දේශීය පුවත්විදෙස් පුවත්විශේෂාංග

කොරෝනා වෛරසය සීඝ්‍ර ලෙස වාතය හරහා සම්ප්‍රේෂණය වන බවට නවතම පර්යේෂණයකින් හෙළිවෙයි

කොවිඩ් වසංගතයට හේතු වන SARS-COV-2 වෛරසය මේ වන විට වාතය මගින් සීග්‍ර ලෙස සම්ප්‍රේෂණය වන බව අධ්‍යයන වාර්තා මගින් සාක්ෂි සහිතව තහවුරු කර ඇත.

බ්‍රිතාන්‍යයේ ලැන්සෙට් (Lancet fournal) වෛද්‍ය සඟරාව පසුගියදා මෙම අධ්‍යයන වාර්තා ප්‍රකාශයට පත් කර තිබේ.

එක්සත් රාජධානියේ, එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ප්‍රවීණ පර්‌යේෂකයන් කණ්ඩායමක් අදාළ අධ්‍යයනයන් සිදු කර ඇත.

මීට පෙර පසුගිය වසරේ (2020) ජුලි මාසයේ දී රටවල් 32ක විද්‍යාඥයන් 200කට අධික පිරිසක් ලෝක සෞඛ්‍ය සංවිධානයට විශේෂ ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර සිටියේ කොවිඩ් – 19 වයිරසය කුඩා අංශු ලෙස වාතය මගින් සම්ප්‍රේෂණය වී මිනිසුන්ට ආසාදනය විය හැකි බවයි.

මෙම අධ්‍යයන වාර්තා වල උදාහරණ රැසක් පෙන්වා දී ඇති අතර විශේෂයෙන්ම එක්සත් ජනපදයේ ‘ස්කනිට් කොයාර්’ (Skagit choir) සිදුවීමේ ආරම්භය සිදුව ඇත්තේ එක් ආසාදිත පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයන් 53 දෙනකුට ඉතා සීග්‍රයෙන් වෛරසය ව්‍යාප්ත වීමෙන් බව අනාවරණය කර තිබේ.

මෙම තත්ත්වය මත ගෘතස්ථ, වාතය සංසරණය වීම අඩු ස්ථාන වල වෛරසය පහසුවෙන් ව්‍යාප්ත වන බව තහවුරු කර තිබේ.

එම නිසා කැස්ස හෝ කිවිසුම් රෝග ලක්ෂණ නොමැති ආසාදිත පුද්ගලයන්ගෙන් රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවධානමක් පවතින බවත් ලොව පුරා දැන් නැවතත් මහා පරිමාණයෙන් ආසාදිතයන් වාර්තා වීමට මෙම නිහඬ සම්ප්‍රේෂණය ඉවහල් වී ඇති බවත් අනාවරණය වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button