custom_html_banner1
දේශීය පුවත්

නව කොරෝනා ප‍්‍රභේදය නිසා යළි රටම වසා දැමීම පිළිබඳ සාකච්ඡා

custom_html_banner1
Spread the love

නව කොරෝනා ප්‍රභේද හඳුනා ගැනීම සහ ආසාදිතයන් සීඝ්‍ර ලෙස දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් රට පූර්ණ වශයෙන් වසා දැමීමක් (Lockdown) සිදු කරන්නේද යන්න හෙට දිනයේ සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව Sunday Times පුවත්පත වාර්තා කරනවා.

හෙට දින කොරෝනා මර්ධන ජාතික කාර්ය සාධක බලකායේ රැස්වීමක් පැවැත්වීමට නියමිත අතර එහිදී මේ සම්බන්ධයෙන් අවසාන තීරණය ගනු ඇති බවද එම වාර්තාවේ සඳහන් .

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ද සඳහන් කළේ රට පූර්ණ වශයෙන් වසා දැමීමක් (Lockdown) සිදු කිරීම පිළිබඳ තීරණයක් මෙතෙක් ගෙන නැති බවයි.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුවනු ඇති බව ඔහු පැවසුවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ද සඳහන් කර ඇත්තේ පවතින තත්ත්වය පිළිබඳව වසංගත රෝග විද්‍යා අංශය විසින් අධ්‍යනය කරමින් සිටින බවයි.

ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් නිර්දේශ කරනු ඇති බවද ඔහු සඳහන් කර ඇත.

මේ සම්බන්ධ පෙර පුවත පහතින්

custom_html_banner1

නව කොරෝනා ප්‍රභේදයක් මෙරට ප්‍රදේශ කිහිපයකින් හමුවේ

බ්‍රිතාන්‍ය පුරා ඉක්මනින් පැතිර යන B.1.1.7 නව කොවිඩ්19 වෛරස ප්‍රභේදය කොළඹ, අවිස්සාවේල්ල, බියගම සහ වව්නියාව යන ප්‍රදේශ වලින් ලබාගත් සාම්පලවලින් සොයාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර පවසනවා.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button