දේශපාලන පුවත්දේශීය පුවත්

රන්ජන්ට ජනාධිපති සමාව – මස්සිනා FB සටහනක් තබා සතුට සමරයි

හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකු මෙන්ම සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නිදහස් වී නැවත් ගෙදර එන බව පවසමින් රන්ජන් රාමනායක හිටපු මංත්‍රීවරයාගේ මස්සිනා නිරන්ජන් අසෙරප්පා විසින් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ වීඩියෝවක් එක්කරමින් සටහනක් තබා තිබෙනවා.

එහි දැක්වෙන්නේ,

“රන්ජෝ උඹ ආයේ ලගදීම ගෙදර එනවා…ජනාදිපති ගෝටාභය රාජපක්ශ, අගමැති මහින්ද රාජපක්ශ, විපක්ශනායක සජිත් ප්‍රේමදාස, ඇමති නාමල් රාජපක්ශ ඇතුලු ඒ වෙනුවෙන් පක්ශ භේදයකින් තොරව කැපවු පක්ශ,විපක්ශ සියලු දෙනාට කෝටි ප්‍රකෝටි වාරයක් අපගේ ස්තුතිය..” යනුවෙනි.

කෙසේ වෙතත් මේ පිළිබඳව තවමත් ජනාධිපති ලේකම් කාර්යාලය මගි කිසිඳු නිල නිවේදනයක් හෝ ප්‍රවෘත්තියක් පල කොට නැති අතර, රන්ජන් රාමානායකගේ මස්සිනා විසින් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පලකර ඇති සටහනක් ආශ්‍රයෙන් උපුටා ගන්නා ලදී.

දැනට බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සමාව ලබාදෙන ලෙස ලිඛිතව ඉල්ලීමක් කළහොත් ඔහුට ජනාධිපති සමාවක් හිමිවීමට ඉඩ ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් පැවසෙයි.

රන්ජන් රාමනායකට ලබාදෙන සමාව සම්පූර්ණ සමාවක්ද කොන්දේසි සහිත සමාවක්ද යන්න මෙතෙක් තීරණය කොට නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(4) වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකාවේ අධිකරණයකදී කවර හෝ ව රදකට වරදකරු කරන ලද තැනැත්තකුට සමාව දීමේ බලය ජනාධිපතිවරයාට හිමිවෙයි.

රන්ජන් රාමනායක සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරමින් පවසා තිබුණේ ඔහුට සමාව ප්‍රදානය කරන ලෙසයි. ඒ සම්බන්ධයෙන් ලිඛිත ඉල්ලීමක් ලදොත් ඉන්පසුව ඒ ගැන සලකා බැලිය හැකි බව ජනාධිපතිවරයා විපක්ෂ නායකවරයාට දන්වා තිබිණි.

ඒ අතර රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසීමට ඇමැති නාමල් රාජපක්ෂ පසුගියදා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගියේය. එහිදී තමන් දෙන ලිපියක් ජනාධිපතිතුමාට බාරදිය හැකිදැයි නාමල් අමාත්‍යවරයාගෙන් රන්ජන් විමසා ඇත.

ඒ අවස්ථාවේ අමාත්‍ය නාමල් රන්ජන්ට කියා තිබුණේ එවන් ලිපියක් තමන් හරහා නොව බන්ධනාගාර බලධරයන් මගින් ජනාධිපතිතුමාට යොමු කරන ලෙසය.

Courtesy – Deshaya

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button