විදෙස් පුවත්

කමින්ස්ගේ මග යමින් බ්‍රෙට් ලීගෙනුත් ඉන්දියානුවන්ට ආධාර

කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් දැවැන්ත අර්බුදයකට මුහුණදී සිටින ඉන්දියාවට ඇමරිකානු ‍ඩොලර් 50,000 ක මුදලක් පරිත්‍යාග කිරීමට ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක පැට් කමින්ස් තීරණය කර තිබ‍ුණේ ඊයේ (27) දිනයේදීය. ඔහු ඒ පිළිබඳව ට්විටර් සටහනක් තබමින් ඔහුගේ හිත මිතුරන්ට සහ සමස්ත ලෝකටයම ආරාධනා කළේ ඉන්දියානුවන්ට උපකාර කිරීමට ඉදිරිපත් වන ලෙසයි.

අද දිනයේදී වාර්තා වී තිබෙන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු සුපිරි වේග පන්දු යවන්නෙකු වන බ්‍රෙට් ලී ද ඉන්දියානුවන් වෙනුවෙන් උපකාර කිරීමට ඉදිරිපත් වී ඇති ආකාරයයි. ඒ අනුව ඔහු ඉන්දියාවේ ප්‍රතිකාර ලබමින් සිටින කොවිඩ් රෝගීන් වෙනුවෙන් බිට්කොයින් එකක පරිත්‍යාගයක් සිදුකර තිබෙනවා. බිට්කොයින් එකක් යනු ආසන්න වශයෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ 40 ක පමණ මුදලකි.

පැට් කමින්ස් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින් මෙම මුදල පරිත්‍යාග කළ අතර ක්‍රීඩාවෙන් සමුගෙන සිටින බ්‍රෙට් ලී ද විස්තර විචාරකයෙකු ලෙස ඉන්දියාවේ සිටිමින් IPL තරගාවලිය හා එක්ව සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button