දේශීය පුවත්ප්‍රධාන පුවත්

ඉන්දීය අත්අ’­ඩං­ගුවේ ඉන්න මගේ තාත්තා නිද­හස් කර දෙන්න! යොවුන් ඔලිම්පික් පදක්කම්ලාභී පාරමී වසන්ති ඉල්ලයි

ශ්‍රී ලංකා­වට ඉම­හත් කීර්ති­යක් අත් කර දුන් 2018 යොවුන් ඔලි­ම්පික් ක්‍රීඩා උලෙළේ මීටර් 2000 බාධක දීවීමේ තර­ගයේ ලෝකඩ පද­ක්ක­ම්ලාභී පාරමී වසන්ති දැරි­වි­යගේ පියා ඉන්දි­යාවේ අන්ද­මන් දූප­ත්වල ඉන්දි­යන් වෙරළ ආර­ක්ෂක අංශයේ විසින් අත්අ’­ඩං­ගු­වට ගෙන මාස ගණ­නා­වක් පුරා රඳවා සිටීම හේතු­වෙන් ඔවුන් දැඩි ආර්ථික දුෂ්ක­ර­තා­ව­ලට මුහුණ පා සිටින බව ඇය පවසා සිටි­යාය.

පාරමී වස­න්තිගේ පියා වන අන්තෝනි ටියු­ඩර් ධීවර රැකි­යාවේ නිරත වේ. ඔහු ඉකුත් ජන­වාරි මස 06 වැනි දින ‘ඉනුක්ෂි -10’ බහු­දින ධීවර යාත්‍රා­වෙන් ත්‍රිකු­ණා­ම­ලය ධීවර වරා­යෙන් පිටත්ව ගොස් තිබේ. අන­තු­රුව ධීවර කට­යු­තු­වල නිර­තව සිටි­යදී එම මස 28 වැනි දින ඉන්දි­යන් වෙරළ ආර­ක්ෂක අංශයේ නිල­ධා­රීන් විසින් ඔවුන් අත්අ­’ඩං­ගු­වට ගෙන තිබේ.

මේ යාත්‍රාවේ ස්කීපර් ඇතුළු හය දෙනෙක් ධීවර කට­යුතු සඳහා පිටත්ව ගොස් ඇති අතර, ඔවුන් සියලු දෙනාම අත්අ­’ඩං­ගු­වට ගෙන ඇත. එම ධීවර පිරිස හලා­වත අඹ­ක­ද­විල සහ තොඩු­වාව ප්‍රදේ­ශ­වල පදිං­චි­ක­රු­වන්ය.

පාරමී වසන්ති මෙවර උසස් පෙළ විභා­ග­යට පෙනී සිටී­මට නිය­මිය. ඇයගේ සොහො­යු­රිය සබ­ර­ගමු විශ්ව­වි­ද්‍යා­ලයේ අව­සන් වසරේ ඉගෙ­නුම ලබන අතර, වැඩි­ම­හල් සොහො­යුරා විවාහ වී වෙනම ජීවත්වේ. ඔහුගේ රැකි­යාව ද ධීවර කර්මා­න්ත­යයි. මව නිවෙසේ රැඳී සිටී. දරු­වන්ගේ දෙදෙ­නාගේ අධ්‍යා­පන කට­යුතු ඇතුළු පවුලේ අව­ශ්‍යතා සපු­රා­ගැ­නීමේ එකම ආදා­යම් මාර්ගය පියාගේ රැකි­යා­වයි. මාස දෙක හමා­ර­කට ආසන්න කාල­යක් ඇයගේ පියා ඉන්දි­යන් රජයේ ආර­ක්ෂක අංශ විසින් රඳ­වා­ගෙන සිටීම හේතු­වෙන් ඔවුන් දැඩි දුෂ්ක­ර­තා­වට පත්ව සිටී.

පාරමී වසන්ති පසු­ගිය කාලයේ කෙන්යා ජාතික ක්‍රීඩා පුහු­ණු­ක­රු­වකු යටතේ පුහු­ණු­වීම් කට­යුතු සිදු කළ අතර, කොරෝනා වසං­ග­තය හේතු­වෙන් එම පුහු­ණු­වීම් කට­යුතු තාව­කා­ලි­කව නවතා තිබේ. එහෙත් ඇයට නිර්දේ­ශිත පෝෂ්‍ය­දායී ආහාර හා කිරි­පිටි වර්ග ගැනී­මට ප්‍රමා­ණ­වත් ආර්ථික පහ­සු­කම් නොමැ­ති­වීම කන­ගා­ටු­වට කරු­ණකි.

2016 වසරේ රුසි­යාවේ පැවති ළමා ආසි­යානු ක්‍රීඩා උලෙළේ මීටර් 2000 බාධක දිවීමේ තර­ග­යෙන් රිදී පද­ක්කම ද, 2018 වර්ෂයේ ජපා­නයේ පැවති කනිෂ්ඨ ආසි­යානු මලල ක්‍රීඩා තර­ග­යෙන් මීටර් 3000 බාධක දිවීමේ තර­ග­යෙන් රන් පද­ක්කම ද, තායි­ල­න්තයේ පැවති යොවුන් ඔලි­ම්පික් ක්‍රීඩා උලෙළේ තේරීම් තර­ගා­ව­ලි­යේදී රන් පද­ක්කම ද, 2018 වර්ෂයේ ආජ­න්ටි­නාවේ පැවති තුන් වන යොවුන් ඔලි­ම්පික් ක්‍රීඩා උලෙළේ ලෝකඩ පද­ක්කම ද හිමි කර ගත් පාරමි වස­න්තිගේ අනා­ගත බලා­පො­රො­ත්තුව කුමන බාධක එල්ල වුවත් මෙර­ටට කෙසේ හෝ ඔලි­ම්පික් පද­ක්ක­මක් හිමි කර ගැනී­මයි.

පාරමී වසන්ති රටට ගෞර­ව­යක් අත් කර දෙමින් මෙර­ටට පැමි­ණෙන විට බණ්ඩා­ර­නා­යක අන්ත­ර්ජා­තික ගුව­න්තො­ටු­පොළේ දී ඇයව පිළි­ගැ­නී­මට පැමිණි මැති ඇමැ­ති­ව­රුන්, ‍ක්‍රීඩා අමා­ත්‍යාංශ නිල­ධා­රීන් ඇය සහ ඇයගේ පවුලේ අය පත්ව සිටින තත්ත්වය නොද­න්නවා විය හැකිය. කෙසේ වෙතත් මෙවැනි වටිනා සම්ප­තක් රැක ගැනීම රටේ බල­ධා­රීන්ගේ යුතු­ක­මකි. ඇය පවසා සිටින්නේ තමන්ගේ පියා සහ සෙසු ධීව­ර­යන් සම්බ­න්ධව සොයා බලා කඩි­න­මින් මෙර­ටට රැගෙන ඒමට කට­යුතු කරන ලෙසයි.

පාරමි වස­න්තිගේ මව වන රීටා මාග්‍රට් සිල්වා මහ­ත්මිය

‘මගේ බාල දුව කුඩා කාලයේ සිටම ක්‍රීඩා­වට දක්ෂයි. අපි ගොඩක් මහන්සි වෙලා මේ ඉගැ­න්නුවේ. දුව­ලගෙ තාත්තා ධීවර රැකි­යා­වෙන් හම්බ කරන දෙයින් විය­දම් කරලා හැකි පම­ණින් අප දරු­වන් මේ තැනට ගෙනාවා. දුව ලංකා­වට ගෞර­ව­යක් දුන්නා. එයා අගය කළා. ඒ වගේ අප මේ ඉන්න ගේ නිවාස සංව­ර්ධන අධි­කා­රිය මැදි­හත් වෙලා තර­මක් දුරට හදලා දුන්නා. මම ඒ සියලු දෙනා­ටත්, රජ­ය­ටත්, නිල­ධා­රී­ටත් ස්තූති කර­නවා. එව­කට හිටපු ඇමැති සජිත් ප්‍රේම­දාස මහතා අපට එන්න කියලා ගෙයක් දුන්නා. අඟු­ලාන ප්‍රදේ­ශයේ මහල් නිවා­ස­යක් තමයි අපට දුන්නේ. අපට යතුර දීලා කිවුවා, ඒ ගෙට යන්න කියලා. ඒත් ඒ ගෙද­රට යන්න තරම් තත්ත්ව­යක් තිබුණේ නෑ.

පස්සේ නාග­රික ජනා­වාස සංව­ර්ධන අධි­කා­රි­යෙන් රුපි­යල් පනස් දහ­සක මුද­ලක් දෙන්න කිය­ලත් අපට දන්වා තිබුණා. ඇත්ත­ටම ඒ මුදල අපට දෙන්න පුළු­ව­න්ක­මක් තිබුණේ නෑ. ගිය මාසයේ මාසික වාරික වශ­යෙන් රුපි­යල් 4250ක් ගෙවන්න කියලා අපට ලිඛි­තව දන්වා තියෙ­නවා. ඒ මුදල අවු­රුදු තිහක් ගෙවන්න ඕනෑ. මගේ මහ­ත්තයා ධීවර රස්සාව කරලා තමයි අපව ජීවත් කර­වන්නේ. ඒත් ජන­වා­රියේ මුහුදු රස්සා­වට ගිහිල්ලා ඉන්දි­යා­වෙන් අත්අ­ඩං­ගු­වට ගෙන තියෙ­නවා. අපට එයාට කතා කර­න්නත් විදි­හක් නෑ.

එක එක්කෙනා කියන පණි­විඩ තමයි අප දන්නේ. මම කියන්නේ කොහොම හරි එයාව බේරා දෙන්න කියලා, අප වැඳලා ජනා­ධි­ප­ති­තු­මා­ගෙන් ඉල්ල­න්නේ, අප මේ ඉන්න තත්ත්වෙ බලලා මගේ මහ­ත්තයා කොහොම හරි නිද­හස් කර දෙන්න.

මිහිර විජේ­සේ­කර – මාර­විල සමූහ
Source – lankatelegraph.info

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button