custom_html_banner1
ක්‍රීඩා පුවත්

අපි එන්නේ ක්‍රිකට් හැකියාව නංවන්න මිස පරිපාලනයක් කරන්න නෙමෙයි – මුරලි

custom_html_banner1
Spread the love

ක්‍රිකට් තාක්ෂණ කමිටුව යනු මෙරට ක්‍රිකට් පරිපාලනය සමග ගැටෙන දෙයක් නොව එය සහමුලින්ම ක්‍රීඩාවේ දක්ෂතා නැංවීම අරමුණ කරගත්තක් යැයි අදාළ කමිටුවේ සාමාජික මුත්තයියා මුරලිදරන්අරුණ පුවත්පත සමග කල සම්මුඛ සාකච්ජාවකදී පවසා සිටිනවා. ඒ එම ක්‍රිකට් කමිටුවේ අනාගත ක්‍රියාත්මකවීම කෙබඳු දැයි කළ විමසුමකට පිළිතුරු වශයෙනි.

‘අපි කරන්නේ ක්‍රීඩාවක් හැටියට ක්‍රිකට් දියුණු කරන්න අවශ්‍ය අදහස් ලබාදෙන එක. ක්‍රිකට් පරිපාලනයත් මේ කටයුත්තත් වෙනස් කාරණා දෙකක්. අපි කරන්නේ රටේ ක්‍රිකට් හැකියාව වැඩි දියුණු කරන්න අවශ්‍ය කරන සැලසුම් ක්‍රිකට් පරිපාලනය වෙත යොමු කරන එක. ක්‍රීඩා ඇමැති සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් සමග පැවැති රැස්වීමෙදි අපි ඒ බව පැහැදිළිව ප්‍රකාශ කළා. එයට පූර්ණ සහයෝගය දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් එහිදී කියා සිටියා’ යැයි මුරලි පවසා සිටියේය.

‘මේ රැස්වීමට කුමාර් සංගක්කාර ආවේ නැහැ. ඔහු ඩුබායි සිට ඇවිත් නිරෝධායනය වෙනවා. ඉදිරියේදී කමිටුවක් හැටියට අපි එකතුවෙලා සාකච්ඡා කරලා වැඩපිළිවෙළක් සකස් කරනවා. මේ කිසිවක් එක රැයකින් කිරීමට හෝ එක රැයකින් ප්‍රතිඵල දැක්වීමට හැකි දේවල් නම් නොවෙයි’ යනුවෙන් මුරලි වැඩිදුරටත් පැවසීය.

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් වන අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාරගෙන් සමන්විතව, අදාළ ක්‍රිකට් තාක්ෂණ කමිටුව පිහිටුවනු ලැබූ අතර මේ සම්බන්ධයෙන් පෙරේදා (09දා) ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ සහභාගීත්වයෙන් රැස්වීමක් පැවැත්වුණි.

ඉන්ද්‍රජිත් සුබසිංහ – අරුණ

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button