custom_html_banner1
දේශීය පුවත්

සරසවි සිසුන්ටත් කොවිඩ් එන්නත

custom_html_banner1
Spread the love

අදියර කිහිපයක් යටතේ සියලු විශ්ව විද්‍යාල සිසුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇත. එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කර ඇත්තේ මේ පිළිබඳ යෝජනාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත ඉදිරිපත් කර තිබෙන බවකි.

මෙහි පළමු අදියර ලෙස විශ්වවිද්‍යාල වල වෛද්‍ය පීඨවල හා දන්ත වෛද්‍ය පීඨවල සායනික පුහුණුව සඳහා යන සිසුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට නියමිතයි.

එම පළමු කණ්ඩායම සඳහා 5800 කට අධික පිරිසක් සිටින බවද ඔහු සඳහන් කරනවා.

අනතුරුව සෙසු විශ්වවිද්‍යාල සිසුන්ට ද කොරෝනා මර්දන එන්නත් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ.

මේ අනුව විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු හදාරන සමස්ත සිසුන් සංඛ්‍යාව 140,000 ක් පමණ බවද පැවසේ.

සියලු විශ්වවිද්‍යාල මේ වනවිට වසා දමා ඇති අතර Online ඔස්සේ අධ්‍යයන කටයුතු සිදු කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කරනවා.

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button