දේශීය පුවත්

ඉන්දියානු වයිරසයෙන් ශ්‍රී ලංකාවට දැඩි අව’දානමක්

චීනයේ වූහාන් නුවර ඇතිවූ කොවිඩ් වයිරසයට වඩා සියයට 95ක් ප්‍රබල පැතිරීමේ හැකියාවක් ඇති නව වයිරසයක් ඉන්දියාව පුරා පැතිර යන බැවින් එම වයිරසය ශ්‍රී ලංකාවට ඇතුළු වීම වැළැක්වීමට වහාම දේශසීමා ආරක්ෂා කිරීමට පියවර ගතයුතු ඇතැයි ඔෟෂධ හා සෞඛ්‍ය කළමනාකරණ උපදේශක ආචාර්ය සංජය පෙරේරා පැවැසීය.

ඉතා වේගයෙන් පැතිර යන මෙම වයිරසය කෙසේ හෝ ශ්‍රී ලංකාවට ඇතුළු වුවහොත් ශ්‍රී ලංකාවේ දැනට සිදු සිදුකෙරමින් පවතින කොවිඩ් පාලනය සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහී යෑම අනිවාර්යයෙන් සිදුවන බවට හෙතෙම අනතුරු අඟවයි. ඉන්දියාවේ දැනට පවතින කොවිඩ් ප්‍රභේදයට වඩා ඉහළ ද්විත්ව විකෘති මාරාන්තික ප්‍රභේදයක් මෙසේ ඉන්දියාව පුරා පැතිර යමින් පවතින බව හෙතෙම පෙන්වා දෙයි.

දකුණු අප්‍රිකාවෙන් හා එංගලන්තයෙන් හමුවූ E484Q සහ L452R යන විකෘති ප්‍රභේද එකට මුසුවී සෑදුණු නව ද්විත්ව විකෘති මාරාන්තික වයිරස් ප්‍රභේදය පසුගිය දිනවලදී ඉන්දියාවේ පැතිර ගියද, මේ වන විට එරටින් B.1.1.67 නම් තවත් මාරාන්තික අතිශය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නව වයිරස් ප්‍රභේදයක් හදුනාගෙන ඇති බවද හෙතෙම පවසයි.

මෙම මාරාන්තික වයිරස් ප්‍රභේදය හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ පෑමට සිදුවී ඇති අතිශය භ’ යංකාර කොවිඩ් වසංගත තත්ත්වයෙන් රට බේරා ගැනීම සඳහා ජනතාව සෞඛ්‍ය උපදෙස් උපරිමයෙන් ආරක්ෂා කිරීම සිදුකළ යුතු අතර අවශ්‍ය ස්ථානවල දැඩි සංචරණ සීමා පැනවීම කෙරෙහි සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය කඩිනමින් සිදු කිරීමට සියලු අංශ කටයුතු කළ යුතු ඇතැයි ආචාර්ය සංජය පෙරේරා අවධාරණය කරයි.

Courtesy – Sunday Mawbima

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button