දේශීය පුවත්ප්‍රධාන පුවත්

මාලඹේ එකම පවුලේ 3ක් කොවිඩ් නිසා ම රුට

කොරෝනා වෛරසය ආසාදිතව අයි.ඩි. එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාලඹේ ගෝනවත්ත ප්‍රදේශයේ එකම නිවසක පදිංචිව සිටි වයෝවෘද්ධ අමු සැමි යුවළක් ඇතුළු තිදෙනෙක් ඊයේ (3දා) මිය ගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 86 ,94 අඹුසැමි යුවළ සහ වයස අවුරුදු 82 කාන්තාවක්ය. මියගිය පිරිමි පුද්ගලයා කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රීවරයෙක් වන අතර ඔහුගේ බිරිඳ විශ්‍රාමික හෙදියකි.

මිය ගිය අනෙක් වයෝවෘද්ධ කාන්තාව මියගිය අඹු-සැමි යුවළගේ දියණිය ගේ සැමියාගේ මව බව පොලීසිය කියයි.

ඉකුත් විසි දෙවැනි මොවුන් තිදෙනා අයි ඩි එච් රෝහල වෙත ඇතුළත් කර තිබූ අතර පසුගිය තුන්වැනිදා ඔවුන් තිදෙනාම මිය ගොස් තිබිණි

මිය ගිය අඹුසැමි යුවළගේ දියණිය හා ඇයගේ සැමියා මෙන්ම පුතණුවන් ද කොරෝනා වෛරසය ආසාධිත ව මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.

මිය ගිය තිදෙනාගේ අවසන් කටයුතු මුල්ලේරියාව ආදාහනාගාරයේ දී පෙරේදා (3) සිදුකර තිබූ බව පොලිසිය කියයි.

Source – lankawebgossip

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button