custom_html_banner1
ක්‍රීඩා පුවත්

දුෂ්මන්ත චමීර යෝග්‍යතා පරීක්ෂණයේ ඉහළින්ම – විවාහය නිසා කුසල් නෑ

custom_html_banner1
Spread the love

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා නම්කර සිටින 35 දෙනෙකුගෙන් සමන්විත ජාතික සංචිතය අද ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සඳහා පෙනී සිටි අතර ක්‍රීඩකයන් කිහිප දෙනෙකු හැර සෙසු සියලු දෙනා එම පරීක්ෂණය සමත්ව තිබෙනවා.

පරිසාධන මට්ටම ඉහළින්ම සමත්ව තිබෙන්නේ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරයි.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවති මෙම යෝග්‍යතා පරීක්ෂණයේදී කිලෝමීටර් දෙකක දුරක් මිනිත්තු 8.35 කදී දිවීමේ අභියෝගයට මුහුණදීමට සමත් විය.

ආබාධ හේතුවෙන් ධනන්ජය සිල්වා සහ අවිශ්ක ප්‍රනාන්දු මෙම පරීක්ෂණයට සහභාගි නොවූ අතර කුසල් මෙන්ඩිස් සිය විවාහ මංගල්‍යය හේතුවෙන් සහ ලහිරු තිරිමාන්න කොවිඩ් ආසාදිතය සිටින බැවින් යෝග්‍යතා පරීක්ෂණයට සහභාගි වී නොමැත.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button