custom_html_banner1
දේශීය පුවත්

ආදරවන්තයන්ගේ දිනයේ ආබාධිත පිරිසක් සිරිපා වන්දනාවේ – ටියුෂන් මාස්ටර්ගෙන් රටටම ආදර්ශයක්

custom_html_banner1
Spread the love

ඊයේට යෙදී තිබුණු ආදරවන්තයන්ගේ දිනයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්, දෘෂ්‍යාබාධිතයන්, ශ්‍රවණාබාධිතයන් පිරිසක් ශ්‍රී පාදය කරුණා කරවීමට බාහිර පන්ති ගුරුවරයකු සහ ඔහුගේ සිසුන් පිරිසක් කටයුතු කර ඇත.

හෝමාගම ප්‍රදේශයේ පදිංචි දිවයින පුරා ඉංග්‍රීසි පන්ති පවත්වන සනත් අත්තිඩිය මහතා ඔහුගේ පන්තිවලට සහභාගි වන සිසුන් පිරිසක් එක් කර ගනිමින් මෙම ආබාධිත පිරිසට ශ්‍රීපාදය කරුණා කරවීමට ඉඩ සලසා දුන්නේය.

ශාන්ත ජෝන් ගිලන් රථ සහායද ලබා ගනිමින් ජංගම ප්‍රතිකාර මධ්‍යස්ථාන සේවාවක් සලසා ගනිමින් ශ්‍රී පාද හැටන් මාර්ගයේ ඉඳිකටු පහන සිට ශ්‍රී පාද උඩ මළුව දක්වා අත්වැට විෂබීජහරණය කරමින් මෙම පිරිස් ශ්‍රී පාදය කරුණා කරවීමට කටයුතු කර ඇත.

එම ගුරුවරයාගේ මූල්‍ය දායකත්වයෙන් ආබාධිත පිරිසට කිහිලිකරු, අත්වාරු, ආහාර පාන, ප්‍රවාහන පහසුකම්, සෞඛ්‍ය පහසුකම් ලබා දෙමින් ඔහු මෙම පුණ්‍යකර්මය සිදු කර ඇත. (13) දින රාත්‍රියේ සිට ආබාධිත පිිරිස ශ්‍රී පාදය කරුණා කරවීමට කටයුතු කර ඇති අතර, එම පිරිස සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති මාර්ග උපදේශවලට අනුකූලව අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල අවසර පත්‍ර සහිතව සිරිපා කරුණා කරවීමට කටයුතු කළ බව සනත් අත්තිඩිය මහතා පැවසීය.මෙම සමාජ සද්කාර්ය පිළිබඳ අදහස් දැක්වූ ඔහු කියා සිටියේ තමන් මෙවර මෙම පිරිස ශ්‍රී පාදය කරුණා කරවනු ලැබුවේ පස්වැනි වතාවට බවය.

ආබාධිත පිරිස ශ්‍රී පාදය කරුණා කරවීමට සඳහා බාහිර පන්තිවලට සිසුන් සහ ශාන්ත ජෝන් ගිලන් රථ සේවයේ නිලධාරීන් පිරිසක් පූර්ණ සහයෝගය ලබාදුන් බවත් මෙම ශ්‍රී පාද කරුණාවට කඩුගන්නාව ප්‍රදේශයේ මෙහෙණින් වහන්සේ නමක්ද වැඩම කළ බව ඔහු සඳහන් කළේය.

– අරුණ

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button