දේශීය පුවත්ප්‍රධාන පුවත්

නව කොවිඩ් ප්‍රභේදය ගැන ගැබිණි මව්වරුන්ට අනතුරු ඇඟවීමක්

මේ වන විට පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය මෙරට ගැබිණි මව්වරුන්ට දැඩි බලපෑමක් එල්ල කරන බව ප්‍රසව සහ නාරි විශේෂඥ වෛද්‍ය මයුරමාන දෙවොලගේ මහතා ප්‍රකාශ කරනවා.

ඔහු පවසන ආකාරයට නව කොවිඩ් ප්‍රභේදය මගින් ගැබිණි මව්වරුන්ගේ පෙනහළුවලට දැඩි බලපෑමක් එල්ල කරනු ලබනවා ..

විශේෂඥ වෛද්‍යවරයා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වුයේ මෙලෙසින්…

“මේ අවස්ථාවේ ලංකාවේ පැතිරෙන කොවිඩ් වෛරසයෙන් විශේෂයෙන් ගැබිණි මව්වරුන්ට ආසාදනය වන තත්ත්වය වැඩි වෙලා තියෙනවා. ගොඩක් ගැබිණි මව්වරුන්ගේ රෝග ලක්ෂණත් වැඩි වෙලා තියෙනවා. පෙනහළු ආසාදිත තත්ත්වයන් අධික ලෙස ඉහළ ගිහින් තියෙනවා. දැනටත් දැඩිසත්කාර ඒකකවල ගැබිණි මව්වරුන් 3 දෙනෙකු වගේ ඉන්නවා. අපි කියන්නේ ගැබිණි මව්වරුන් හැම මොහොතකම උත්සාහ ගත යුතුයි මේ වෛරස් එක හැදෙන්නේ නැති වෙන්න ආරක්ෂාකාරිව ඉන්න. බැරි වෙලාවත් රෝග ලක්ෂණ තියෙනවා නම් ඉක්මණින් කොවිඩ් පරීක්ෂණයක් කරගන්න එක තමයි වඩාත් හොඳ.”

Colombo Times

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button