දේශීය පුවත්ප්‍රධාන පුවත්

රටේම ජනතාව අසරණයි – උදව්වට කිසිවෙක් නැති වෙලේ තමන්ගේ වෛද්‍ය කණ්ඩායම ජනතා සේවයට යොදවන්න SF ඉදිරියට එයි

රටේ මේ වන විට පවත්නා කොව්ඩ් තත්වය උත්සන්න වීමත් සමගම රටේ රෝහල් වල ධාරිතාවය ක්‍රම ක්‍රමයෙන් සම්පූර්ණ වී ඇති බැවින්, මේ වන විට කොවිඩ් රෝගීන් සහ පළමුපෙල ආශ්‍රිතයන්ට ප්‍රමානවත් රෝහල් පහසුකම් ලබාදීමටද රජයට මේ වනවිට නොහැකි වී ඇති බව ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහන් කර තිබෙනවා.

එමෙන්ම මේ වන විට නිවෙස් වල සිටින රෝගීන් සඳහා ශාරිරිකව සහ මානසිකව ඔවුන්ට තිබෙන ගැටලු විසඳීම සඳහා ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා සිය වෛද්‍ය කණ්ඩාමයම ජනතා සේවයට යොදවා ඇති බවට සිය ෆේස්බුක් පිටුවේ සටහනක් යොදමින් සඳහන් කර තිබෙනවා.

එම සටහන පහතින්,

“මේ වන විට අපේ රටේ කොවිඩ් 19 ඉතා වේගයෙන් පැතිර යමින් පවතින අතර, රෝගින්ට ප්‍රමානවත් රෝහල් පහසුකම් ලබාදීමටද මේ වනවිට නොහැකි වී ඇති බව ඔබ දන්නවා ඇති..එසේම පළමුපෙල ආශ්‍රිතයන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සදහා ප්‍රමානවත් පහසුකම් හා සෞඛ්‍ය කාර්‍යමන්ඩල නොමැති වීමේ ගැටලුවක් රටපුරා පැනනැගී තිබේ.

එසේ වෛද්‍ය උපදෙස්, උපකාර හෝ ප්‍රතිකාර ලබාගැනීමේ ගැටලුවට මුහුණදී සිටින ජනතාවට යම් සහනයක් ලබාදීම සදහා ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා මැතිතුමන්ගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ 074 1718108 අංකයෙන් වෛද්‍යවරයෙක් සම්බන්ධ කරගැනීමට දැන් ඔබට අවස්ථාව සලසා දී ඇත.

මෙම සේවාව නොමිලේ පවත්වන සේවාවක් වන අතර මෙමඟින් මේ වනවිට ශාරිරිකව හා මානසිකව දුබල වී ඇති ඔබට සහනයක් ගෙන දෙනු ඇතැයි ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමන්ගේ විශ්වාසය වේ..!

මෙම ක්‍රියාව බොහෝ පිරිසකගේ ප්‍රශංසාවට ලක්ව ඇති අතර එහිදී ඔවුන් සටහන් කර ඇත්තේ, පපුවට අත තබාගෙන වේදිකාවල හඬ දුන් ජනතා නියෝජිතයන් කිසිවෙක් දැන් ජතාව අතර නැති බවත්, සුදුස්සන් නිසි වෙලේ නිසි තැනට ගෙන නෝමේ ඵල, විපාක සමස්ථ රට වැසියන් සියලුදෙනාම දැන් අත් විඳින බවත්ය. එමෙන්ම ජනතාව ම රු කටට යමින් සිටින මොහොතක ඔබතුමාගෙ වචන අපිට ලොකු ශක්තියක් බවත්, රටට ණය නැති විරුවාණෙනි, එදා මෙන්ම මතුවටත් ඔබ අපේ වීරයාමයි. ජයවේවා . ආදරෙයි ඔබට. බුදු සරණයි..යනුවෙන් බොහෝ දෙනෙක් මෙම ක්‍රියාව අගය කොට තිබෙනවා.

Source – Aperata.net

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button