ගොසිප් පුවත්තරු හුට පට

රටම රත් කරමින් සිහින කුමරු ශිහාන් හදිසියේම කල ඉල්ලීම

ශිහාන් මිහිරංග කියන්නේ කවුරුත් ආදරේ කරන තරුණ පරපුරේ දක්ෂ හා ජනප්‍රිය ගායක ශිල්පියෙක්. සිරස සුපර් ස්ටාර් තරඟ වේදිකාව ජය ගන්න ඔහුට නොහැකි වුවත් රියැලිටි කිරුළ දරා දවසෙන් දෙකෙන් වේදිකාවෙන් නොපෙනීයන තරුවලට වඩා ඔහු රටක ලෝකයක ආදරය දිනාගනිමින් තවමත් ප්‍රෙක්ෂකයන් අතර ඉහළින්ම ඉන්නවා කිව්වොත් හරි.

ඉතින් මේ දිනවල ගායන ශිල්පී ශිහාන් මිහිරංගට කෝවිඩ් වෛරසය වැළඳී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත අසත්‍යක් බවට ඔහු සිය නිල ෆේස්බුක් පිටුව හරහා කියා තිබුණා.

ඒ වගේම ඔහු තවදුරටත් එවැනි අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙසද සිය රසියකයින්ගෙන් ඉල්ලමින් ඔහු දෙදිනක් පුරා ඔහුගේ දුක සැප විමසූ හා ඉක්මන් සුවය පතන ආදරණීය රසික සියලු දෙනාටම බොහොම ස්තුතියි යනුවෙන්ද සටහන් කර තිබුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button