custom_html_banner1
දේශීය පුවත්

සමාජ මාධ්‍ය වලට නව නීති පනවන බව ටෙහානි කියයි

custom_html_banner1
Spread the love

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන හිරිහැර කිරීම්(cyber bullying), වෛරී අදහස් දැක්වීම් , ළමා කාමුක දර්ශන පළ කිරිම නැවැත්විම ඇතුලු අන්තර්ජාලය ඔස්සේ සිදුවන විවිධ සමාජ විරෝධී ක්‍රියා නැවැත්විමේ අරමුණින් ලගදිම නව නිතී රජයෙන් හදුන්වාදීමට නියමිත බව ජාතික තරුණ සේවා සභාවේ සභා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකාවක වන ටෙහානි ඉමාරා පවසනවා.

ඉන්ස්ට්ග්‍රෑම් ඔස්සේ පැවති සජිවී සංවාදයකට එක්වෙමින් ඇය පැවසුවේ මෙම නිතී වලට අනුගත නොවන විඩියෝ දර්ශන සිය මිතුරන් සමග බෙදා ගන්නා සියලු දෙනාට දඩුවම් ලැබෙන ලෙස නව නිතී සම්පාදනය කර ඇති බවයි.
මෙම නව නිතී සැකසිම සදහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් කමිටුවක් පත් කලා.

ඊට ජාතික තරුණ සේවා සභාවේ සාමාජිකයින් , විජය පුවත්පත් සමාගමේ නියෝජිතයින් , Women in Need, Child Protection Force, iProbono සහ පවුල් සැලසුම් සංගමයේ නියොජිතයින් ඇතුලත් බව Daily mirror පුවත්පත වාර්තා කර තිබුණා.

ඔවුන් මේ වසර ආරම්භයේදී අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් හමුවී දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිසංස්කරණ සඳහා සිය යෝජනා ඉදිරිපත් කළ බව එම වාර්තාවේ සදහන්.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button