විශේෂාංග

හඳහන විස්වාස කරනවා, හඳහන නො’ගැලපුනා නම් අපි දෙන්නා විවාහ නො’වෙන්න ඉඩ තිබ්බා – දසුන්ගේ බිරිඳ

දසුන් ශානක කියන්නේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට එකතු වූ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. ඔහු කාලයක් ආදරේ කළ ආදරවන්තිය එක්ක අතිනත ගත්තා. විවාහ ජීවිතයත් ක්‍රිකට් ජීවිතයත් එක්ක කාර්යබහුල වෙන දසුන් අලුත් ජිවිතේ ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වුණා. දසුන් වගේම දසුන්ගේ ආදරණිය බිරිඳ චෙවන්ති පෙරේරා අපිත් එක්ක කළ කතාබහයි මේ.

විවාහයත් එක්කම ක්‍රිකට් තරඟ ආරම්භ වෙනවා, අවුරුදු දෙකහමාරකට නේද යළිත් ජාතික කණ්ඩායමට එකතු වෙලා ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුණේ..? 
අවුරුදු දෙකහමාරක් ටෙස්ට් සංචිතයකට ඇතුලත් වුණේ නැහැ. පසුගියදා ක්ලබ් තරඟ පැවැත්වුණා. මම නියෝජනය කළේ SCC කණ්ඩායම. නායකත්වයත් දැරුවා. එහිදී ශතක තුනක් ලබා ගන්න පුළුවන් වුනා තරඟ පහකදී. ඒ වගේම මම තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. අවස්ථාව ලැබුනොත් හොඳින් ක්‍රීඩා කරනවා.

වසර දෙකහමාරකින් ටෙස්ට් තරඟයක් නියෝජනය කරන්නේ, පසුගිය කාලයේ කොරෝනා වසංගතයත් එක්ක පිටිය මැද පුහුණුවීම් මඟ හැරුනා. මේ සියලු හේතු එක්ක මෙවර තරඟය අභියෝගයක් නෙමෙයිද..? 

ඒ හැම දෙයක්ම ඇත්ත. නමුත් පසුගියදා පැවති ක්ලබ් තරඟ නියෝජනය අපි හැමෝටම යළිත් උත්තේජනයක් වුනා. ඒ නිසා මම හිතනවා අපි හිටපු රිද්මය අපිට ගන්න පුළුවන් වුනා කියලා. ඒ වගේම මේ දිනවල ම’හන්සිය නොබලා පුහුණුවීම් වගේම ශාරීරික යෝග්‍යතා ගැන උනන්දු වෙනවා. ඒ නිසා බංගලාදේශ කණ්ඩායම එක්ක හොඳ තරඟයක් අපේ ක්‍රීඩකයින්ට දෙන්න පුළුවන් වෙයි.

විවාහයත් එක්ක කොහොමද කණ්ඩායමෙන් ලැබෙන ප්‍රතිචාර..? 
හැමෝම මට විහිළු කළා. හන්මුන් යන්නේ නැතුව ප්‍රැක්ටිස් ආවා කියලා. විවාහ උත්සවය අවසන් වුණ පහුවදා උදේ මම ප්‍රැක්ටිස් ගියා. මට නිවාඩුවක් ගන්න කිව්වත් මම ගත්තේ නැහැ. පුහුණු වීම මඟ හැරෙන නිසා. හැමෝම එක එක විදිහට ප්‍රතිචාර දැක්වුවා.

දසුන්ගෙන් පසුව ඔහුගේ ආදරණිය බිරිඳ එක්ක කතා කරන්න හිතුවා, මේ ඇය කියන කතාවයි.. 

නිදහසේ දෙමාපියන් එක්ක ජිවත් වුණු චෙවන්තිට විවාහ ජිවිතේ වගකීම් බරක් විදිහටද දැනෙන්නේ..? 
දසුන් එක්ක ජිවත් වෙන්න හරිම ලේසියි. අපි දෙන්න අතරම තේරුම් ගැනීම තියෙනවා. ඒ නිසා විවාහ ජිවිතේ බ’රක් විදිහට තවම මට දැනුනේ නැහැ. ඒක වගකීමක්.

නමුත් ඒ වගකීම සතුටින් කරන්න මට පුළුවන් කමක් තියෙනවා කියලා මම හිතනවා. අපි ජිවත් වෙන්නේ දසුන්ගේ අම්මයි තාත්තයි එක්ක. තවමත් ගෙදර උයන්නේ අම්මා. දසුන්ට නංගිලා අක්කලා නැහැ. මල්ලි විතරයි ඉන්නේ . ඒ නිසා හැමෝම මට හරිම ආදරෙයි . ඒ දෙමාපියෝ දෙන්නා මගේම අම්මා තාත්තා වගේ. ඒ සමගිය නිසාම මම සැහැල්ලුවෙන් සාමාන්‍ය විදිහට ජිවත් වෙනවා.

කොහොමද දෙන්නා මුණගැහෙන්නේ..? 
යාලුවෙක්ගෙ මාර්ගයෙන් තමයි අපි මුණගැහෙන්නේ, වසර දෙකක් තුනක් යාලුවෝ විදිහට ආශ්‍රය කළා. ඊට පස්සේ තමයි ඔහු මට විවාහ යෝජනාවක් ගෙනාවේ. අපි යාළුවෝ විදිහට හිටපු නිසා ඔහුගේ යෝජනාව මට පුදුමයක් වුණා. එයාට අ’ක මැති වෙන්න මට හේතු තිබ්බේ නැහැ. ඔහු ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියලත් මුලදී මම දන්නේ නැහැ.

යාළුවො වගේ ඉන්න කාලේ එයාට මම ගැන කැමැත්තක් තියෙනවා කියලා තේරුනෙත් නැහැ. එයා මගෙන් ඇහුවා මැ’රී කරන්න කැමතිද කියලා. මම ඇත්තටම කන්ෆි’යුස් වුනා. මම එයාට කිව්වා මගේ දෙමාපියන්ගෙන් අහන්න කියලා. එයා ගෙදරට ඇවිත් එයාගේ යෝජනාව කිව්වා. තාත්තා දසුන්ට කිව්වේ ඔයාලා දෙන්නා ආශ්‍රය කරලා කැමති නම් ගැලපෙනවා නම් විතරක් බඳින්න කියලා. අපේ කැමැත්තට දෙපාර්ශවයෙන්ම ආශීර්වාදය ලැබුනා. ඊට පස්සේ අවුරුදු දෙකහමාරක් විතර ආදරේ කරලා තමයි විවාහ වුණේ.

ඔහු ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියලා දෙමාපියන් වි’ රු’ද්ධ වුණේ නැද්ද..? 
අපේ ගෙදර එනකොට එයා ඒ තරම් ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක් නෙමෙයි. මගේ අම්මා තාත්තා එයාගෙන් හෙව්වේ හොඳ පුතෙක්ගේ ගතිගුණ විතරයි. එයාගේ ගති පැවතුම් නිසා තමයි එයාට කැමති වුනේ.

හදහන විශ්වාස කරනවද..? 
හඳහන විස්වාස කරනවා. අපි දෙන්නගෙම වාසනාවට හඳහන හොඳට ගැලපුනා. හඳහන නොගැලපිලා දෙමාපියෝ වි’රු ‘ද්ධ වුනා නම් අපි දෙන්නා විවාහ නොවෙන්න ඉඩ තිබ්බා. දෙමාපියන්ට වි’රු ‘ද්ධ වෙලා වැඩ කරන්න බැහැනේ.

ඔහු ක්‍රිකට් ක්‍රීඩකයෙක් නිසා අතිශය කාර්යබහුල ඇති, ඔහුගේ දින චර්යාවත් සාමාන්‍ය ජිවිතයක් ගත කරන කෙනෙකුට වඩා වෙනස්, කොහොමද මේ ජිවිතේට ඔබ හුරු වෙන්නේ..? 
එයාගේ පෙම්වතිය වුනු කාලේ ඉදලම මම එයාට නිදහසේ වැඩ ටික කරගෙන යන්න අවශ්‍ය පසුබිම හදලා දුන්නා. සමහර වෙලාවට අපි දෙන්නට නිදහසේ කතා කරන්නවත් වෙලාවක් එන්නේ නැහැ. ඒ තරම්ම ඔහු කාර්යබහුල වෙනවා. මම ඒක තේරුම් අරගෙන ඉන්නේ. එයත් මාව තේරුම් අරගෙන ඉන්නේ.

එයා ප්‍රැක්ටිස් පටන් ගන්න කලින් වීඩියෝ කෝල් එකක් අරගෙන මම මොකද කරන්නේ කියලා බලලා තමයි ප්‍රැක්ටිස් පට ගන්නේ. පුළුවන් හැම මොහොතම ඉන්නේ මගෙත් එක්ක. පවුල එක්ක. ඒ නිසා මම ඔහුගේ ජිවිතේට හුරු වෙලා ඉන්නේ. විවාහයට අවශ්‍ය දේවල් පවා මම කළමනාකරණය කරගෙන කරගත්තේ. එයාට එන්න පුළුවන් වෙලාව බලලා මම වැඩ දාගත්තා. එයාට බැරි හැම වෙලාවකම මම මගේ අම්මා එක්ක ගිහින් කරගත්තා. හැමදෙයකදිම එයාව බලාපොරොත්තු වෙන්න බැහැ.

දෙන්නා රණ්ඩු වෙන්නෙම නැද්ද..? 
එහෙම සර්ව සම්පුර්ණ මිනිස්සු කොහෙවත් නැහැ. අපි සාමාන්‍ය මිනිස්සු අපි දෙන්නත් රණ්ඩු වෙනවා. කෑගහගන්නවා. තර්ක කරගන්නවා. නමුත් ඒ මොහොතට විතරයි. අපි තරහා වෙලා ඉන්නේ නැහැ. ලොකු වෙලාවක් දෙන්නටම තරහ වෙලා ඉන්න බැහැ.

ඔබ මෝස්‌තර නිර්මාණ ශිල්පිණියක්, විවාහයේ සියලුම ඇඳුම් නිර්මාණය ඔබේ අතින් නේද සිදු වෙන්නේ..? 
ඔව්, මගේ මංගල ඇඳුම් හා දෙවැනි මනාලියන්ගේ සියලුම ඇඳුම් විලාසිතා නිර්මාණය කළේ මමමයි. ඒ වගේම ප්‍රී ෂූට් එකට අවශ්‍ය විලාසිතා නිර්මාණය කලෙත් මමමයි. මම දැනට අවුරුදු දෙකක ඉදලා මෝස්‌තර නිර්මාණ ශිල්පිණියක් හැටියට මගේම ආයතනයක් පවත්වාගෙන යනවා.

විවාහ උත්සවයේදී ඔබේ නර්තන අංගය සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි සේ කතාබහට ලක් වුණා නේද..? 
ඒ නර්තනය ඇත්තටම කලින් පුරුදු වෙලා තිබ්බ එකක් නෙමෙයි. නමුත් හොදට නර්තනයේ යෙදුනා කියලා බොහෝ දෙනෙක් කිව්වා.

ඔබ ක්‍රිකට් තරඟ නරඹන කෙනෙක්ද..? 
ඉස්සර නම් මම මැච් බලන්නේ නැහැ. දසුන් එක්ක සම්බන්ධය පටන් ගත්තට පස්සේ මැච් බලනවා. ලංකාවේ තිබ්බොත් තනියට කවුරුත් නැති වුනත් තනියම හරි ගිහින් මැච් බලනවා. තවම නම් විදෙස් සංචාරයකට යන්න බැරි වුණා. නමුත් ඔහු ඉන්න තරග මම බලනවා.

හර්ෂණී වීරරත්න

Courtesy – Saaravita

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button