විදෙස් පුවත්

සෑම තරුණ මර’ණයක් හමුවේම මා කඩාගෙන වැටෙනවා – නූතන විශාලාව ඉන්දියාවේ හෙදියක් කියන දුක්බර කතාව

සුනාමියක් මෙන් නැගවිත් තිබෙන ඉන්දියාවේ දෙවන කොරෝනා රැල්ල විසින් මේ වනවිට සමස්ත ඉන්දියාවේම මහජන සෞඛ්‍ය දැඩි අර්බුදයකට ගොස් තිබේ. ඔක්සිජන් හීනය හේතුවෙන් මිනිසුන් දහස් ගණනින් මියැදෙමින් තිබීම තුළ එය තහවුරු කර ඇත.

සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීම් සිදුකර තිබුණද දේශපාලනික වශයෙන් කොවිඩ් 19 හමුවේ අවදානමට සූදානම් නොවීම තුළ අද අහිංසක ඉන්දියානුවන් සිය ජීවිතවලින් වන්දි ගෙවමින් පසුවෙයි.

දරුණු මානව ඛේදවාචකයක සාක්ෂි සටහන් රැසක් ඉතිරි කරමින් ඉන්දියාව ඉදිරියට ඇදෙමින් තිබෙන අතර මේ වන විට ලොව දස දෙසින් එම ජනතාවට උපකාර ලැබෙමින් තිබේ.

මනුෂ්‍යයන් ලෙස එලෙස අත්වැල් බැඳ ගැනීම නොවන්නට කිසිවෙකුටත් මේ මාරයා පරාජය කිරීම හිතන තරම් ලෙහෙසි කටයුත්තක් නොවේ. එහෙයින් කොවිඩ් පාරාජය කිරීමේ සටනේ අංක එක වීම නොව ලොවක් ලෙස එය සාමූහිකව පරාජය කිරීමේ අවශ්‍යතාව මතුව ඇත.

දෙවන රැල්ල ආරම්භ වීමත් එක්ක රෝගීන් ආවේ ගං වතුරක් වගේ

ලොවම සසල කරමින් ඉන්දියාවම හෝදාපාළුවට ලක්කර තිබෙන කොවිඩ් 19 වෛරසය සමඟ එය පරාජය කරමින් සිය වැසියන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඉදිරිපෙළ සටන් වදින සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ හෙදියක් සිය අත්දැකීම් BBC මධ්‍ය සමඟ බෙදාගෙන තිබුණි.

දිල්ලියේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රධාන හෙද නිලධාරිනියක් වන විවේකී කපූර් කොවිඩ් 19 පාරාජය කිරීමේ සටනේදී තමන් අත්පත්කරගත් කුඩා ජයග්‍රහණ මෙන්ම පරාජයන් BBC සමඟ පවසා තිබේ.

හෙද කාර්ය මණ්ඩලයේ 25 දෙනෙකුට නායකත්වය දෙන විවේකී කපුර් සිය කතාව ආරම්භ කරන්නේ වසංගතය ආරම්භයේදීම බොහෝ පිරිසක් සිය රැකියාව අත්හැර යාම ගැන පවසමිනි. එලෙස ඉවත්ව ගොස් ඇත්තේ පවතින අවදානමට සාපේක්ෂව ඔවුන්ගේ වැටුප් ප්‍රමාණවත් නොවන බව පවසමිනි.

දෙවන රැල්ල ආරම්භ වීමත් සමඟ ගං වතුරක් සේ රෝගීන් රෝහල වෙත ඒමට පටන් ගෙන ඇති අතර අවසානයේදී බොහෝ දෙනෙක් රෝහලේ ඉඩ නොමැති වීම නිසාම හරවා යවන්නට සිදු වූ බව විවේකි පවසයි.

මේ වන විට ඔවුන්ගේ දෛනික වැඩ ප්‍රමාණය 05 ගුණයකින් ඉහළ ගොස් ඇති අතර නියමිත වෙලාවට රාජකාරියට පැමිණියද නැවත පිටව යන වේලාවක් ගැන නිශ්චිතව කිව නොහැකි බව ඇය කියා සිටියි. සියලුම හෙද හෙදියන් සිය රාජකාරී වේලාව ඉක්මවා වැඩ කරමින් හිඳින අතර විවේකය ගැන සිතීමටවත් වේලාවක් නොමැති බවයි ඇය පවසන්නේ.

”මම දැන් වසර 22ක සිට හෙදියක ලෙස වැඩකරනවා. පසුගිය කාලවලදීත් විවිධ විපත් හමුවේ හදිසි තත්ත්වයන් සමඟ වැඩකර තිබුණත් මෙය බලාපොරොත්තු නොවුණු තත්ත්වයක්. මම දැන් දවස අවසානයේ දැඩි ලෙස වෙහෙසට පත්වෙනවා. මට ඕනෑම තැනක දැන් නිදාගන්න පුළුවන්. තවදුරටත්
මට ඇඳක් අවශ්‍ය නැහැ.”

අයගේ මෙම වචන තුළම කොවිඩ් 19 හමුවේ ඔවුන් පසුවන තත්ත්වය ගැන වටහා ගැනීම අපහසු නොවේ.

අතනොහැර අපි අපේ උපරිමය කරමින් ඉන්නවා

”හෙද සේවය ලොව උතුම්ම වෘත්තියක් ලෙස නම් කර තිබෙනවා මෙන්ම අපව හඳුන්වන්නේ සොහොයුරිය ලෙසයි. අපගේ රෝගීන් සිතන්නේ අප පවුලක් ලෙසයි. නව රෝගියෙකු රෝහලට ඇතුළත් කළ පසු ඔවුන්ට මුලින්ම මුණගැහෙන කෙනා තමා හෙදිය. ඒ නිසා ඔවුන් අප සමඟ විශේෂ බැඳීමක් ඇතිකරගන්නවා. කොවිඩ් 19 වෛරසය සමඟ පැමිණෙන රෝගීන් පසුවෙන්නේ ඉතා විශාල බයකින්. අපි හැමවිටම ඔවුන් ධෛර්යමත්ව තබා ගැනීමට උත්සහ කරනවා.”

”මම ඔවුන්ට කියන්නේ සිංහයාගේ සහ මුවාගේ කතාව. මම ඔවුන්ට කියනවා මුවෙක් ඉතා වේගයෙන් දුවගෙන යනවා,නමුත් සිංහයා එහෙම නැහැ. සිය ප්‍රතිවාදියා බිය වූ පසු ඌව අල්ලා ගැනීමට හැකි බව සිංහයා දන්නවා. ඒ නිසා සිංහයා වගේ බිය නොවී ඉන්න ලෙස මම ඔවුන්ට කියනවා. මම රෝගීන්ට හැමවෙලාවෙම කියන්නේ ධනාත්මකව සිතන්න කියල. එහෙම නොවුණොත් ජයගන්නේ වෛරසය.

මීට පෙර අවස්ථාවලදී හෙද සොයුරු සොයුරියන්ට චෝදනා එල්ල වුණා රෝගීන්ගෙන්. ඔවුන් චෝදනා කළේ හෙදියක් කැඳවුවත් ඔවුන් වහාම නොපැමිණෙන බවයි. නමුත් දැන් තත්ත්වය එහෙම නැහැ. රෝගීන් වුණත් දැන් ඉතා සහයෝගයෙන් කටයුතු කරනවා.

අපි ගොඩක් මහන්සි වෙනවා කියලා ඔවුන්ට පේනවා. සමහර වෙලාවට ඔවුන් අපෙන් අහනවා දවල්ට කෑවද? ගිහින් කාලා එන්න. වතුර ටිකක බීලා තේ එකක් බීලා එන්න කියල.

පළමු රැල්ලේදී අපට වැඩි වශයෙන් වාර්තා වුණේ වැඩිහිටි රෝගීන්. නමුත් දැන් තත්ත්වය වෙනස් වෙලා. අවුරුදු 15-17 තරම් තරුණ අය දැන් රෝගී වෙලා එනවා. එය ඇත්තටම කණගාටුවක්. අපි අපේ උපරිමය කරනවා. රෝගියෙකුගේ අවසන් එක හුස්ම ඉතිරිවන තුරු අප ඔවුන් රැකගැනීමට වෙහෙසෙනවා.

රෝගියෙක් සුවපත් වෙනවා දැකීම මට මහත් සතුටක්. මට දැනෙනවා මට මිනිසුන්ට උදව් කළ හැකි බව.

නමුත් රෝගියෙකු මිය ගිය විට මට දැනෙන්නේ එය තැලී’මක් ලෙසයි. තරුණ මර ණ හමුවේ මම ඉතා විශාල පීඩාවක් විදින්නේ. ඔවුන්ගෙන් කෙනෙකු මිය යන සෑම අවස්ථාවකම මගේ හදවතයි බිඳෙ න්නේ.

සෑම තරුණ මරණයක් හමුවේම මා කඩාගෙන වැටෙනවා

”ළඟදී මගේ දුවගේ මිතුරෙකුගේ පියා මිය ගියා. ඔහු තරුණ කෙනෙක්. මට එය දැනුණේ හෘදයාබාධයක් වගෙයි. නමුත් ඒ පවුලේ අය සනසනවා ඇරෙන්න මම මොනවද කරන්නේ?

පසුගිය සතියේ මගේ රෝහලේ රෝගීන් 25ක් මිය ගියා ඔක්සිජන් පහත වැටීමෙන්. මට විශාල අසරණකමක් දැනුණේ. ඒවගේම තරහක්.”

අපේ නායකයින් සැලකිලිමත් වුණේ මැතිවරණ ජයග්‍රහණ ගැන විතරයි

”මම ඉන්දියානුවෙකු වීම ගැන සෑම විටම ආඩම්බර වීමට පුරුදුව සිටියත් දැන් මේ සිදුවන දේවල් දැකලා මගේ හදවත බිදිලා තියෙන්නේ. මම දොස් කියනවා මේ රටේ නායකයින්ට. ඔවුන්ට හැමවෙලාවෙම සැලකිලිමත් වුණේ මැතිවරණ ජයග්‍රහණය කිරීම ගැන.

මේ කොවිඩ් 19 වසංගතය මගේ රැකියාව තුළ ආතතියට පත් කර තිබෙනවා වගේම මගේ පවුල් ජීවිතය තුළත් මා ආතතියට පත්කර අවසන්.”

විවේකි කපුර් මෙලෙස සිය අත්දැකීම් වචනවලට පෙරළන්නේ මේ වනවිට සාතිශය බහුතරයක් ඉන්දියානුවන්ගේ අත්දැකීම් නොවේද? වෘත්තීන්, තත්ත්වයන් අතර වෙනස්කම් පැවතුණද අතිශය බහුතරයක් දෙනා කොවිඩ් 19 වසංගතය සමඟ අපේක්ෂාභංගත්වයට මෙන්ම දැඩි වේදනාවකින් පසුවෙයි. මෙය තවදුරටත් ලොව කවර හෝ තැනකින් ඇසීමට දැකීමට අවශ්‍ය නොවන්නකි. මෙය දැන් නම් ඉන්දියවෙන්ම අවසන් කරගැනීමට ගෝලීය මැදිහත් වීමක් අවශ්‍යව පවතියි.

තවදුරටත් විවේකි කපුර් සිය අත්දැකීම් ලෝකය සමඟ බෙදා ගෙන තිබුණි.

”මගේ සැමියා රජයේ රෝහලක වෛද්‍යවරයෙක්. පසුගිය සති දෙකක් ඔහු රෝගාතුරු වෙලා හිටියේ. ඒ නිසා මම තනිවම තමයි මගේ රැකියාව මෙන්ම නිවසේ වැඩ කළමනාකරණය කරගත්තේ. ඒ සියලු වැඩ මැද අපගේ දරුවන් තිදෙනාත් මම රැකබලා ගත්තා.

මේ අතර මතුරා නගරයේ ජීවත් වන මගේ මව සම්බන්ධයෙන් මම ඉතාම කනස්සල්ලෙන් හිටියේ. ඇය 90 හැවිරිදි වියේ පසුවන කාන්තාවක්. ඇයත් කොවිඩ් 19 පොසිටිව් වුණා. මගේ අම්මව රෝහලකට ඇතුළත් කරලා ඔක්සිජන් දෙන්න පුළුවන් වුණා. දැන් ඇය සුවපත් වෙලා නිවසට පැමිණ සිටිනවා. වයස 90ක් වූ ඇය කොවිඩ් මාරයාව පරාජය කළා. මම හිතනවා මම කරන හොඳ වැඩ මගේ රෝගීන්ගේ ආශිර්වාදය මට තිබෙනවා කියල.

මේ දැඩි වෙහෙස මැද තවදුරටත් මම මේ වැඩ කරගෙන යන්නේ මගේ පවුලේ අයගෙන් සහ මගේ අසල්වැසියන්ගෙන් නෑදෑයින්ගෙන් ලැබෙන ආදරය නිසා. ඔවුන් මා ගැන කරදර වන බව පැවසුවත් අප කරමින් ඉන්නේ වැදගත් වැඩක් බවට අවබෝධය ඔවුන්ට තිබෙනවා. ඔවුන් කියනවා මේ වෛරසයට බියෙන් එය ඔවුන් පසුපස පැමිණීම වළක්වා ගැනීම සඳහා නිවෙසට වී සිටියත් ඔබ එය හමුවීමට දිනපතා නිවසින් බැහැර යන බව. ඕක තමයි අපේ ජනතාවගේ තත්ත්වය. ඔවුන් ඉතා බියකින් පසුවෙන්නේ.

මගේ අසල්වැසියෙක් මා සමඟ මේ ළඟදී පැවසුවේ ඇය තමන්ගේ පවුල ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සෑම දිනකම සවස් වරුවේ මැටි පහනක් දල්වා යාඥා කළ බව. වෛරසය පැතිර ගියදා පටන් ඇය එය කරලා. ඇය මා වෙනුවෙනුත් අමතර පහනක් දල්වා මා වෙනුවෙනුත් යාඥා කරලා. ඇත්තටම එය මට ගොඩක් වටිනා දෙයක්.”

නොසලකා හැරීම්, පැහැර හැරීම තුළ අද ඉන්දියාව දරුණු මානව ඛේද’වාචකයකට මුහුණ දෙමින් පසුවෙයි. කෙළිදෙලෙන් විනෝදයෙන් පසු වූ උද්‍යාන තුළ පවා මෘ’ත දේහ දැවෙමින් තිබේ. දෛනිකව ලක්ෂ ගණනින් නව ආසාදිතයින් වාර්තා වන විට අනෙක් පසින් දහස් ගණනින් මරු වැළඳ ගනිමින් පසුවෙයි. විද්‍යාව, තාක්ෂණය අතික්‍රමණය කළ අසල්වැසියාගේ තත්ත්වය විසාලාවක් දක්වා අද වැටුණේ නම් අපගේ නොසලකා හැරීම්,පහර හැරීම් අපව කෙබඳු ඛේදවාචකයකට රැගෙන යනු ඇත්ද? එවැනි දවසක් ගැන කතා කිරීම අපට අවැසි නොවේ. එහෙයින් අසල්වැසියාගෙන් හෝ උගත යුත්තේ තමන් හිසට තම අතමය සෙවනැල්ල යන්නය.

දැන් සැබෑ ලෙසම අවශ්‍යව ඇත්තේ ඉන්දියාවෙන් පසු තවත් භූමියක් ගැන මෙලෙස කතා කිරීම නොව මෙතැනින් මේ ඛේදය අවසන් කරගැනීමය.

ආශිකා බ්‍රාහ්මණ

Courtesy – Lankanewsweb

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button