ENTERTAINMENTගොසිප් පුවත්දේශපාලන පුවත්

කැරොලයින්ගේ කිරුළ අහිමිවීම ගැන රාජ්‍ය ඇමති පියල් නිශාන්තගේ හිත රිදිලා

“ලෝක විවාහක රූ රැජිණ තරගයෙන් රටට ඇති වූ අපකීර්තියට වගකියන්න කිසිවෙකුත් නොමැති වීම හේතුවෙන් මින් ඉදිරියේදී කාන්තාව මුල් කර ගනිමින් සිදු කරන වැඩසටහන් නියාමනය කරන,” බව කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (අප්‍රේල් 22) පස්වරුවේ කළුතර පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

“පසුගිය දිනවල කැරොලයින් ගැලවූ විස්සයි විස්ස කිරුළ අයර්ලන්තයට යන මැයෙන් පුවත් පළ වුණා. එයින් රටක් හැටියට ශ්‍රී ලංකාවට යම් මට්ටමකට අපකීර්තියක් ඇති වුණා. එහි වගකීම ගන්න දැන් කවුරුවත් නැහැ. කිරුළ අහිමි වීම පමණක් නොවෙයි, රටක් හැටියට නම පාවිච්චි කරලා සිදු කරපු වැඩක් නිසා අපකීර්තියක් ද ඇතිවෙලා. කිරුළ අහිමි වීම ගැන දුකක් නැහැ, අන්තිමට වුණේ අපිට කිරුළත් නැති නැතිවුණා. කීර්තියක් නැති වුණා.

අපි ඒ සංවිධානවලින් අහන්න කැමතියි කවුද රටට වන අපකීර්තිය සම්බන්ධයෙන් වගකීම ගන්නේ කියලා?

ඒ නිසා මින් ඉදිරියේදී කාන්තාව හා දරුවන් මුල් කර ගනිමින් රටට කීර්තියක් ගෙන දෙන පුද්ගලික වැඩසටහන්වලට ද සම්පූර්ණ සහය දෙන්න රජයක් විදිහට අපි කටයුතු කරනවා. ඒ වගේ ම, මින් ඉදිරියට එවැනි සිද්ධි ඇති නොවන්න අමාත්‍යාංශයක් හැටියට නියාමනයන් සිදු කරන්නත් අපි කටයුතු කරනවා.

ඒ නිසා, යම් කෙනෙක් මේ මින් අනතුරුව රටේ නම පාවිච්චි කරලා කාන්තාව හා දරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී යම් යම් නියාමනයකට ලක් කරන්නට අපට සිදු වෙනවා.

එපමණක් නොවෙයි, අද වන විට මෙවැනි සංවිධාන වගේ ම විවිධ විද්‍යුත් නාලිකා තුළ ටෙලිනාට්‍ය සහ විවිධ වැඩසටහන් තුළ කාන්තාව සහ ළමුන් හිංසනයට ලක් කිරීම වගේ ම අපයෝජනයට ලක් වන සිද්ධීන් ද සිදුවෙනවා. මෙවැනි දේවල් සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන්ගේ උපදෙස් ලබාගෙන යම් යම් නියාමන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නත් සිදු වෙනවා.”

සුමිත් රණවක – පොතුපිටිය
මව්බිම

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button