ගොසිප් පුවත්තරු හුට පටවිශේෂාංග

විවාහක රූ රැජන තරගාවලියේදී ‘නිශාදි හේමමාලිට’ අක්කා නිසා කැ පිල්ලක්

ඇය නමින් නිශාදි හේමමාලි පසුගියදා රටේම කතාබහට ලක්වුණු විවාහක රූ රැුජින තරගාවලියේ ඇයද එක් තරගකාරියක්. ඇත්තටම මේ තරගාවලිය පුරා කුමක්ද සිදු වූයේ කියන දේ ගැන සැබෑ තතු ඇය අපට වඩා හොඳින් දන්නවා ඇති. ඇත්තටම ඇය මොනවද කරන්නේ ඒ නිසාම අපි ඇයට කතා කළා.

නිෂාදි පසුගියදා නිමාව දුටු රූ රැුජින තරගාවලිය ගැන මොකද හිතන්නේ? 

මට ලැබුණු ප‍්‍රතිචාර හොඳයි. හැබැයි මම බලාපොරොත්තු වෙච්ච තැනට එන්න ලැබුණේ නැහැ. මගේ අරමුණක් තිබුණා මම මේ තැන ඉන්න ඕනෑ කියලා. නමුත් ඒක නම් සිද්ධ වුණේ නැහැ. ඒ හින්ද පැත්තකට වෙලා ඉන්නවා. සාමාන්‍යයෙන් අසාධාරණකම් සිද්ධ වුණා කියන දේ පොඞ්ඩක් තියෙනවා.

ඉඳලා ඉඳලා නේද නදීෂා හේමමාලිගේ නංගිත් රූ රැජිණ තරගාවලියකට සහභාගි වුණේ. එතැනත් ප‍්‍රශ්න ගොඩක් නේද? 

කලකිරීමක් නැහැ. සාමාන්‍යයෙන් පොඩි කැපිල්ලක් තිබුණා. අක්කා නිසාත් මට කැපිල්ලක් තිබුණා. නමුත් මම ඒකට එච්චර කලබල වෙන්න ගියේ නැහැ. මගේ දක්‍ෂතාවය මම උපරිමයෙන් ඉෂ්ට කළා. එතැන අක්කා නිසා මට ගොඩක් කෙනෙහිළිකම් කළා.

අක්කත් එක්ක තරහ අය එතැන හිටියාද? 

එතැන ගොඩක් හිටියා

අක්කත් එක්ක මේ ගැන කතා කළේ නැතිද? 

ඒ ගැන අපි හැමදාම කතා වෙනවනේ. සාමාන්‍යයෙන් මම ඒ අය එක්ක වැඩිපුර ගනුදෙනු කරන්නේ නැහැ. මම මගේ පාඩුවේ ඉන්නවා. අක්කත් කිව්වේ එහෙම අය ගණන් ගන්න එපා තමන්ගේ පාඩුවේ ඉන්න කියලා.

නදීෂා හේමමාලිගේ නංගි නිසා ඔයාට ර`ගපෑමට ආරාධනා නැතිද? 

ගොඩක් තියෙනවා. පසුගිය දවස්වල චිත‍්‍රපට කිහිපයකට වගේම ටෙලි නාට්‍ය කිහිපයකටත් මට ආරාධනා ලැබුණා. තවම ක්‍ෂේත‍්‍රයට එන්න පොඞ්ඩක් බයක් තියෙනවා. අනික එච්චර කැමැත්තක් නැහැ. මම ආස ක්‍ෂේත‍්‍රයෙන් තමයි ඉදිරියට යන්න කැමැති. හැබැයි මම ඉස්සරහට තෝරාබේරා ගෙන නිර්මාණ කිහිපයක ර`ගපාන්නත් ඉඩ තියෙනවා. කොහොමත් අක්ක වගේ සිනමාව පැත්තෙන් ඉදිරියට යන්න මම කැමැති නැහැ.

නිශාදි කැමැති ක්‍ෂේත‍්‍රය මොකක්ද? 

මම නිය අලංකරණ ශිල්පිණියක්. ඇත්තටම මට පුංචි කාලේ ඉඳන් ර`ගපෑමට ආරාධනා ලැබුණා. නමුත් මගේ හිතේ තිබුණේ වෙන මොනවා හරි දෙයක් කරන්න ඕනෑ කියන මතය. කසාද බැන්දට පස්සේ තමයි හිතුණේ මට මේ ගැන ඉගෙන ගන්න ඕනෑ කියලා. දැන් මම මගේම කියලා නිය අලංකරණ ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා.

අක්කගෙන් තමන්ට ලැබෙන්නේ මොනවගේ සහයෝගයක්ද? 

එයා මට වැඩිය ගොඩක් දැනුමක් තියෙන කෙනෙක්. මම කරන හැම දෙයක් ගැනම ඇයගෙන් අහනවා මට අත්දැකීම් ගොඩක් අඩුයි. එයා තමයි මට නියපොතු ගැන ඉගෙන ගන්න කියලා කිව්වෙත්.

අක්කා කිව්වේ නැතිද රගපාන්න එපා කියලා? 

ඇත්තම කිව්වොත් එයාගෙන් ලොකු කැමැත්තක් තිබුණේ නැහැ ර`ගපාන්න එනවාට. මොකද එයා මාව ගොඩක් ආරක්ෂා කළා. එයා මට කිව්වේ වෙන ක්‍ෂේත‍්‍රයකින් ඉදිරියට යන්න කියලා. ඒ වුණාට තෝරාබේරා ගෙන වැඩ කරනවාට කමක් නැහැ කියලත් කිව්වා.

ව්‍යාපාර වැඩවලට සැමියාගෙන් ලැබෙන්නේ මොනවගේ සහයෝගයක්ද? 

ඇත්තම කිව්වොත් මුල් තැන දෙන්නේ පවුලට. එයා තමයි මගේ පිටුපසින් ඉන්නේ. අංක එක මගෙක් සැමියා. මම අඩුවයසින් කසාද බැන්දේ. ඒ කාලේ ඉඳන් මගේ පියාත් සහෝදරයාත් සැමියත් ඔහුයි. අද මම යම් තැනක ඉන්නවා නම් ඒ හැම දෙයක්ම ලැබුණේ ඔහු නිසයි.

රූ රැජින තරගාවලියට යනවාට සැමියාගෙන් විරුද්ධත්වයක් තිබුණේ නැතිද? 

කොටින්ම තිබුණේ නැහැ. එයා නැතිනම් අද මට මේ මානසිකත්වයේ ඉන්නත් බැහැ. තරගය තිබුණ විදිහ හරි අසාධාරණයි. මගදීම ගොඩක් අය හැරිලා යන මානසිකත්වයක් තිබුණේ.

අවසන් මහා තරගයට රටේම අවධානය

යොමු වුණා. ප‍්‍රශ්න ගොඩක් ඉතුරු වුණා නේද? 

ලොකු කලකිරීමක් තියෙනවා. හැමදේම ලස්සනට වුණා. අන්තිම මොහොතේ මේ වගේ දෙයක් වුණ එක ගැන ලොකු කනගාටුවක් තියෙනවා. කැරොලයින් කරපු දේ ගැන සාධාරණත්වයක් තියෙනවා. හැබැයි ඔය හැමදේම ගැන ඒ ගොල්ලො දැනගෙන හිටියා. ඒ ගොල්ලන්ට මුලින්ම ඒ ගැන ක‍්‍රියාකරන්න තිබුණා. අන්තිම මොහොතේ කලබලවෙලා වැඩක් නෑ. ගින්න පත්තු වෙන්න කලින් ක‍්‍රියා කරන්න තිබුණ ඔය කියන දේවල් ගොඩක් ඒවා බොරු කලකිරීම් එමටයි.

ආපසු මේ වගේ රූ රැුජින තරගාවලිවලට ඉදිරිපත් වෙන්නේ නැතිද? 

ඇත්තටම නැහැ. නමුත් මම හිතන්නේ නැහැ ලංකාවේ මිනිස්සු මේ වගේ දෙයක් හරියට කරාවි කියලා. කවුරු කළත් මම ආයේ නම් මේ වගේ තරගාවලියකට ඉදිරිපත් වෙන්නේ නැහැ. මම හිතන්නේ අපේ කාලය ඉවරයි කියලා. ඉදිරිපත් වෙන කෙනෙකුට උදව් කරනවා.

ඉස්සරහට මොකද වෙන්නේ? 

ඇත්තටම නිර්මාණ රැසක් තියෙනවා. මම ඒවා තෝරාබේරා ගෙන කරන්න කැමැතියි. මම ආස තව තව ව්‍යාපාර ක්‍ෂේත‍්‍රවලට සම්බන්ධ වෙන්න.

දිනේෂ් විතාන

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button