දේශීය පුවත්

පළමුවරට ආයුර්වේද රෝහල්වලට කොවිඩ් රෝගීන් ගන්නවා, ඔවුන්ට කැඳයි ඔසුපැනුයි දෙනවා – රාජ්‍ය ඇමති සිසිරගෙන් සුපිරිම තීරණයක්

කොවිඩ් රෝගීන් ආයුර්වේද රෝහල්වලට ඇතුළත් කරගෙන ඔවුන්ට කැඳවර්ග සහ දේශීය ඔසුපැන් වර්ග ලබාදීමට රජය අවසර ලබාදී ඇති බව දේශීය වෙදකම පිළිබඳ අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.

“ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ආයුර්වේද රෝහල් සඳහා කොරෝනා රෝගීන් ඇතුළත් කිරීමට අනුමැතිය ලැබිලා තිබෙනවා. රාජගිරිය ආයුර්වේද රෝහල සහ නාවින්න ආයුර්වේද පර්යේෂණ රෝහල ඇතුළු රටේ විසිරිලා තියෙන ආයුර්වේද රෝහල් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන බවට පත්කරන්න රජය තීන්දු කරලා තියෙනවා. ඒ සියල්ලටම වඩා ඒ ස්ථානවල ලබාදෙන්නේ අපේ කැඳවර්ග, ඔසුපැන් වර්ග, පාරම්පරික ඖෂධ. ආයුර්වේද දෙපාර්තමේන්තුව හැටියට අපි දිවයින පුරාම නොමිලේ මේ සුවධරණී ඔසු වර්ග බෙදාහැරීමේ කටයුත්තට අපි අතගහලා තියෙනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

දේශීය වෙදකම පිළිබඳ අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මේ බව පැවසුවේ පසුගිය ඉරිදා මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

සිසිර ජයකොඩි යනු මීට පෙර ධම්මික බණ්ඩාර නොහොත් ධනපාල නමැති කූඨ සාත්තරකාරයා විසින් නිපදවූ පැණියක් කොවිඩ් ඖෂධයක් වශයෙන් ප්‍රවර්ධනය කරමින්, ඔහුට රාජ්‍ය අනුග්‍රහය ලබාදෙමින් එම පැණිය දේශීය ඖෂධයක් වශයෙන් ලියාපදිංචි කරවීම සඳහා උමතු ලෙස වෑයම් කළ පුද්ගලයාය. මෙම පැණිය සම්පූර්ණයෙන්ම අසාර්ථක බව පසුව කරන ලද සායනික පරීක්ෂණවලින් ඔප්පු විය.

කොවිඩ් වසංගතය තුළින් හෝ තමන් ලකුණු දාගැනීමේ මේනියාවකින් පෙළෙන මෙවන් ඇමති ලෙඩුන් නිසා සිදුවන්නේ තත්වයන් වඩවඩාත් සංකීර්ණ වීමය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button