දේශීය පුවත්ප්‍රධාන පුවත්

මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු කොරෝනාවෛරස ප්‍රභේද සහ ප්‍රදේශ

මෙම වසරේ අප්‍රේල් මස 30 වන දා දක්වා මෙරටින් වාර්තා වුණු කොරෝනාවෛරස ආසාදිතයින්ගෙන් ලබා ගත් ජෛව සාම්පල වල සිදු කළ පර්යේෂණය වලින් කොරෝනාවෛරස ප්‍රභේද 6ක් හඳුනා ගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිෂක්තිවේදී හා අනුක ජීව විද්‍යා අධ්‍යයනාංශය පවසයි.

ඒ අනුව, ඉන්දියානු කොරෝනාවෛරස ප්‍රභේදය වන B.1.617, දකුණු අප්‍රිකානු ප්‍රභේදය වන B.1.351, බ්‍රිතාන්‍ය ප්‍රභේදය වන B.1.1.7, ඩෙන්මාර්ක්/යුරෝපිය/ මැද පෙරදිග ප්‍රභේදය වන B.1.428, ශ්‍රී ලංකා ප්‍රභේදය වන B.1.411 සහ නයිජීරියානු ප්‍රභේදය වන B.1.525 යන මෙරටින් හඳුනා ගෙන තිබේ.

පෞද්ගලික රෝහලකින් ලද කොරෝනා ආසාදිත පුද්ගලයෙකුගේ වෛරස් සාම්පලයක සිදු කළ පර්යේෂණයකින් ඉන්දියානු කොරෝනාවෛරස ප්‍රභේදය වන B.1.617 හඳුනා ගෙන ඇති අතර දකුණු අප්‍රිකානු ප්‍රභේදය වන B.1.35 ද පෞද්ගලික රෝහලකින් ලද සාම්පලයකින් හඳුනා ගෙන ඇත.

බ්‍රිතාන්‍ය ප්‍රභේදය – B.1.1.7 හමුවී ඇති ප්‍රදේශ.

  • කොළඹ: කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය, හෝමාගම, බොරලැස්ගමුව
  • කුරුණෑගල: පොල්පිතිගම, කුලියාපිටිය, නිකවැරටිය, ගනේවත්ත, අඹන්පොළ, ගිරිඋල්ල, පන්නල සහ වාරියපොළ
  • කළුතර: අගලවත්ත, පිඹුර, පානදුර සහ බණ්ඩාරගම
  • මහනුවර: පඬුවස්නුවර, මහනුවර සහ හිඟුරක්ගොඩ
  • පොළොන්නරුව: මැදිරිගිරිය
  • මන්නාරම: මන්නාරම නගරය

ඩෙන්මාර්ක්/යුරෝපිය/ මැද පෙරදිග ප්‍රභේදය – B.1.428 හමුවී ඇති ප්‍රදේශ.

  • යාපනය: විශේෂයෙන් නල්ලූර් පොකුර

ශ්‍රී ලංකා ප්‍රභේදය – B.1.411 හමුවී ඇති ප්‍රදේශ.

  • මඩකලපුව
  • කොළඹ

නයිජීරියානු ප්‍රභේදය – B.1.525 හමුවී ඇති ප්‍රදේශ.

  • බණ්ඩාරගම
  • කොළඹ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ‘මව්බිම’ වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, දැනට ලොව ‘අවධානය යොමු කළ යුතු ප්‍රභේදයක්’ (Variant of Concern) බවට ප්‍රභේද 4ක් නම් කර ඇති බවය.

දකුණු අප්‍රිකානු ප්‍රභේදය, එංගලන්ත ප්‍රභේදය, බ්‍රසීල ප්‍රභේදය හා ඉන්දියානු ප්‍රභේදය එලෙස VOC කාණ්ඩයේ ප්‍රභේද ලෙස මේ වන විට නම් කර තිබේ.

තාරක සම්මාන්, ප්‍රියාශා හෙට්ටිහේවා
Source – Mawbima

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button