දේශීය පුවත්ප්‍රධාන පුවත්

අගමැති බිරිඳගේ මැදිහත්වීමෙන් ඇසක් ඉල්ලූ දහතුන් හැවරිදි ජීවන්තට ලොව දකින්න වරම් (VIDEO)

ගලෙන්බිදුනුවැව කලුගොල්ලෑගම ගම්මානයේ ජීවත්වන දෑස් නොපෙනෙන 13 හැවිරිදි ජීවන්ත රත්නායක නමැති දරුවාට අගමැති බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය මැදිහත් වි කොළඹට ගෙන්වාගෙන ප්‍රතිකාර ලබාදී එක් ඇසක පෙනුම ලබා දීමට කටයුතු කර ඇත.

මෙසේ පෙනුම ලැබුණු රත්නායක දරුවා රාජපක්ෂ මහත්මිය අරලියගහ මන්දිරයේ දී මුණ ගැසුණේය.

දෑස් නොපෙනෙන මෙම දරුවා ඇසක් ඉල්ලා කරන ලද ඉල්ලීමක් සමාජ මාධ්‍යයෙන් දැක ඇති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ එම දරුවා ගැන සිය මවට දැනුම් දී ඇත.දරුවාගේ මෙම ඉල්ලීම ගැන සං’වේදී වූ රාජපක්ෂ මහත්මිය දරුවා කොළඹට ගෙන්වා ගත්තාය.

පසුව දරුවා මෙරට ප්‍රසිද්ධ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයකුට යොමු කර ඇත. දරුවා විශේෂ වෛද්‍ය පරීක්ෂණ ගණනාවකටම යොමු කර ඇති එම විශේෂඥ වෛද්‍යවරයා බද්ධ කිරීමකින් තොරව එක ඇසකට පෙනීම ලබාදීමට හැකියාව ඇති බව රාජපක්ෂ මහත්මියට දැනුම් දුන්නේය. ඒ සඳහා දීර්ඝ කාලකාලීනව ප්‍රතිකාර ලබා දිය යුතු බවද ඔහු පැවසුවේය.

මෙහිදී ඊට අවශ්‍ය බරපැන දැරීමට ඉදිරිපත් වූ ශිරන්ති රාජපක්ෂ මහත්මිය දරුවා අගමැති නිල නිවසට ගෙන්වාගෙන පරීක්ෂණ සහ ප්‍රතිකාරවලට කඩිනමින් යොමු කළාය.

එම ප්‍රතිකාරවලින් පසුව රත්නායක දරුවාගේ එක් ඇසක පෙනුම සියයට 30ක් දක්වා මේ වන විට වර්ධනය වී ඇතැයි අගමැති කාර්යාලය සඳහන් කරයි.

courtesy to Newsi.lk

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button