දේශීය පුවත්ප්‍රධාන පුවත්

කොවිඩ් එන්නත් වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට ජපන් රජයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක්

මෙරට කොවිඩ් එන්නත් වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 5කට අධික වටිනාකමකින් යුත් සීතල දාම ආධාරක උපකරණ (Medical Protable Freeze free vaccine carriers) (Cold Box) 500ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ජපන් රජයේ ආධාර යටතේ අද (මැයි 1) ප්‍රදානය කර තිබේ.

එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික ළමා අරමුදලේ (UNICEF) ද සම්බන්ධීකරණයෙන් කොළඹ පිහිටි යුනිසෙෆ් ප්‍රධාන කාර්යාලයේ දී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ශ්‍රී ලංකා ජපන් තානාපති සුගියාමා අකිරා මහතා විසින් මෙම පරිත්‍යාගය සංකේතාක්මකව ලබා දී ඇත.

මෙහි දෙවන අදියර යටතේ ඉදිරියේ දී සීතල දාම ආධාරක උපකරණ 750ක් ලබාදීමට ද නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සිට ක්ෂේත්‍රයේ දී එන්නත්කරණ අවස්ථාවන් දක්වා ආරක්ෂිතව, නියමිත උෂ්ණත්වය යටතේ මෙම vaccine carriers මගින් එන්නත් රැගෙන යාම සිදු කළ හැක.

තාරක සම්මාන්
මව්බිම

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button