custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

ජනප්‍රිය නළු ජනිත් වික්‍රමගේගේ අතගත් කියන සුරූපී රංගන ශිල්පිනිය – (PHOTOS)

custom_html_banner1
Spread the love

කවුරුත් හඳුනන ජනිත් වික්‍රමගේ කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය කඩවසම් රංගන ශිල්පියෙක්. ප්‍රවීන නළු නිලි දේපලක් වන ආනන්ද වික්‍රමගේ සහ මානෙල් වානගුරුගේ ආදරණීය වැඩිමහල් පුතණුවන් තමයි ඔහු. ඉතින් පසුගිය දවස් වල ඔහු ගැන වැඩි වශයෙන් කතා බහට ලක් වූයේ ඔහුගේ උපන්දිනය වෙනුවෙන් පැවැත්වූ ලේ දැන් දීමේ පිංකම නිසයි.

ඒ වගේම පුංචි තිරයට පෙම්වතා වගේම දඟකාර චන්ඩි චරිත වලින් දැකගන්න ලැබුණු ඔහුගේ ආදරණීය වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලයේ සැරි සරනවා. ඉතින් මේ වෙද්දී ඔහු යුග දිවියට පිවිසිලා කියලා එම වීඩියෝව නිසා සමාජජාල මාධ්‍ය පුරාම කතා බහක් නිර්මාණය වී ඇති අතර ඔහුට ගොඩක් රසික රසිකාවියන් සුබ පැතුම්ද එක්කොට තිබුණා.

ඉතින් කෙසේ වෙතත් මෙම වීඩියෝවේ සිටින සුරූපිනිය පිලිබඳව සමාජ මදයට නමක් හෝ කිසිම සදහනක් ඔහු එක්කොට තිබුනේ නැහැ. කෙසේ වෙතත් නිල නොලත් ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබෙන්නේ ඇය ලංකාවේ මේ වනවිට කා අතරත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් බවයි.

ඉතින් නිරන්තරයෙන්ම කළා තරුවල තොරතුරු ඔබ වෙත ගෙන එන නිසාම ඇය කවුද කියලා අපිටනම් හඳුනා ගන්න ලැබුණා. ඉතින් මුහුණේ හැඩරුව අනුව ඈ පහුගිය කාලයේ ‘රවණා’ ටෙලිනාටයේ මන්දෝදරී බිසවට රඟපාපු මදුෂානි පෙරේරා.

එහෙමත් නැත්තන් මේ දිනවල විකාශය වන ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයේ චානුගේ චරිතයට පණ පොවන්නේ ඇයයි. නමුත් මේ වෙද්දී ජනිත්නම් මේ පිළිබඳව කිසිම නිල ප්‍රකාශයක් සිදුකරලා නැහැ. ඉතින් පහතින් එම ජායාරූප කිහිපය නරඹන්න ඉතින් ඔවුන් විදිහට ලස්සනට ජායාරූප ගත කර තිබෙන්නේ V creation studio විසින්…..

 

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button