විදෙස් පුවත්

දුන් පොරොන්දු ඉටුකරමින් ගිලන් වූ ඇමෙරිකාව ගොඩගත්, ජනපති ජෝ බයිඩන්ගේ දින100

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්, 2021 ජනවාරි 20 වැනිදා බලයට පත් වන විට භාරගත්තේ කෝවිඩ් වසංගතයට බිලි වූ විශාලාවකි. ඔහු ද ලෝකයේ බොහෝ රටවල නායකයන් මෙන් (ලංකාව ද ඇතුළුව) දින සියයක කඩිනම් ඉලක්කගත වැඩසටහනක් ක්‍රියාත්මක කළේය. අවසානයේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉතිරි කර ගිය බෙදුණු – ගිලන් වූ දේශය ඔහු ගොඩ ගත්තේ, ඇමරිකානු ඉතිහාසයේ සියලු ජනපතිවරුන් ප’ රදවා අති මහත් ජන ප්‍රසාදයක් ද දිනා ගනිමිනි.

එන්නත් මාත්‍රා මිලියන සීයක් 

බයිඩන් ජනපති පදවියට පත් වූ මැන්ඩේටයේ තිබූ ප්‍රධානතම කාරණය වූයේ ලෝකයේ වැඩිම කෝවිඩ් ම’ ර ණ ගණන වාර්තා වෙමින් තිබූ රට එම අවදානමෙන් මුදාගැනීමයි. ‘ඇමරිකානු ගළවා ගැනීමේ සැලැස්ම‘ (American Rescue Plan) යනුවෙන් ඔහු එයට නමක් දුන්නේය. එන්නත මිස ඔහු පැණියකට රාජ්‍ය අනුග්‍රහය ලබාදුන්නේ නැත. අභියෝගය ජය ගැනීමට නම් කළ යුතු එකම දෙය මහා පරිමාණ එන්නත්කරණය බව දැඩි සේ විශ්වාස කළ ඔහුගේ පරිපාලනය ඒ වෙනුවෙන් කැප විය. ඇමරිකාව එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා අත්‍යාවශ්‍යම දේ ලෙස කාරණා දෙකක් දුටුවේය.

‘‘මේ වසංගත මෙහෙයුම සාර්ථක කර ගන්නට නම් අපට ප්‍රධාන දේවල් දෙකක් අවශ්‍ය වෙනවා. පළමුවැන්න එන්නත් නිපදවීම මහා පරිමාණයෙන් සිදු කිරීමයි. දෙවැන්න, සෞඛ්‍ය අංශ අතර මනා සම්බන්ධීකරණයයි.‘‘
– ඇමරිකානු ජනපති ජෝ බයිඩන්

මේ ඉලක්කය සාර්ථක කර ගැනීම සඳහා ඔහු මනා සුදසුසුකම්වලින් යුක්ත කණ්ඩායමක් (Covid response team) වහාම සේවයේ යෙදවූයේය. ඔවුන් සුවපත් වූ රෝගීන් වැළඳගෙන ඡායාරූප ගැනීම වැනි බොළඳ ක්‍රියාවන්ගෙන් ඈත්ව සිය රාජකාරිය අකුරටම ඉටු කළහ.

මාර්තු මැද සතිය වන විට, එනම් 100 වන දිනයේ නොව 58 වන දිනයේදී ඇමරිකානු සෞඛ්‍ය සේවය කෝවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 100 ක් ලබාදීමට සමත් විය. මිලියන 100 ක් දෙනා එන්නත්කණයට ලක් කළ ලෝකයේ ප්‍රථම රට බවට ද ඇමරිකා එක්සත් ජනපදය ඒ අනුව පත් විය.

එදා ධවල මන්දිරයේ කොරෝනාවෛරස් ප්‍රතිචාර සම්බන්ධීකරණය භාරව සිටින ජෙෆ් සියන්ට්ස් සිය කතාව අවසන් කළේ මෙසේ ය.

‘‘ඇමරිකානු ගළවා ගැනීමේ සැලසුමට ස්තූතිවන්ත වන්නට අපට මේ පූර්ණ සම්පත් සහිතව ඉදිරියේදීත් මේ ක්‍රියාදාමය කරගෙන යා හැකියි. වසංගතය පසු කර යා හැකියි..‘‘

පසුගිය සතියේදී එනම් දින 100 සපිරෙන විට එම අගය මිලියන 200 දක්වා ඉහළ ගොස් තිබිණි. එදින බයිඩන් ව්‍යාපාරික ප්‍රජාවෙන් විශේෂ ඉල්ලීමක් කර තිබුණේ අදාළ මධ්‍යස්ථානවලට ගොස් එන්නත ලබාගැනීම සඳහා සේවකයන්ට ගෙවීම් සහිත නිවාඩුවක් ලබාදෙන ලෙස ය.

සැබවින්ම දින 100 අවසන් වන විට බයිඩන් නිසා වසංගතය සිටියේ ජනතාවට පිටුපසිනි.

ට්‍රම්ප් විසින් ඇර දුන් කවුළු, බයිඩන්ට පවන් සලයි 

රේසරයක් තරම් තියුණු බහුතරයක් පමණක් සිටින නිසාම බයිඩන්ට කොංග්‍රසයේ සිටින සෑම ඩිමොක්‍රටික් නියෝජිතයෙකුගේම සහාය සිය පරිපාලන කටයුතුවලට ලබාගැනීම අවශ්‍ය ය. මෙහිදී වඩාත් දේශපාලන පරිණත භාවයක් ප්‍රකට කරන බයිඩන්, ට්‍රම්ප් විසින් කරන ලද විගඩම් කිහිපයක් ද සිය තීරණ ක්‍රියාත්මක කර ගැනීමට කවුළු බවට පත් කරගත්තේය.

උදාහරණයක් වශයෙන්, වසංගතය ඇරඹි පසුව ඩොනල්ඩ් ට්‍රම්ප්, රැකියා ඇති නැති සියලු ඇමරිකානුවන්ට ඩොලර් 2100 ක චෙක්පත් (stimulus checks) ලබාදීමට කටයුතු කළේය. බයිඩන් විරැකියා දීමනාව ලබාදීමට යොදාගත්තේ ට්‍රම්ප් විසින් විවර කර තිබූ එම කවුළුවයි. ඒ නිසා ඔහුට කොංග්‍රස් වාද භූමියේ නොතැළෙමින් දින 100 අවසන් වන විට මිලියන ගණනකට විරැකියා දීමනාව ලබාදීමට සමත් විය. තවමත් කෝවිඩ් වසංගත අවදානම පහව ගොස් නැති නිසා ඉදිරියේදී ද මෙය තවදුරටත් ක්‍රියාවට නැංවෙනු ඇත.

ඩොලර් ට්‍රිලියන 1.9 ක ආර්ථික සහන පැකේජය 
බයිඩන් කියූ පරිදිම ඩොලර් ට්‍රිලියන 1.9 ක ආර්ථික සහන පැකේජයක් ක්‍රියාවට නැංවීය. එයට රිපබ්ලිකන් සහාය මුලින් නොලැබුණු තරම් ය. නමුත් මාර්තු මාසය වන විට එය නීත්‍යානුකූල ලෙස ක්‍රියාවට නැංවීමට හැකි විය. ඩොලර් 1400 ක සෘජු ප්‍රේෂණ චෙක්පත්වලට අමතරව මෙමගින් ෆෙඩරල් ආණ්ඩුවලට සතිපතා එක් අයෙකුට ඩොලර් 300 ක රැකියා විරහිත දීමනාවක් ගෙවීමට ද ෆෙඩරල් ආණ්ඩුවට මුදල් ලබාදීමට හැකි විය.

කැපිටල් හිල් ප්‍රහා’ රය සහ ට්‍රම්ප්ගේ දෝෂාභියෝග පරීක්ෂණය 
2021 ජනවාරි 6 වැනිදා ඉලෙක්ට්‍රෝර් කොලෙජ් හි ඡන්ද ගණන් කිරීම නොහොත් කොංග්‍රසයට තෝරාගන්නේ කවුදැයි ගණන් කෙරෙමින් තිබියදී කොංග්‍රස් බිල්ඩිම හෙවත් කැපිටල් හිල් ගොඩනැගිල්ල වෙත මැ’ර ප්‍රහා’ රයක් එල්ල විය. බයිඩන්ගේ ජයග්‍රහණය ව්‍යාජ එකක් යැයි ද එය කුමන්ත්‍රණයක් යැයි ද කී ට්‍රම්ප්, සමාජ මාධ්‍ය හරහා කුප්‍රකට මැර ප්‍රහා’ රයක් සූදානම් කර තිබූ අතර, යක් දෙස්සන් මෙන් එහි ක ‘ඩා වැදුණේ ඔහුගේ අනුගාමිකයන් ය.

මෙම ප්‍රහා’ රයෙන් 5 දෙනෙකු මි’ ය ගොස් පොලිස් නිලධාරීන් 100 දෙනෙකුට වඩා තුවාළ ලැබූහ. ප්‍රහා’ රවලට සම්බන්ධ අය ලෙසට 400 දෙනෙකුට එරෙහිව චෝ’ දනා ගොනු කෙරිණ. ඒ සමගම නව සෙනෙට් සභාවට පැවරුණු අභිනව කටයුත්තක් වූයේ හිටපු ජනපති ට්‍රම්ප් මෙයට වගකිවයුතුදැයි සොයා බැලීමට ය.

ඒ සම්බන්ධ අවසන් සෙනෙට් ඡන්ද විමසීමේදී 57-43 ක් ලෙස ඡන්දය විමසීම අවසන් විය. ට්‍රම්ප් වරද’ කරු බව සනාථ කිරීම සඳහා ඡන්ද 67 ක් උවමනා ය. ඒ අනුව රිපබ්ලිකන් පාක්ෂිකයන් ද ඇතුළුව තවත් ඡන්ද 10 ක් උවමනා ය. අද දක්වා ද රිපබ්ලිකන් බල කඳවුර තුළ ට්‍රම්ප්ගේ ග්‍රහණය නොඅඩුව පවතියි. අවසානයේ ඇමරිකානු ඉතිහාසයේ සිදුවූ නින්දිතම දේශපාලන ප්‍ර’ හා ර යෙන් ට්‍රම්ප් නිදොස් කෙරිණ. ‘‘ප්‍රජාතන්ත්‍රවාදය බිඳෙනසුලුයි. නමුත් හැමවිටම එය ආරක්ෂා කළ යුතු වෙනවා..‘‘ යැයි බයිඩන් උපේක්ෂා සහගත ලෙස කීය.

මාධ්‍ය සමග සහයෝගයෙන් 
ට්‍රම්ප් මෙන් බයිඩන් ‘‘ඔයා අයින් වෙන්න – අරය ප්‍රශ්නෙ අහන්න – ඔයාට දීපු කාලෙ ඉවරයි – ඔයා ජනමාධ්‍ය ඉගෙන ගත්තෙ මොන විද්‍යාලයෙන්ද? ඔයා චීන ජාතිකයෙක් නේද?‘‘ වැනිප්‍ර’ හා ර මාධ්‍ය වේදීන් වෙත එල්ල කරන්නේ නැත. ට්‍රම්ප්ගේ නොමද වෛරයට පාත්‍ර වූ CNN පුවත් සේවය විසින් පෙබරවාරි 16 වැනිදා සංවිධානය කළ CNN town-hall event වෙත ඔහු සහභාගි වූයේ ඉතා කැමැත්තෙනි. එහිදී බයිඩන් ජනතා ප්‍රශ්නවලට නොපැකිළව පිළිතුරු දුන් අතර, ඉතාම පැහැදිලිව පෙනෙන්නට තිබූ පරිදි එය පෙර ලියූ පිටපතකට අනුව කළ වැඩසටහනක් නොවිණි!

ජනතාව වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් යොමු කළේ කොරෝනා වෛරස් වසංගතය සම්බන්ධයෙනි. ඒ, ඇමරිකානු කෝවිඩ් ම ර’ ණ ගණන ලක්ෂ 5 සීමාවට ළඟා වූ කාලයයි.

බයිඩන් සිය පළමු නිල මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ මාර්තු 25 වැනිදා ය. එයට එක් වී සිටි ඇසෝසියේටඩ් ප්‍රෙස් මාධ්‍ය වේදී ඉවාන් වුසී මෙසේ කීවේය.

‘‘කෝවිඩ් සීමාවන් නිසා මාධ්‍ය වේදීන් සිටියේ අතළොස්සයි. නමුත් ට්‍රම්ප් සහ බයිඩන් කොතරම් එකිනෙකාගෙන් වෙනස්දැයි මට කල්පනා නොකර සිටීමට බැරි වුණා. බයිඩන් සහ ට්‍රම්ප් මාධ්‍ය සමග ගනුදෙනු කරන ආකාරය අහසට පොළොව වගේ…‘‘

සංක්‍රමණිකයන් සාදරයෙන් පිළිගත් බයිඩන් 
එයින් නොනැවතුණු බයිඩන්, දහස් ගණන් ‘සිහින දකින්නන්‘ හට රට තුළට පැමිණීමට අවස්ථාවක් ලබාදුන්නේය. එය ‘අර්බුදයක්‘ ලෙස නොසලකන ලෙසට බයිඩන් සිය පරිපාලනයට උපදෙස් දුන්නේය. දේශසීමා දිගේ තාවකාලික රැකවරණ මධ්‍යස්ථාන ඉදි කෙරිණි. සංක්‍රමණිකයන්ට සහාය දැක්වීමට ස්වෙච්ඡා සේවකයන් දහස් ගණන් බඳවා ගැනිණි. දෙමාපියන් නොමැතිව එන දරුවන් දෙමාපියන්ට, අනුග්‍රාහකයෙකුට හෝ ඥාතියෙකුට භාර දීම සඳහා වෙනම වැඩපිළිවෙළක් සැකසිණි.

ඒ, නීතිමය රැකවරණය ලබාදීම සඳහා ඔවුන් යොමු කරවන අතරවාරයේදී ම ය. එය අතිශයින්ම සංකීර්ණ කාර්යයකි. උදාහරණයක් ලෙසට ටෙක්සාසයේ ඉදි කළ ඩෝනා සංක්‍රමණික මධ්‍යස්ථානයේ රඳවා සිටි 4100 දෙනාගෙන් 3400 ක්ම දෙමාපියන්ගෙන් වෙන්ව සිටි දරුවන් ය. මේ දරුවන් යුද්ධයෙන්, අයුක්තියෙන් සහ ම්ලේච්ඡත්වයෙන් පිරී ගිය සිය මව්රටවල්වලම ජීවත් වුණි නම් බිහිවනු ඇත්තේ ත්‍රස්තවාදීන් ය. නමුත් ඇමරිකාව විසින් සාදරයෙන් පිළිගත් පසු ඔවුන් ඇමරිකානුවන් බවට පත් වනු ඇත.

ග්වාතමාලාවේ සිට පැමිණි සීඩි ගේ කතාව අසන්න. ඇය රියෝ ග්‍රාන්දේ බෝඩරය පැන ඇමරිකාවට ඇතුළු වන්නේ සිය මාස 3 ක් වයසැති බිළිඳිය බ්‍රිජට් ව ද ඇකයේ හොවාගෙන ය. ඇමරිකානු දේශසීමා භටයන් පැමිණෙන තෙක් ඇය මෙසේ රැඳී සිටියේ සතුටු කඳුළු වගුරවමිනි. ඇය පැමිණියේ ට්‍රම්ප්ගේ සමයේ වී නම්, ඇය මේ මොහොතේ පසුවනු ඇත්තේ මර බියෙනි.

නව සාමාන්‍යය (new normal) වෙත රට හුරු කළ බයිඩන් 

ජෝ බයිඩන් මේ වන විට සිය රට කෝවිඩ් වසංගතයෙන් පසුව පැමිණි නව සාමාන්‍යය වෙත හුරු කරමින් සිටියි. කැලිෆෝනියා ජනපදයේ පාසල් මාර්තු මුල සතියේ විවෘත කෙරිණි. එහි බාලාංශ දරුවෝ පවා දැන් පාසල් යති. ඔවුන් අනිවාර්යයෙන්ම ආරක්ෂිත මුහුණු වැසුම් පැළඳ සිටින අතර පාසල විසින් ප්ලාස්ටික් ආවරණ සහිත, දුරින් දුරින් තබන මේස ලබා දී තිබේ. මෙයට හය මාසයකට පෙර මෙවැනි දෙයක් ඇමරිකානු පංති කාමරවල සිතාගැනීමට පවා නොහැකි තරම් විය.

ගි’ නි අ වි සීමා කළ බයිඩන් 
2021 වසර තුළ ඇමරිකාවේ මහා පරිමාණ වෙ ඩි තැබීම් 147 ක් සිදු වී ඇත. මාර්තු 23 වැනිදා කොලරාඩෝ සරසවි සිසුන් ද කිහිප දෙනෙක් ඝා තන යට ලක් වූ කොලරාඩෝ-බූල්ඩර් වෙඩි තැබීම එයින් ප්‍රධාන ය. එදා වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ ඡායාරූපශිල්පිනී රේෂල් වුල්ෆ් සමග ඒ වැළපෙන සිසුන් කීවේ කුමක්ද? ‘‘මේක අපිට අලුත් දෙයක් නෙවෙයි.‘‘‘ යනුවෙනි.

ඇමරිකානුවෙන්ගේ ගිනි අවි සංස්කෘතියට සීමා පැනවීමට බයිඩන් අවසානයේ තීරණය කරයි. මෙය ට්‍රම්ප්ගේ පාලන සමයේදී සිහිනෙන්වත් සිතන්නට හැකි දෙයක් නොවේ. අවසානයේ සිය දින 100 ඇතුළතසතියේ බයිඩන් විධායක කාර්යයන් ගණනාවක් සහිතව නව නියාමන නිකුත් කළේය.

මාර්තු මාසයේදී කොංග්‍රසය ගිනි අවි සම්බන්ධ නව නීති සම්මත කළේය. ඒ අනුව සියලු වාණිජ ගිනි අවි වෙළඳාම් දැඩි පසුබිම් පරීක්ෂණවලට ලක් කෙරෙනු ඇත.

දින සියයේ ආඩම්බරය 

දින සියය සපිරෙන දිනයේ ඔහු ජාතිය ඇමතුවේ කාන්තාවන් දෙදෙනෙක් දෙපසින් තබාගෙන ය. එනම්, බොහෝ දේශපාලන වේදිකාවල අප දකින, සභාව ලස්සන කරන – මේසය සරසන මල්පෝච්චි වැනි කාන්තාවන් දෙදෙනෙක් නොව, ඇමරිකාවේ බලවත්ම කාන්තාවන් බවට පත් වූ ප්‍රබල කාන්තා චරිත දෙකක් දෙපසින් තබාගෙන ය. ඒ, උප ජනපතිනී කමලා හැරිස් සහ කොංග්‍රස් නායිකා නැන්සි පෙලොසි ය.

‘‘මම – මට- මගේ – මං හින්දා‘‘ යනුවෙන් නිරන්තරව මතුරමින් ඊගෝ වෙන් රට පාලනය කළ ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන් නොව බයිඩන් දින 100 කතාව පවත්වන විට සිය පාලනයේ සාර්ථකත්වය පිළිබඳ සියලු ප්‍රශංසාවන් සෙසු අයට පවරා දුන්නේය. සිය පරිපාලන කටයුතුවලට සහයෝගය දැක්වූ රිපබ්ලිකන්වරුන් ට පවා එම ප්‍රශංසාව ඔහු බෙදා දුන්නේය.

අවම වශයෙන් මේ දින 100 න් පෙන්වා දෙන පරිදි බයිඩන් සුමට ලෙස රට පාලනය කරමින් සිටියි. ඒකාධිපතිත්වයට, ජාතිකත්වයට වහල් වූ ජනතාවක් එයින් සෙමෙන් මුදා ගනිමින් සිටියි. නායකයෙකුගේ සාර්ථකත්වය මැනිය යුත්තේ ඔහුගේ වදන්වලින් නොව ක්‍රියාවෙනි. ඔහු වචනවලින් කෙරුමෙක් වන්නට පෙරුම් නොපුරයි.

නායකයෙකු යනු පාරම්බාන්නෙකු සහ පුරාජේරුවට පෙම් බඳින්නෙකු නොව සැබෑ පුරවැසියන්ගේ ප්‍රශ්න හඳුනන මිනිසෙකි. රාජ්‍යය සහ ආණ්ඩුවේ වෙනස ඔහු හඳුනයි. ‘රාජ්‍යය යනු මා ය‘ යැයි කී ප්‍රංශයේ 14 වැනි ලුවී රජු මෙන් නොහැසිරෙයි. ඒ නිසා පක්ෂයක පරමාදර්ශ හෝ බහුතරයක පරමාදර්ශ වෙනුවෙන් නොව සියලු ජනතාවගේ විවිධත්වය වෙනුවෙන් සියලු පුරවැසියන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ඔහු වැඩ කරයි. ඒ අනුව බයිඩන් විසින් මුළු ලෝකයටම ලබා දී තිබෙන්නේ අමිල ආදර්ශයකි.

Courtesy – අවුට්බවුන්ඩ් ටුඩේ | www.outboundtoday.com

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button