custom_html_banner1
දේශීය පුවත්

ඇණවුම් කළ එන්නත්වලින් කොටසක් ලබන සතියේ මෙරටට

custom_html_banner1
Spread the love

මෙරට මිලියන 9ක ජනතාවට ලබාදීම සඳහා ඇණවුම් කළ එන්නත් තොගයෙන් පළමු කොටස ලෙස එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් තවත් දින 7ක් තුළ මෙරටට ලැබීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද (15) උදෑසන දෙරණ අරුණ වැඩසටහන සමග සම්බන්ධවෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.එහිදී යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ,

“බොහෝදුරට ඉදිරි සති කිහිපය තුළදී ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට අමතරව සාමාන්‍ය ජනතාවට එන්නත ලබාදීමට කටයුතු කරයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. මිලියන 9කට එන්නත්කරණය සඳහා රජය විසින් එන්නත් ඇණවුම් කරලා තියෙනවා මේ වනවිටත්.”

“ඒ අනුව මේ ඇණවුම් කරනු ලැබූ එන්නත්වල පළමු කොටස, ලක්ෂ 5ක් තවත් සතියක් තුළදී ලංකාවට පැමිණෙයි. ඒ අනුව එන්නත් මිලියන 18ටම ලංකාවට පැමිණීමට නියමිතයි.”

“ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයත් අපිට එන්නත් ලබාදීමට නියමිතයි. ඒ එන්නතේ ප්‍රථම කොටස මාර්තු මාසයේ පළමු හෝ දෙවන සතියේ ලැබීමට නියමිතව තිබෙනවා.”

“ඒ අනුව ලබන සතියේ සිට සාමාන්‍ය ජනතාවට එන්නත්කරණය ආරම්භ කිරීමට නියමිතයි. ඒ කණ්ඩායම් හඳුනාගෙන අවසන්. ඉන් ප්‍රථමයෙන්ම දීම සඳහා සුදුසු කණ්ඩායම තමයි තෝරගන්න තියෙන්නෙ. මමත් තවමත් එන්නත ලබාගෙන නෑ. මොකද හමුදාවේ ඉදිරිපෙළ කණ්ඩායම්වලට අවස්ථාව ලබාදිය යුතු නිසා.”

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button