාර තත්වයන් වේ. මෙහිදී ප්‍රතිශක්තිය පහත වැටීම හේතුවෙන් මෙම මියුකෝ මයිකොසිස් සක්‍රීය වෙතැයිද වෛද්‍යවරුන් අනුමාන කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button