දේශීය පුවත්ප්‍රධාන පුවත්

”හරිම කණ’ගාටුදායකයි, අහඹු PCR වහාම නවත්වන්නැයි දැන්වුවා” – උපුල් රෝහණ

අද (29) උදෑසන වාර්තාවූයේ බස්නාහිරට ඇතුළුවන තැන් 12ක අහඹු පීසීආර් පරීක්ෂණ අරඹා ඇති කතාවකි.

නමුත් ඒ සමගම දිස්ත්‍රික්ක කිහිපයක සෞඛ්‍ය නිලධාරීන් වෙනදා කළ අහඹූ PCR පරීක්ෂණ වහාම නවත්වන්නැයි බලධාරීන් දන්වා තිබෙන බවද වාර්තා වේ.

මෙහි අරමුණ වාර්තාවීම් අවම කිරීම බව මහජන පරීක්ෂකවරුන් දන්වා සිටී.

රට ලොක්ඩවුන් කොට සමාජයේ සිටින සියලුම කොවිඩ් ආසාදිතයින් සොයා පරීක්ෂණ සිදුකළ යුතු පසුබිමක් පෙනි පෙනී තිබියදී එසේ කරනු වෙනුවට දැනට දිස්ත්‍රික්ක මට්ටමින් කරගෙන යන අහඹූ පීසීආර් පරීක්ෂණ වහාම නවත්වන්නැයි බලධාරීන් දන්වා ඇතැයි ද එය ඉතාම කණගාටුදායී තීරණයක් යයිද ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අද (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

ඒ සම්බන්ධයෙන් ඔහු මෙසේ කීය.

‘‘අද දිනය වෙද්දී ලංකාව ඉතාම භයානක තැනකට තල්ලු වෙලා තියෙනවා. අවදානම් තත්වය දවසින් දවස වැඩිවෙමින් එනවා. අපි බලාපොරොත්තුවෙනවා ඉදිරි දින කීපයේ මීටත් වැඩිවෙච්ච රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවෙයි කියලා. නමුත් කණගාටුදායි තත්වය අද වෙද්දි ලංකාවෙ දිස්ත්‍රික්ක කිහිපයකට දැනුම් දීලා තියෙනවා අහඹු පීසීආර් පරීක්ෂණ වහාම අත්හිටුවන්න කියලා.

දැන් මේ පවතින තත්වය හමුවේ පීසීආර් පරීක්ෂණ අත්හිටුවීම කියන එක තවත් මේ තත්වය තීව්‍ර කරන්න හේතුවෙන්න පුලුවන්. පීසීආර් පරීක්ෂණ සදහා අවශ්‍ය ද්‍රව්‍යවල හිගයක් හරි එහෙම ගැටලුවක් හරි තියනවා නම් සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා රටේ ජනතාව දැනුවත් කරන එකයි කළ යුත්තේ. එහෙම නැතුව පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව අඩු කරලා රටේ රෝගීන් අඩුවෙනවා කියල ජනතාව තුළ යම් සහනදායි මතයක් ඇති කළොත් ඒක තවත් මේ රෝගය පැතිරීම සදහා ඉවහල් වෙන්න පුළුවන් කියන එක තමා අපට අවධාරණය කරන්න තියෙන්නේ.‘’

courtesy to ‘ceylon24x7.com

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button