විශේෂාංග

නාමල් රාජපක්ෂ ආදරණීය බිරිදයි හුරතල් කේසර පුතු පැටියයි එක්ක කරපු අලුත්ම පුදුම හිතෙන දේ

ලිමිනි වීරසිංහ කියලා කියපු ගමන්ම ඇයගේ වග තුග හෝ රූපකාය එක වර ඔබේ මනසට නැගෙන්නේ නැති බව සහතිකයි. නමුත් නාමල් රාජපක්ෂගේ බිරිඳ කියලා කිවුවානම් ඇය ගැන බොහෝ දෙනෙක් උනන්දු වෙනවා නොඅනුමානයි. ඒ ඇය ඇමති බිරිඳක් පමණක් නොව අග්‍රාමාත්‍ය වරයාගේ ලේලියද වන නිසයි.

එපමණක් නොව මතු ඇය ජනාධිපති ආර්යාවක් වන්නටත් බැරි කමක් නැහැ. ඇත්තටම ඇයට ජනාධිපති ආර්යාවක් වීමට බලාපොරොත්තුවක් තියනවාද, ඉතින් මේ ගැන වගේම ඇයගේ පෞද්ගලික ජීවිතේ ගැනත් කතා කරන්න ක්‍රීඩා අමාත්‍ය සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ආදරණීය සුන්දර බිරිඳ ලිමිනි වීරසිංහ මැතිනිය පහුගිය දවසක සංවාදයකට එකතු වෙලා තිබුණා. මගේ පවුලේ හතරදෙනයි ඉන්නේ.

අම්මයි, තාත්තයි, මල්ලී, මමයි. අපි උස් මහත් උනේ ගම්පහ පැත්තේ හරි අපූරු ග්‍රාමීය වට පිටාවක. මම පාසල් ගියේ කොලඹ බිෂොප් විද්‍යාලයට. අපෙයි නාමල්ගෙයි පවුල් දෙක අතරේ ඒ කාලේ ඉදන්ම ඉතාම සමීප ඇසුරක් තිබුණා. ඒ නිසා කුඩා කාලයේ ඉදලාම නාමල් සහ මම අතරේ හොඳ යාළුකමක් තිබුණා.

නිරන්තරයෙන්ම කතා බහ නොකලට ඒ කාලේ ඉදලාම අපි හොඳ යාලුවෝ විදිහටයි දැනගෙන හිටියේ. ඉතින් ඒ නිසාම නාමල්ට ඕනේ උනා කිසිම විදිහකින් අපේ පවුල් වල අයට මේ සම්බන්ධය නිසා කිසිම හිත් රිදීමක් ඇති නොවෙන්න. ඒ නිසා ඔහුට ඕනේ උනේ මුලින්ම අපේ තාත්තාගෙන් කැමැත්ත ගන්න.

ඉතින් යෝෂිත තමයි ඒ කටයුත්ත කලේ. සරලවම කිවුවොත් අපි අතරේ තිබුන යාළුකම නිසා සහ අපි කාලයක් තිස්සේ එකිනෙකාව දැනගෙන හටපු නිසාම ගෙවල් දෙකේම කැමැත්ත ඇතිව මේ සම්බන්ධය ආරම්භ වුණා. ඉතින් කොහොම නමුත් නාමල් ජනතාවට කැබිනට් ඇමති කෙනෙක් උනාට මට හොඳ ස්වාමිපුර්ෂයෙක්, ඒ වගේම අපේ පුතාට හොඳ තාත්තා කෙනෙක්.

කොටින්ම කිවුවොත් අපේ පුංචි පවුල තුල නාමල් අපි දෙන්නට වීරයෙක්. ඉතින් මගේ එකම හීනේ අපේ පවුල තුල ආදරෙන් එකට එකතු වෙලා හැමදාමත් සන්තෝසෙන් ඉන්න කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුණේ.

Image Courtesy – Dharanee

Courtesy – Kotuwapaththare

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button