විශේෂාංග

කොරෝනා වසංගතයේ අලුත් තත්ත්වයන්ට මුහුණදෙන්න අපට පුළුවන්

තරමක් දුරට හෝ පාලනය වී තිබුණු වසංගත තත්ත්වය නැවතත් නරක අතට හැරිලද? 

ඔව්. එවැනි තත්ත්වයක් ඇති වෙන්න ප්‍රධාන වශයෙන්ම හේතුවෙලා තියෙන්නේ කාගෙ කාගේත් නොසැලකිල්ලයි. විශේෂයෙන්ම පහුගිය අවුරුදු සමය තුළදී සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් සහ බෙහෙත් ගැන අවධානය යොමු නොකිරීම වගේම නොදැනුවත් බවත් ඒ සඳහා හේතුකාරක වුණා කියලයි මට හිතෙන්නේ.

දැනටත් බද්දේගම රෝහලෙන් සහ ඇල්පිටිය රෝහලෙන් ආසාදිතයන් සැලකිය යුතු ප්‍රමාණයක් හමුවෙලා තියෙනව. දැනට දැනගන්න ලැබිලා තියෙන විදිහට වැඩිපුරම ආසාදිතයන් හදුනාගෙන තියෙන්නේ සෞඛ්‍ය අංශයෙන්. බෙහෙතක් තිබුණු පළියට රෝගියෙක් වෙන්න අවශ්‍ය නැහැ කියන එක බොහෝ අය අමතක කළ බවක් තමයි දැන් පෙනෙන්න තියෙන්නේ. ඇත්තටම අපට බෙහෙතක් ගන්න ඕන වෙන්නේ ලෙඩ වුණොත් විතරයිනෙ.

බෙහෙතක් තිබුණා වුණත් ලෙඩක් හදා නොගත්තොත් ප්‍රශ්නයක් නැහැනෙ. පහුගිය දවස්වල අලුත් වයිරස් කාණ්ඩයක් ඇවිල්ලා තියෙනවා කියලා අදහසකුත් පැතිරුණා. මේ වසංගත තත්ත්වයට අදාළව බි්‍රතාන්‍යයේ තිබුණෙත් ඔය වගේම තත්ත්වයක්. මේ වයිරසය මුලින්ම හානි කරන්නෙ පෙණහලුවලටයි. කොරෝනාවලදී ‘ලන්ග් ෆයිබ්‍රෝසිස්’ (Lung Fibrosis) හෙවත් පෙණහලු ආශ්‍රිත ෆයිබ්‍රෝසිස් තත්ත්වයට බෙහෙත් කරන්න ඕන කියලා මම මුල ඉඳලම කිව්වේ ඔන්න ඔය හේතුව නිසායි.

මම මේ බෙහෙත හැදුවෙත් පෙණහලු ආශ්‍රිත ෆයිබ්‍රෝසිස් තත්ත්වයටත් අදාළ වන විදිහටයි. පවතින තත්ත්වයන්ට අනුව වෙනස් වෙන එක වයිරසයක සාමාන්‍ය ලක්ෂණයක්. ඒ කියන්නේ වයිරසයක් පවතින තත්ත්වයන්ට අනුවර්තනය වෙනවා. වයිරසය පරිසරයට අනුවර්තනය වෙනවා වගේම සිරුරේ රැඳෙන්න පුළුවන් ක්‍රමයක් හොයා ගන්නව. අපි වයිරසයෙන් ගැලවෙන්න හදන ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයක් අපේ සිරුර ඇතුළෙ හදාගෙන අපි හදන ක්‍රමය මඟහැරලා වයිරසය ක්‍රියාත්මක වෙනවා. එහෙම ක්‍රියාත්මක වෙන වයිරසය මුලින්ම ආසාදනය වෙන්නෙ පෙණහලුවලටයි.

වයිරස ප්‍රභේදය වෙනස් වනවිට ඒ අනුව ඔෟෂධයත් නැවත සකස් කළ යුතුද? 

නැහැ. වයිරස් ප්‍රභේදය වෙනස් වුණා කියලා ඖෂධය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් ඇතිවෙන්නේ නැහැ. වයිරසයේ බලපෑම නිසා ඇති වන රෝග තත්ත්වයන් සහ අදාළ රෝග ලක්ෂණ සියල්ල ඔෟෂධය සැකසීමේදී සැලකිල්ලට අරගෙන තියෙන නිසා වයිරසයේ ස්වභාවය කුමක් වුණත් මේ ඔෟෂධය නිසි ආකාරයට ක්‍රියාත්මක වෙනවා. මේක පෙණහලු ආශ්‍රිත ෆයිබ්‍රෝසිස් තත්ත්වය සහ ‘පල්මොනරි කැන්සර්’ (Pulmonary Cancers) හෙවත් පුප්සීය පිළිකා වැනි තත්ත්වයන් ඉලක්ක කරගෙන සකස් කළ ඔෟෂධයක් නිසා වයිරසයේ ස්වභාවය වෙනස් වුණත් එයින් ඇති වන බලපෑම් සියල්ල පාලනය කරන්න හැකියාව මේ ඔෟෂධයට තියෙනවා.

නව කොරෝනා ඖෂධය දැන් වෙළෙඳපොළේ තිබෙනවාද? 

ඔව්. මේ වෙනකොට ඔෟෂධය වෙළෙඳපොළට නිකුත් කරලා තියෙනවා. ඔෟෂධය ලබාගත හැකි අලෙවිසල් කිහිපයකුත් රට පුරා විවිධ ස්ථාන කිහිපයක තියෙනවා. අනුරාධපුර, මහනුවර සහ නිට්ටඹුව ඇතුළු ප්‍රදේශ කිහිපයක තියෙන ඒ අලෙවිසල්වලින් දැන් ඕනම කෙනකුට ඔෟෂධය ලබාගන්න පුළුවන්. දැනට පවතින තත්ත්වයන්ට අවශ්‍ය ආකාරයට ඔෟෂධය සපයන්න අපට හැකියාව තියෙනවා.

දැනට පැහැදිලිව තහවුරු වෙලා තියෙන විදිහට මේ ඔෟෂධයෙන් කොරෝනා මර්දනය කරන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙන නිසායි මම එහෙම කියන්නෙ. පහුගිය කාලය පුරාම මේ ඔෟෂධය ගැන බොහෝ අය තුළ ලොකු විශ්වාසයක් ගොඩනැඟුණා කියලා මම හිතනවා. මේ වෙනකොට ඔෟෂධය සඳහා ආයුර්වේද සූත්‍ර කමිටුවේ අනුමැතියත් ලැබිලා තියෙනවා. කාලයක් යන තුරුම ඔෟෂධය ගැන ලොකු ප්‍රචාරයක් ලබාදීමට උත්සාහ නොගත්තේ අවශ්‍ය ප්‍රමාණයට සැපයුම ලබාදෙන්න හැකියාවක් නොතිබුණු නිසායි. ඒත් දැන් අපට සැපයුම පිළිබඳ ප්‍රශ්නත් නැහැ.

දැනට පවතින තත්ත්වය සැලකිල්ලට අරගෙන ඔෟෂධය වැඩි වැඩියෙන් ජනතාව අතරට ගෙනියන්න කියලා බොහෝ අය කියනවා. විශේෂයෙන්ම දේශීය වෛද්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මැතිතුමා මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදීම මට කතා කරලා දැනට පවතින තත්ත්වය හමුවේ ඉතා ඉක්මනින් ඔෟෂධය ප්‍රචලිත කළ යුතු බව පෙන්වාදුන්නා.

ඔෟෂධය සඳහා අනුමැතිය ලබාගැනීමට පවා මාව උනන්දු කරමින් එතුමා දක්වපු සහයෝගයට මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. දැන් දැන් බොහෝ අෑත පළාත්වල අය පවා මේ ඔෟෂධය ගැන තොරතුරු දැනගෙන අලුත්වල ‘ලංකාපුර වෙදමැඳුර’ හොයාගෙන එනවා. ඒත් දැන් එහෙම එන්න අවශ්‍යත් නැහැ. අපි හැකි ඉක්මනින් ලංකාව පුරාම හැම කෙනකුටම මේ ඔෟෂධය ලබාගන්න පුළුවන් වන ආකාරයට බෙදාහැරීම් කටයුතු කරන්න කටයුතු යොදනවා.

මෙවැනි ඔෟෂධයක් සකස් කරන්න පසුබිම සකස් වෙන්නේ කොහොමද? 

ඇත්තටම මේ ඔෟෂධය මුලින්ම නිෂ්පාදනය කළේ ලංකාවට නෙවෙයි. ඒ වෙනකොට කොවිඩ් – 19 බරපතළ වශයෙන් ලංකාවේ ව්‍යාප්ත වෙලා තිබුණේ නැහැ. විදෙස් රටක ඉන්න මගේ හිතවත් ජර්මන් ජාතික වෛද්‍යවරයෙක් කතා කරලා මෙහෙම ලෙඩක් තියෙනවා කියලා මාව දැනුවත් කළා. මම ඩෙංගු රෝගයට ඔෟෂධයක් නිෂ්පාදනය කළ බව ඔහු දන්නවා. ඔහුත් ඒ ඔෟෂධය පාවිච්චි කළා. ඔහු ලංකාවෙන් යන්න දවස් දෙකකට කලින් ඔහුට ඩෙංගු රෝගය වැලදුණා.

ලංකාවෙන් පිටත්වෙන්න නියමිතව තිබුණු ගුවන්යානයට යන්න බැරිවෙයි කියලා ඔහු බය වුණා. ඊට පස්සෙ මම ඔහුට කතා කරලා එහෙම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ කියලා ඩෙංගු රෝගය සඳහා මම හදපු ඔෟෂධය ඔහුට දුන්නා. ඔහුටවත් හිතාගන්න බැරි විදිහට ඒ ඔෟෂධයෙන් ඔහුට සුවය ලැබුණා. ඊට පස්සෙ “ලංකාව පුදුම රටක්” කියලා ඔහු කිව්වා. මේ රටේ ඩෙංගු වගේ වයිරස්වලට බෙහෙත් තියෙනවා කියන එක ඔහුට අදහාගන්න බැරිව ගියා. ඔහුට කිසිම සංකූලතාවක්වත් ආවෙ නැහැ. කොවිඩ් – 19 වයිරසය ගැන සියලු විස්තර සහ ඒ වයිරසයෙන් වෙන්නෙ මොකක්ද කියන එක ගැන තොරතුරු සහ වාර්තා ඔහු මට එව්වා.

ඒ සියලු තොරතුරු මට එවලා පුළුවන් නම් මේ රෝගය සඳහා ඔෟෂධයක් නිපදවන්න උත්සාහ කරන්න කියලා ඉල්ලීමක් කළා. එයා දැනගෙන හිටියා මම පල්මොනරි කැන්සර් (Pulmonary Cancers) හෙවත් පුප්පුසීය පිළිකා වගේම පුප්පුසීය ෆයිබ්‍රෝසිස් (Pulmonary Fibrosis) සහ ලේ කැටි ගැසීම් (ඕතධධඤ ඛ්තධබඵ) තත්ත්වයට ප්‍රතිකාර කරන බව. මේ රෝග ලක්ෂණ දෙකම කොවිඩ් රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ හැටියට සැලකෙනවා.

ඒ තත්ත්වයන්ට ප්‍රතිචාර දක්වන්න පුළුවන් විදිහට පිටරටවලට යවන්න තමයි මම ඔෟෂධය සකස් කළේ. ලංකාවේ පළමුවැනි වරට කොරෝනා වසංගත රැල්ල මතුවෙනකොටත් ඔෟෂධය සකස් කරලා අවසන්. ඒ වසංගත තත්ත්වය ආවට පස්සෙත් මේ ඔෟෂධය අපි ළඟ තිබුණා. ඒත් වසංගතය දිගින් දිගට පැතිරෙන එකක් නැති වෙයි කියලා හිතපු නිසා මේ වගේ ඔෟෂධයක් ඕනෑ වෙන එකකුත් නැති වෙයි කියලයි මම හිතුවෙ.

ඒ නිසා මම සුපුරුදු ආකාරයට මගේ අනෙකුත් සාමාන්‍ය ප්‍රතිකාර කටයුතු කරගෙන ගියා. ඊට පස්සෙ තමයි මේ වගේ ඔෟෂධයක් අවශ්‍ය වන තත්ත්වයක් උදාවුණේ. ඒ වෙද්දි මුලින්ම ඔෟෂධය නිෂ්පාදනය කළේ අපනයනය කරන්නයි. ඒත් ඇතිවුණු තත්ත්වය හමුවේ ඒ අපනයන අරමුණ පැත්තකින් තියලා ලංකාවේ අයට ඔෟෂධය ලබාදෙන්න සිද්ධ වුණා.

එහෙත් මෑතක් වන තුරුම මේ ඔෟෂධය ගැන සමාජය දැනුවත් වුණේ නැහැ? 

එවැනි දැනුවත් කිරීමක් කරන්න හැකියාවක් සහ අවශ්‍යතාවක් තිබුණේ නැහැ. මේ ඔෟෂධය ගැන ප්‍රචාරයක් ලබාදෙන්න මම උනන්දු වුණෙත් නැහැ. මාධ්‍යවලින් මේ ඔෟෂධය ගැන විමසීම් කළා. ඒත් මාධ්‍යට වුණත් මේ ගැන කතා කරන්න මම උත්සාහ කළේ නැහැ. පහුගිය කාලය තුළ ආයුර්වේද ක්ෂේත්‍රය තුළ සිද්ධවෙමින් තිබුණු දේවල් දිහා මම පැත්තකට වෙලා කලකිරීමෙන් බලාගෙන හිටියා. නිවැරදි දෙයක් කරනවා නම් ඒ ගැන මහා ලොකුවට කෑ ගහන්න අවශ්‍ය නැහැ කියලයි මම හිතුවෙ. හැබැයි දැන් වෙනකොට එහෙම දිගටම නිහඬව සිටින එකත් වැරදියි කියලා මට හිතෙනවා. ඒ නිසා මම දැන් ඔෟෂධය ප්‍රචලිත කරන්න අවශ්‍ය කටයුතු යොදලා තියෙනවා.

ඉදිරියේද ලංකාවට අවශ්‍ය ඔෟෂධ සැපයුම ලබාදෙන්න ඔබට පුළුවන් වෙයිද? 

අනිවාර්යයෙන්ම පුළුවන්. අපි ලංකාවේ ජනතාවට මැරෙන්න දෙන්නෙ නැහැ. ඔෟෂධය ගැන දැනට බොහෝ අය දන්නෙ නැති නිසා තවමත් ඔෟෂධය ලොකු පිරිසක් අතරට ගිහින් නැහැ. හැබැයි මේ ඔෟෂධය පාවිච්චි කළොත් සහතික වශයෙන්ම කොවිඩ් රෝගයෙන් සුවය ලබන්න පුළුවන්. මේ ඔෟෂධය මඟින් රෝගියාගේ ශරීරයේ ලේ මිදෙන එක නතර වෙනවා. කිරීටක ධමනි අවරෝධය පුප්පුසීය ෆයිබ්‍රෝසිස් සහ අභ්‍යන්තර අවයව දුර්වල වීම වගේම පොටෑසියම් අඩුවෙන මට්ටමට එන තත්ත්වයන් පාලනය කරන්න මේ ඔෟෂධයට පුළුවන්. මේ ඔෟෂධයෙන් ඩෙංගු වගේම කොවිඩ් රෝගයත් සුව වෙනවා.

ඔබ වයිරසය පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක තොරතුරු ලබාගත්තේ කොහොමද? 

මම අර කලින් කියපු මගේ හිතවත් වෛද්‍යවරයා මට මේ වයිරසය සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ විද්‍යාත්මක පැතිකඩ වගේම මට අවශ්‍ය තොරතුරු සියල්ල ලබාදුන්නා. මේ වයිරසය මනුෂ්‍ය ශරීරය තුළ ක්‍රියාත්මක වෙන ආකාරය ගැන පැහැදිලි විස්තරයක් ඔහුගෙන් මට ලැබුණා. ඒ විස්තරවලට අනුව මේ වයිරසය ගිහිල්ලා සුදු රුධිර සෛලවල ඇලවෙනවා. ඉන් පසුව ඒ සෛල තුවාල කරගෙන වයිරසය ඇතුළට යනවා. ඒක නවත්තන එක තමයි අපි කරන්න ඕන.

ඔෟෂධය ක්‍රියාත්මක විය යුත්තේ සුදු රුධිර සෛලයට හානි කරලා වයිරසය ඇතුළට යන එක වළක්වන වැක්ස් ආවරණයක් විදිහටයි. මෙයට පෙරත් මම පාරම්පරික ඔෟෂධ යොදාගෙන පුප්පුසීය ෆයිබ්‍රෝසිස් තත්ත්වයට ප්‍රතිකාර කරලා තියෙනවා. ඊට අමතරව අංශභාග රෝගීන්ගේත් ලේ කැටිගැහෙන එක නතර කරන්න මම ප්‍රතිකාර කළා. කොවිඩ් රෝගයේදී ශරීරය තුළ ඇති වන තත්ත්වය ඒ රෝග තත්ත්ව දෙකට වඩා තරමක් වෙනස්. කොවිඩ් රෝගයේදී ශරීරයේ පොටෑසියම් මට්ටම අඩුවෙනවා. අතපය රිදෙන එක, හන්දිපත් රුදාව වගේ දේවල් ඇතිවෙනවා. මුල්ම අවස්ථාවේදී මේ ඔෟෂධය දුන්නොත් සිරුර තුළදී ඒක වැක්ස් එකක් වගේ වැඩ කරනවා. මේ ඔෟෂධ්‍ය හරහා මම කළේ වයිරසයට ශරීරය තුළ ඉන්න බැරි විදිහෙ පරිසරයක් ගොඩනැඟීමයි. එතකොට රෝගය පුප්පුසීය ෆයිබ්‍රෝසිස් තත්ත්වයට යන්නේ නැහැ. ඒ අවස්ථාවෙ ඉන්න රෝගියකුට මේ ඔෟෂධය දුන්නොත් ඒ පුද්ගලයාව සුව කරගන්න පුළුවන්.

මම කලිනුත් පෙණහලුවල තරල එකතුවෙන රෝගීන්ට ඔය ආකාරයටම ප්‍රතිකාර කළා. බටහිර වෛද්‍ය ක්‍රමයේදී කරන්නෙ අදාළ ආසාදිත ස්ථාන හොයාගෙන ඒවා අයින් කරන එකයි. එතැනදී ඔවුන්ට ඒකීය ඔෟෂධයක් නැහැ. රෝග ලක්ෂණවලට දෙන ලාක්ෂණික ප්‍රතිකාර තමයි ඔවුන්ට තියෙන්නෙ. ඒ කියන්නේ ඒ ප්‍රතිකාර ලබාදෙන්නේ රෝග ලක්ෂණ අනුවයි. ඒ ආකාරයට ප්‍රතිකාර කරනකොට ලේ මිදෙන තත්ත්වය හෙවත් ලේ සීතල වෙන තත්ත්වය ඇතිවුණාම කරන්න දෙයක් නැති වෙනවා.

මේ ඔෟෂධයෙන් ලේ සීතල වීම නතර වෙනවා. ඒ නිසා මේ ඔෟෂධය බටහිර ඔෟෂධවලට වඩා ඉදිරියෙන් ඉන්නවා. බටහිර වෙදකමට වඩා බොහෝ දේවල් දේශීය වෙදකමෙන් කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නෙත් අන්න ඒ වගේ කාරණා නිසායි. අපි දේශීය වෙදකමෙන් සුවපත් කරන බොහෝ ලෙඩ රෝගවලට බටහිර වෙදකමේ අදටත් ප්‍රතිකාර නැහැ. හෙළ වෙදකමෙන් සුවපත් කළ හැකි පිළිකාවටවත් දැනට සාර්ථක ප්‍රතිකාරයක් බටහිර වෙදකමේ නැහැ.

මේ ඔෟෂධය නිෂ්පාදනය කිරීම සඳහා ඔබට බටහිර වෛද්‍ය විද්‍යා දැනුම වැදගත් වුණාද? 

ඔව්. වැදගත් වුණා. බටහිරට අවශ්‍ය විදිහට තාක්ෂණික ක්‍රමවේද හරහා යම් යම් දේවල් කරන්නත් මට සිදුවුණා. සාමාන්‍යයෙන් නම් පාරම්පරික ඔෟෂධයකට ITI වාර්තා ලබාගැනීම වගේ දේවල් අදාළ නැහැ. හැබැයි මේ ඔෟෂධය සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය ඉදිරිපත් කරලා ඒවායේ තියෙන බැර ලෝහ, පෙප්ටිසයි, ආසනික් වගේ දේවල්වලට අදාළ ITI වාර්තා මම ලබාගත්තා. ඒ අනුව මේ ඔෟෂධයේ මනුෂ්‍ය ශරීරයට අහිතකර ද්‍රව්‍ය තියෙනවද කියන එක පරීක්ෂා කරලා බලලා ITI වාර්තාවක් නිකුත් කළා.

සමහර බටහිර වෛද්‍යවරු වැනි අය හිතන්නේ ආයුර්වේද ඔෟෂධයක් සඳහා අනුමැතිය දෙනකොට ඒ ඔෟෂධය ගැන කිසිදෙයක් හොයන්නෙ බලන්නෙ නැතිව නිකම් ඔහේ දෙනවා කියලයි. එහෙම එකක් නැහැ. ආයුර්වේද ඔෟෂධයකට අනුමැතිය දෙනකොට බරපතළ ක්‍රමවේදයක් අනුගමනය කෙරෙනවා. මේ ඔෟෂධයට අනුමැතිය ලබාගැනීමේදී මට ලොකු අපහසුතාවක් ඇති වුණේ නැත්තෙ කලින් ඩෙංගු ඔෟෂධය සඳහා අනුමැතිය ලබාගැනීම සම්බන්ධ අත්දැකීම් අනුව අදාළ ක්‍රමවේදය ගැන මට කිසියම් දැනුමක් තිබුණු නිසයි. මේ ඔෟෂධය සඳහා මම ITI වාර්තා ලබාගත්තා. ඊට අමතරව තවත් වෛද්‍යවරුන්ටත් මේ ඔෟෂධය පරීක්ෂා කරලා බලන්න දුන්නා. ඒ හරහා ඔෟෂධයේ සාර්ථකත්වය පිළිබඳ දත්ත ලබාගත්තා. ඒ සියල්ලෙන් පසුව තමයි ඔෟෂධය සඳහා අවශ්‍ය සහතිකය ලැබුණේ.

Courtesy – Mawbima

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button