දේශීය පුවත්ප්‍රධාන පුවත්

රිෂාඩ් සහ රියාජ්ගෙන් ප්‍රශ්න කිරීමට දින 90ක්

අ’ත්අඩං ගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහ සහ ඔහුගේ සොයුරු රියාජ් බදියුදීන් මහතා දින 90ක් රඳවා තබාගෙන තවදුරටත් ප්‍ර’ශ්න කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

රිෂාඩ් බදියුදීන් මහතා සහ රියාජ් බදියුදීන් මහතා රඳවා තබා ගෙන ප්‍’රශ්න කිරීමට ගත් පැය 72ක රැඳවුම් නියෝගයේ කාලය අද (අප්‍රේල් 27) උදෑසනින් අවසන් වන බවත් ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කළ යුතුවීම හේතුවෙන් දින 90ක් රඳවා තබා ගැනීමට ත්‍ර ස්ත’වාදය වැළැක්වීමේ පනත යටතේ අද දිනයේ මෙලෙස රැඳවුම් නියෝගයක් ලබාගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

පාස්කු ප්‍’රහාරයේ ස්වයං ඝා’තකයි න්ට ආධාර අනුබල දීමේ චෝ’දනාව යටතේ පසුගිය අප්‍රේල් 24 වන දා අප’රාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍ර’ස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහ සහ ඔහුගේ සොයුරු රියාජ් බදියුදීන් මහතා අත්අ’ඩංගුවට ගනු ලැබීය.

තාරක සම්මාන්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button