දේශීය පුවත්

එදා ත්‍ර’ස්ත’ වාදය පරාජය කළා සේ කොවිඩ් පාලනයටත් සහාය දෙන්න

එදා ලෝකයේ දරුණුතම ත්‍’ රස්ත’ වාදය පරාජය කිරීම සඳහා රටක් වශයෙන් එක්වී මේ රටේ සියලුම දෙනා සහයෝගය ලබාදුන් ආකාරයට මෙදා කොවිඩ් -19 වසංගතය තුරන් කිරීමට සහයෝගය ලබාදෙන ලෙස තමා සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉරිදා ‘මව්බිම’ට ප්‍රකාශ කළේය.

ඇසට පෙනුණ ත්‍ර’ ස්ත’ වාදයට වඩා ඇසට නොපෙනෙන වයිරසය පරාජය කිරීම ප්‍රබල අභියෝගයක් වුවත් සියලුම දෙනා නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත්වෙමින් උපරිම සහයෝගය ලබාදෙනවා නම් කොවිඩ් -19 වසංගතය තුරන් කිරීමේ අභියෝගය සාර්ථකව ජයගත හැකි බව අග්‍රාමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදී.

මීට පෙර කොවිඩ් -19 වසංගතය සාර්ථකව පාලනය කිරීමට හැකිවූයේ රටේ පොදු මහජනතාවගෙන් ඒ සඳහා උපරිම සහයෝගයක් ලැබුණු නිසා බව සඳහන් කරන අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ වර්තමානයේදීද එම සහයෝගය පොදු මහජනතාවගෙන් අත්‍යවශ්‍ය වී ඇති බවයි. කොවිඩ් -19 ලෝක වසංගතය පැමිණි අවස්ථාවේ සිට එය මෙරටින් තුරන් කිරීම සඳහා සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ ඇතුළු සියලුම පාර්ශ්ව දැඩි උනන්දුවකින් ක්‍රියා කරන බවත් ඒ සඳහා රජය දැඩි වගකීමකින් උපරිම සහාය ලබාදෙන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

එන්නත්කරණය වැඩසටහනද සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බවත් එන්නත ලබාදිය යුතු මේ රටේ ලක්ෂ 135ක ජනතාවට එන්නත් ලබාදීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් ඇණවුම් කළ එන්නත් මෙරටට ලැබෙමින් පවතින බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button