ගොසිප් පුවත්තරු හුට පට

කලා තරු පිරිවරා ප්‍රවීණ නළු ගිරිරාජ් කෞශල්‍යගේ දියණිය යුග දිවියට

අපේ රටේ ඉන්න ජනප්‍රිය වගේම ප්‍රවීණ හා විකට රංගන ශිල්පියෙක් තමයි ගිරිරාජ් කෞශල්‍ය කියලා කියන්නෙ. රසික හදවත් දිනා ගැනීමට සමත් විශේෂ රංගන කුසලතාවයකින් හෙබි ඔහුට බොහෝ සෙයින් ආදරය කරන හා ඔහුගේ රංගනයට ඇලුම් කරන ඔහුටම වෙන් වුණ විශාල රසික පිරිසක් ඉන්නවා කිව්වොත් හරි.

මේ දවස්වලත් ඔහු නාඩගම්කාරයෝ ජනප්‍රිය ටෙලිනාට්‍යක් හරහා අතිශය ජනප්‍රියත්වයට පත් චරිතයක් හරහා රංගනයෙන් තම රසිකයන් හා එක්වෙනවා. ගිරිරාජ් කෞශල්‍ය ටෙලිනාට්‍ය, වේදිකාව සහ සිනමාව කියන ත්‍රිත්වයෙන්ම අපට දැකගන්න පුළුවන් විශිෂ්ට රංගන කුසලතාවයකින් පිරිපුන් නිහතමානී රංගන ශිල්පියෙක්.

ඔන්න ඉතින් පසුගිය දිනක ඔහුගේ ආදරණීය දියණිය අමන්ද්‍යාගේ විවාහ උත්සවය පැවැතුණා. එම අවස්ථාවට කලා ලෝකයේ තරු රාශියක්ද සහභාගී වුණ බවක් තමයි අපිට දැන ගන්න ලැබුණේ. ඉතින් ගිරිරාජ්ගේ ආදරණීය දියණියගේ අලංකාර විවාහ උත්සවයේ ඡායාරූප රැසක් ඔයාලට පහළින් බලාගන්න පුළුවන්…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button