ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

මනමාලන් ගමට ගෙනා ටීනා අක්කි

මේ දවස්වල හැමෝම නරඹන ජනප්‍රිය ටෙලිනාට්‍යක් තමයි ස්වර්ණවාහිනියේ විකාශනය වන ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍ය. සරා ඇතුළු දඩබ්බර තරුණයන් කිහිපෙනෙක් වටා ගෙතෙන මෙම ටෙලිනාට්‍යට මේ වනවිට ලංකාවේ බහුතරයක ආදරේ දිනාගන්න සමත්වෙලා තියෙනවා. ඉතින් මේ ටෙලි නාට්‍ය ලස්සන කරන චරිතයක් තමයි ‘මාලන්’ කියලා කියන්නේ. හැමෝම ආදරේට ඔහුට කියන්නේ ‘මනමාලන්’ කියලා, ඉතින් මනමාලන් ළඟදී සරාලගේ ගමට නිලියක් එක්කගෙන එනවා.ඒ තමයි “ටීනා”. මේ ගමට ආව අලුත් නිළිය පිලිබඳ දැන ගන්න ඔයාලා හැමෝම ආස ඇති.

“නාඩගම්කාරයෝ” හි ‘ටීනා’ චරිතයට පන පොවන්නේ පසුගිය කාලයේ හැමෝම කතාවුන සබන් වෙළඳ දැන්වීමක හිනාවෙවී රෙදි හෝදපු කෙල්ල, ඇය තමයි දුනීෂා පියුමි ප්‍රාර්ථනා.මේ තරම් සන්තෝසෙන් රෙදි හෝදන කෙල්ලෙක් දැක්කමයි කියලා සමාජ ජාලාවල ගොඩක් පොස්ට් ඇය ගැන ශෙයා වුනා ඔබට මතක ඇති.

හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඇය 2018 වසරේදී උසස් පෙළට සහභාගී වි තියෙනවා.ඇයගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, ආච්චියි,ඇයයි පමණයි.ඇය දැනට රැකියාවක් නම් කරන්නේ නැහැ.ඇය 2016 වසරේ ITN අවුරුදු කුමාරි තරඟාවලියට සහභාගී වෙනවා.නමුත් ස්ථානයක් හිමි කරගන්න බැරි වෙනවා.ඉන්පසු 2017දි නැවතත් ITN අවුරුදු කුමාරි තරඟයට ඉදිරිපත් වෙනවා එහිදී අවසන් තරඟයට සුදුසුකම් ලබනවා, ඉන්පසුව ඇය 2018 වසරේදී තරඟ කළාට පස්සේ තුන්වෙනි ස්ථානය ජයග්‍රහණය කරනවා.

ඉන්පසු 2018 මිස් ඩයමන්ඩ් ක්වීන් පැජන්ට් එක ජයග්‍රහණය කරන්නත් ඇයට හැකිවෙනවා. දුනීෂාගේ එකම හීනය පරිසරවේදිනියක් වෙන එකලු, ඒ වගේම රංගනයෙනුත් ඉහලටම යන්න ඇය බලාපොරොත්තු වෙනවලු.

ඉතින් මේ දවස්වල හැමෝම හොයන නාඩගම් කාරයෝ ටෙලිනාට්‍යයේ ටීනක්කිගේ සුන්දර පින්තූර කිහිපයක් පහතින්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button