දේශීය පුවත්ප්‍රධාන පුවත්

ගම්පහ, කළුතර සහ ත්‍රිකුණාමලය ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

ගම්පහ දිස්ත්‍රික්කයේ කොටදෙනියාව පොලිස් බල ප්‍රදේශයේ පොල්හේන, හීරලුගෙදර සහ කළුඅග්ගල යන ග්‍රාම නිලධාරී වසම් ද මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ අස්වැන්නවත්ත නැගෙනහිර යන ග්‍රාම නිලධාරී කොට්ඨාස ද අද (අප්‍රේල් 26) රාත්‍රී 8.00 සිට හුදෙකලා කරන බව යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

‘මව්බිම’ වෙබ් අඩවිය කළ විමසීමකදී යුද්ධ හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

තව ද කළුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ මිරිස්වත්ත ග්‍රාම නිලධාරී වසම සහ පැලවත්ත උතුර සහ පැලවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී කොට්ඨාස ද ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පූම්පුහාර් ග්‍රාම නිලධාරී කොට්ඨාසය ද අද රාත්‍රී 8.00 සිට හුදෙකලා කරනු ලැබේ.

මීට අමතරව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ද සති 2කට හුදෙකලා කරනු ලබන බව යුද්ධ හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ප්‍රියාශා හෙට්ටිහේවා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button