ENTERTAINMENTදේශපාලන පුවත්දේශීය පුවත්

මුව ආවරණ ආනයනය සම්පූර්ණයෙන්ම නවතන්නැයි ජනපතිගෙන් උපදෙස්

ඉකුත් වසරේ (2020) මුල් කාර්තුවේදී මුව ආවරණ ටොන් 800ක් ආනයනය කර ඇති බවත්, මීළඟට බරපතළ පාරිසරික ගැටලුවක් බවට පත්වන්නේ මෙම මුව ආවරණ බවත් පරිසර ඇමැති මහින්ද අමරවීර පවසනවා.

දිනකට මුව ආවරණ ලක්ෂ 15ක් පරිසරයට මුදාහැරෙන අතර එය ඉදිරියේදී බරපතළ සෞඛ්‍ය හා පාරිසරික ප්‍රශ්නයක් බවට පත්වන බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.

චීනය ඇතුළු විදෙස් රටවල් වලින් පසුගිය කාලයේ මුව ආවරණ ආනයනය කරනු ලැබීය.

එහෙත් ජනාධිපතිවරයාගේ උපදෙස් මත මේ වනවිට මුව ආවරණ ආනයනය සම්පූර්ණයෙන්ම නවතා තිබේ. ඒ අනුව දේශීය වශයෙන් විශාල ලෙස මුව ආවරණ නිපදවීම අරඹා ඇතැයි ද ඇමැතිවරයා කියා සිටී.

මෙම මුව ආවරණ තුළ තිබෙන ඇතැම් ප්ලාස්ටික් කොටස් නොදිරන බව ද පැවසේ.

Source – ceylon24x7

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button