දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ තීරණාත්මකම කාලය පැමිණෙයි – ඉදිරි සති 3 අතිශය තීරණාත්මකයි

ඉදිරි තෙසතියක කාලය මෙරටට තීරණාත්මක බව කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ‘මව්බිම’ ට පැවැසීය.

විශේෂයෙන් පෞද්ගලික හා රාජ්‍ය ආයතනවල සේවකයන් කැඳවීමේදී අත්‍යවශ්‍යම සේවකයන් පමණක් කැඳවන ලෙසත් සේවකයන් කැඳවන්නේ නම් ලබාදී ඇති උපදෙස් හා චක්‍රලේඛවලට අනුව කැඳවීම් සිදුකරන ලෙසත් යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

විවාහ මංගල උත්සව, වෙනත් සැමරුම් උත්සව මෙන්ම ප්‍රිය සම්භාෂණ ඇතුළු සියලු ජන ඒකරාශී වීම් තහනම් කොට ඇති පසුබිමක අසල්වැසි නිවෙස් හෝ මිතුරන්ගේ නිවෙස්වලට යමින් සාද දැමීම, එක් රැස් වීම්ද මෙම තෙසතියක කාල සීමාවේ සිදු නොකළ යුතු බවද හෙතෙම කියා සිටියේය.

තමනුත්, නිවෙසේ අනෙකුත් අයත් කොරෝනා ආසාදිතයකු නොවීමට සියලු දෙනා වගකීම හා ස්වයං විනයකින් කටයුතු කළ යුතු බවද හෙතෙම අවධාරණය කළේය.

එසේම කොරෝනා ව්‍යාප්තිය හමුවේ හුදෙකලා කෙරෙන ප්‍රදේශයන්ගෙන් පිටතට ඒමට හෝ ඒ තුළට ඇතුළු වීමට කිසිවකුට ඉඩ නොදෙන වැඩිදුරටත් අදහස් දැක්වූ යුද හමුදාපතිවරයා අවධාරණය කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button