දේශීය පුවත්

පිළියන්දල-කැස්බෑව කොවිඩ් රතු කලාපයට හෙනහුරා පාත් වෙයි – සුවවිරුවන්ගේ රාජකාරි වලට අනි’සි බා’ ධා

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කොවිඩ් පාලනය කිරීම සඳහා නිකුත් කරන ලද නියෝගයක් දේශපාලන බල’ පෑම් මත අවලංගු කිරීම නිසා කොවිඩ් රතු කලාප ලෙස නම් කර ඇති පිළියන්දල හා කැස්බෑව ප්‍රදේශ හුදෙකලා බවින් නිදහස් කිරීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තර’ යේ හෙ’ළා දකින අතර එයට දැඩි වි’ රෝධය පළ කරයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ තාක්ෂණික නිර්දේශවලට අනුව ක්‍රියාත්මක කෙරෙන නියෝග තාක්ෂණික වශයෙන් කිසිදු දැනුමක් හා අවබෝධයක් නොමැති දේශපාලනඥයන් විසින් මේ අන්දමට හිතුමතේ අවලංගු කිරීමෙන් කොවිඩ් මර්ද’ නය කිරීම සඳහා ක්‍රියාත්මක වැඩසටහන් කඩා’ කප්ප ල් කෙරෙන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව එම සංගමය පෙන්වා දෙයි.

පිළියන්දල හා කැස්බෑව ප්‍රදේශවල පසුගිය දිනවල සීග්‍ර කොවිඩ් ව්‍යාප්තියක් ඇති වීම නිසා එම ප්‍රදේශ රතු කලාප ලෙස නම් කිරීමෙන් පසු, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් හුදෙකලා කිරීමට නියෝග පනවනු ලැබීය.

එසේ හුදෙකලා කර පැය 24ක් ගත වෙද්දී දේශපාලන මැදිහත්වීමෙන් එම නියෝග අවලං’ ගු කර ඇතැයිද ඒ අනුව මේ වන විට එම ප්‍රදේශ හුදෙකලා බවින් නිදහස් කිරීම නිසා සංචරණ කටයුතු සිරිත් පරිදි සිදුකෙරෙමින් පවතින බවත් මේ තත්ත්වය යටතේ එම ප්‍රදේශ භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට තම රාජකාරි කටයුතු කිරීමට දැ’ඩි ලෙස බා’ ධා පැමිණෙමින් පවතින බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු ‘මව්බිම’ට පැවැසීය.

මේ තත්ත්වය නිසා වෛද්‍යවරුන්ගේ ගෞරවයටද විශාල හා’ නියක් ඇතිවන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් රට දරු’ ණු කොවිඩ් වසං’ ගතයකට මුහුණ පා ඇති අවස්ථාවක එය පාලනය කිරීමට කටයුතු කරද්දී දේශපාලන බල’ පෑම මත මේ අන්දමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් තම සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දෙන බවද ලේකම්වරයා පැවැසීය.

තත්ත්වය මේ අන්දමින් තවදුරටත් පැවතීමට ඉඩ හැරියහොත් කොවිඩ් පාලන කටයුතුවලින් සෞඛ්‍ය අංශ ඉවත් වීමේ දැ’ඩි අව’ දානමක් පවතින බවද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු අවධාරණය කරයි.

Courtesy – Mawbima

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button