ප්‍රධාන පුවත්විදෙස් පුවත්

ඉන්දියානු කොවිඩ් වෛරසය රටවල් 17කට පැතිරිලා

ඉන්දියාව තුළ පැතිර ඇති කොවිඩ් -19 වයිරසයේ විකෘති ප්‍රභේදය අවම වශයෙන් තවත් රටවල් 17කට ව්‍යාප්තව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.

මෙම ප්‍රභේදයේ ආසාදිතයන් වැඩිපුරම හමුවී ඇත්තේ ඉන්දියාව, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ සිංගප්පූරුව යන රටවලින් බවද එම සංවිධානය පෙන්වා දෙයි.

සතිපතා සිදුකෙරෙන වසංගත විද්‍යාත්මක යාවත්කාලීන කිරීම පෙරේදා (27 වැනිදා) සිදුකරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අනාවරණය සිදුකළේය.

ඉන්දියාවේ පැතිර ඇති මෙම නව විකෘති කොරෝනා වයිරස ප්‍රභේද හඳුන්වා දී ඇත්තේ B1617 යනුවෙනි.

එම ප්‍රභේදය මුල් වයිරස ‘පිටපතට’ වඩා භයානක බවත්, එය වඩාත් වේගයෙන් සම්ප්‍රේෂණය වන හා වඩාත් මාරාන්තික ප්‍රභේදයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

නයන තරංග ගමගේ
Aruna.lk

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button