දේශීය පුවත්ප්‍රධාන පුවත්

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියැදුරන්ට දැනුම් දීමක්

මත්තල සිට කටුනායක දක්වා ගමන් ගන්නා සියලු ම රථ වාහන අද (මැයි 3) කහතුඩුව පිවිසුමෙන් පිටත් කර ඉදිරි පිටවීමකින් ඉවතට ගැනීමට අපේක්ෂා කරන රථ වාහන යළි කහතුඩුව අධිවේගී මාර්ගයට ඇතුළු කර, කටුනායක දෙසට ගමන් කරවීමට කටයුතු යොදා තිබේ.

‘මව්බිම’ වෙබ් අඩවිය කළ විමසීකමදී අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු හා කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජේ. එන්. ලොඩ්වික් මහතා සඳහන් කළේ, අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ කඩුවෙල පිටවීම් ස්ථානවල සේවකයින් කිහිප දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනයවීමත් තවත් සේවකයින් කිහිප දෙනෙකු නිරෝධායනයවීමත් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවය.

ඒ අනුව, කහතුඩුව පිටවීමෙන් මුදල් ගෙවා රියැදුරන් රථ වාහන පිටතට දැමිය යුතු අතර අධිවේගී මාර්ගයේ කටුනායක දෙසට ඇති ඉදිරි පිටවීමකින් වාහන ඉවතට ගැනීමට අපේක්ෂා කරන රියැදුරන්ට යළි කහතුඩුවෙන් අධිවේගී මාර්ගයට පිවිස කටුනායක දෙසට ගමන් කළ හැකිවේ.

නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පිටවීම් ස්ථානවල දීර්ඝ පෝලිම් ඇති වුවහොත් වරින් වර ඒවා ලිහිල් කිරීමට ද කටයුතු කරන බවය.

තාරක සම්මාන්
Source – මව්බිම

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button