දේශීය පුවත්ප්‍රධාන පුවත්

වැලිසර ආර්ථික මධ්‍යස්ථානය දින 14කට වැසේ

වැලිසර විශේෂ ආර්ථික මධ්‍යස්ථානය දින 14කට වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ වැලිසර විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් 25කින් කොවිඩ් ආසාදිතයින් 38 දෙනෙකු හඳුනාගෙන ඇති බව වත්තල සෞඛ්‍ය නිලධාරී කොට්ඨාශයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අමරසේකර ඊයේ (06) පැවසුවා.

වත්තල සෞඛ්‍ය නිලධාරී කොට්ඨාශයෙන් ඊයේ දිනයේ දී කොවිඩ් ආසාදිතයින් 113 දෙනෙකු වාර්තා වී ඇති අතර සමස්තයක් ලෙස ආසාදිතයින් 2761 දෙනෙකු වාර්තා වී ඇති බව ද ඔහු සඳහන් කළා.

මේ අතර, දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය ද ලබන ඉරිදා (09) දිනය තෙක් මාතලේ දිස්ත්‍රික්කයේ ගොවීන්ට පමණක් සීමා කිරීමට ඊයේ (06) දිනයේ දී තීරණය කෙරුණා.

Source – girayanews

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button