ගොසිප් පුවත්විශේෂාංග

‘කිරුළු දහසක් වෙනුවෙන් සිය කිරුළ කැප කළ’ කැරොලයින් ජූරිගෙන් විශේෂ ලිපියක්

කිරුළු දහසක් ආරක්ෂා කිරීමට එක් කිරුළක් ආයෝජයන කිරීමෙන් විලාසිතා සහ නිරූපණ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර වේදිකාවන් පවා නියාමනයට ලක් කිරීමට පෙළඹවිය හැකි නම් ඒ සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වයට ලොව ම ගරු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව හිටපු ලෝක විවාහක රූ රැජිණ වන කැරොලයින් ජූරි මහත්මිය පවසයි.

කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශ ලේකම් කේ.එම්.එස්.ඩී. ජයසේකර මහතා වෙත ලිපියක් යොමු කරමින් ඇය මේ බව සඳහන් කර තිබේ.

අදාළ ලිපියේ ඇය සඳහන් කරන්නේ, විලාසිතා සහ නිරූපණ ක්ෂේත්‍රයට රටේ බිම් මට්ටමේ පිළිගැනීම සහ විශ්වාසය දිනාගැනීමට නොහැකිව ඇති බවත් ක්ෂේත්‍රයට අදාළ නීති ප්‍රතිසංස්කරණය සහ සම්පාදනය කිරීම අත්‍යවශ්‍ය සහ ප්‍රමුඛත්වය ලබා දිය යුතු කරුණක් බවත් ය.

එමෙන් ම, දේශපාලනයට සම්බන්ධවීමට කිසිදු අපේක්ෂාවක් තමා තුළ නැති බවත් තමාගේ අරමුණ තත්ත්ව, තරාතිරම්, බෙදීම් සහ භේදවලින් තොරව සියලු ම කාන්තාවන් සඳහා සමාන සහ සාධාරණ වේදිකාවක් නිර්මාණය කිරීම බව ඇය අවධාරණය කරයි.

ඒ අනුව, ලෝකයේ පළමුවරට විලාසිතා සහ නිරූපණ ක්ෂේත්‍රය සහ තරග නියාමනයට ලක් කරන රටක් ලෙස ශ්‍රී ලංකාව ඉතිහාසගත වනු ඇති බව ද කැරොලයින් ජූරි මහත්මිය සිය ලිපිය මගින් පෙන්වා දෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button