දේශීය පුවත්

නූගත් කම ප්‍රදර්ශනය කරමින් නුවරඑළිය දේශීය සංචාරකයින්ගෙන් පිරී යයි

කොවිඩ්-19 සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් මෙම සති අන්තයේ විනෝද චාරිකා නොගොස් නිවසට වී සිටින ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දී තිබිය දීත් අද(24) දිනයේ නුවරඑළියට විශාල දේශීය සංචාරකයින් පිරිසක් පැමිණ ඇති බව වාර්තා වේ.

නුවරඑළිය මහ නගර සභාව විසින් පවත්වන වසන්ත උදානයට සමගාමිව අද දිනයේත් තරග රැසක් පැවැත් වු අතර එම තරග නැරඹිමට විශාල පිරිසක් පැමිණ තිබේ.

නුවරඑළිය ග්‍රෙගරි වැව ආශ්‍රිතවද දේශිය සංචාරකයන් විශාල පිරිසක් රැඳී සිටින අතර නුවරඑළිය නගර සභා සීමාවේ පිහිටි නිවාඩු නිකේතන ද විශාල වශයෙන් දේශිය සංචාරකයන් නවාතැන් ගෙන සිටින බව වාර්තා වේ.

Image Courtesy – Aruna

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button